වැඩක් කරන්න කොහෙන්ද වෙලාවක්....
අවුරුද්දකට දවස් 365යි.. මේ මම කරන වැඩ ගැනම නම් නෙමේ.. ඒත් ඉතින් බලන්නකෝ ඔයාලත් මෙහෙමද වැඩ කරන්නේ කියලා...
දවස් 365යි
ඒකෙන් සෙනසුරාදා ඉරිදා දවස් තියනවා සතියට 2ක් ඒ කියන්නේ දවස් (52 * 2) = 104 ක් ඉවරයි
එතකොට ඉතුරු 365 - 104 = 261
ඔය 261 න් තියනවා පොය නිවාඩු නත්තල් අවුරුදු නිවාඩු මැයි දින ඔය ඔක්කොම තව 35ක් විතර..එතකොට ඉතුරු වෙන්නේ වැඩ කරන්න 261 - 35 = 226යි
ඔය 226න් ඉතින් දානේ ගෙවල් මගුල් ගෙවල් අසනිප එකි නොකි දේවල් වලට ගන්න නිවාඩු තැව 43ක් ද කොහේද තියනවානේ ඕකත් අඩු උනාහම
ඒ කියන්නේ 226 -43 = 183
මේ 183 නුත් තව දවස් 23 ක් විතර අතහරින්න වෙනවානේ හදිසි අවස්ථා වලට විදුලිය
ඇන හිටිම් ආයතනයේ උත්සව අවස්ථා වගේ දේවල් වලට එතකොට ඉතුරු 183 - 23 = 160
ඔය දවස් 160න් දවසකට පැය 24න් 8යිනේ වැඩ කරන්නේ.. ඒ කියන්නේ මුලු පැය 160 *
24 = 3840 න් අපි 160 * (24-8)ක්ම වැඩ කරන්නේ නැනේ.. ඒ කියන්නේ අපිට වැඩ
කරන්න තියෙන්නේ පැය 160 * 8ක් විතරයි ඒ කියන්නේ
160 * 8 = 1280 ක් විතරයි වැඩ කරන්න තියෙන්නේ..
ඔය පැය 1280න් දවසට පැයක් විතර කැමට ගන්නකොට තව පැය 160ක් විතර අත හරින්න
වෙනවා... ඒ වගේම උදේ හවස ටි ටයිම් එකටත් තව පැය 120ක් විතර අඩු කරන්න
වෙනවානේ
ඒ කියන්නේ 1280 - (160 + 120 ) = 1000 ක් විතරයි..
දැන් ඉතින් ඔෆිස් එකට ඇවිත් වල් පල් කථා කරන්නේ නැ කියන්න බැනේ.. ඔන්න එකටත් කොහොමත් පැය 200ක් විතරම අත හරින්න වෙනවානේ..
එතකොට ඉතුරු තව පැය 800යි..
ඔය පැය 800න් දැන් මේ අලුත් ලෙඩේ බ්ලොග් කියවන කමෙන්ට් කරන මුනු පොතේ ඉන්න
එකට තව පැය 200ක් විතර අවුරුද්දකට අපි වැය කරනවා කිවාට කවුරුවත් නැ කියන්නේ
නැනේ. ඔන්න එතකොට තව ඉතුරු වෙන්නේ පැය 600යි..
ඔය පැය 600නුත් අපි වැඩම කරනවද පුටුව උඩ නින්ද යන එකට ලොක්කාගෙන් බැනුම්
අහන එකට ඔය එක එක දේවල් වලට තව පැය 100ක් විතර ඉවරටම ඉවරයි..
ඔන්න පැය 500ක් ඉතුරුයි...
අපි ඕක වැඩ කරනවා කියලා කියමුද නැත්නම් අපි කරන තව වැඩ ඇඩ් කරමුද???
දවස් 365කටම අපි වැඩ කරන්නේ පැය 500ක් විතර ඒ කියන්නේ දවසකට විනාඩි 80ක් විතර..
මෙහෙම වැඩ කරන රටක් දියුනු වෙයිද???
ප.ලි : ඔන්න දේවා ඔහොම වැඩා කලා කියලා අපි නම් ඔහොම නැ කියන්න එපා මම ඉතින්
ගොඩාක් මගේ රැකියාවට ආදර්යි.. ගොඩාක් සෙනසුරාදා ඉරිදාත් මම වැඩ කරනවානේ
උපුටාගත්තේ දේවාගේ අඩවියෙන්.....
දේවාගේ අඩවිය