Comments

Saturday, January 14, 2012

ලිංගිකත්වය (Sexuality) - 02 කොටස - ලිංගික ගැටළු

Posted by at 12:37 AM Read our previous post
ප්‍රදීප්ගේ පිටුවේ වැඩිම දෙනෙක් කියවපු ලිංගිකත්වය ලිපියේ දෙවෙනි කොටස ලියනවා කියලා පොරොන්දු වුනානේ. ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි යන්නේ. පළවෙනි ලිපිය කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්නකෝ.

අද මම ලිංගිකව ඇතිවන ගැටළු (Sexual Disorders) කීපයක් කතාකරන්නයි උත්සාහ ගන්නේ. හැබැයි වරදවා වටහාගන්න එපා මේ 'ලිංගාශ්‍රිතව බෝවන රෝග' (Sexually Transferred diseases - STD) ගැන කතාකරනවා කියලා. ඒ ගැන ඕනතරම් මාධ්‍ය වල කතාබහ වෙන නිසා මම කතාතරන්නේ නෑ.

අපිට ලිංගික ගැටළු ප්‍රධාන කොටස් තුනක් යටතේ කතාතරන්න පුළුවන්.
01. ලිංගික වස්තු පිලිබ අක්‍රමතා (Disorders of sexual object)
02.ලිංගික ක්‍රියාව පිලිබ අක්‍රමතා (Disorders of sexual act)
03.ලිංගය හුනාගැනීමේ අක්‍රමතා (Disorder of gender identity)



ලිංගික වස්තු පිලිබ අක්‍රමතා
මේ යටතේ ලිංගික තෘප්තිය ලැබීම සහා භාවිතාකරන වස්තූන්ගේ අක්‍රමතා පිලිබව විස්තර කරනවා.

·       ලාංඡන භක්තිය (Fetishism) - ඒ කියන්නේ ලිංගික තෘප්තිය සහා අජීවී වස්තූන් (Fetish) භාවිතා කරන එක. සුලභම උදාහරණය තමයි යට ඇුම්. ඔයාලා අහලා ඇති යටඇුම් (විශේෂයෙන් කාන්තා නේවාසිකාගාර වගේ තැන්වල) නැතිවෙලා කියලා අහන්න ලැබෙනවා. මෙම අක්‍රමතාවය තියෙන අය ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව වෙනත් දේවල් (උදා: නිළ ඇුම්, විවිධ උපකරණ) භාවිතා කරන අයත් ඉන්නවා.

·       පාරවේශනත්වය (Transvestism)  - මේ අක්‍රමතාවයෙන් පෙළෙන අය කරන දේ තමයි විරුද්ධ ලිංගයේ අයගේ ඇුම් ඇලා ලිංගික තෘප්තියක් ලැබීම. විශේෂයෙන් මේ අයත් කාන්තා යට ඇුම් වගේ දේවල් තමන් ඇගෙන තෘප්තිමත් වෙනවා.

·       කුමරකාමය (Paedophilia)  - මේ අක්‍රමතාවය තියෙන අය ගැනනම් නිතර අහන්න ලැබෙනවා. ඒ තමයි කුඩා දරුවන්ගෙන් ලිංගික තෘප්තිය ලැබීම. මෙය නීතියට අනුව දරුණු අපරාධයක් විදියටයි ගනන් ගැනෙන්නේ.

·       සත්වකාමය (Zoophilia)  - මේ අක්‍රමතාවය තියෙන අය ලිංගික තෘප්තිය ලබන්නේ සතුන්ගෙන්. සුලභම උදාහරණ තමයි බල්ලන් සහ ගවයන්ගෙන් ලිංගික තෘප්තිය ලැබීම. මෑතකාලයේ මේ වගේ සිද්ධි කීපයක්ම වාර්තා වුනා. මෙයත් නීතියට අනුව දරුණු අපරාධයක්.



·       විපන්‍යකාමය (Necrophilia)  - ඒ තරම්ම සුලභ නැතිවුනත් මේ අක්‍රමතාවය තියෙන අයත් ඉන්නවා. මොවුන් ලිංගික තෘප්තිය ලබන්නේ මෘතදේහ සමග සංසර්ගයේ යෙදීමෙන්. ඉන්දික ෆර්ඩිනැන්ඩු මහත්තයාගේ 'කලම්බෝ කලම්බෝ' නාට්‍යයේ මේ ගැන බොහොම සංවේදී විදියට කතාකරලා තිබුනා.

ලිංගික ක්‍රියාව පිලිබ අක්‍රමතා
සාමාන්‍යයෙන් මිනිසුන් විසින් සිදුකරන ලිංගික ක්‍රියාවන්ට වඩා වෙනස් ක්‍රියාවන් වලින් ලිංගික තෘප්තිය ලැබීම මේ යටතේ වර්ග කරලා තියෙනවා.

·       ප්‍රදර්ශනකාමය (Exhibitionism)  - මේ වගේ සිද්ධි ගැනත් අපි අහලා තියෙනවා. තමන්ගේ ලිංගික අවයව (විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන්ට) ප්‍රදර්ශනය කරමින් ලිංගික තෘප්තිය ලැබීම තමයි ප්‍රදර්ශනකාමය කියන නමින් හුන්වන්නේ. මේකත් දරුණු අපරාධයක් විදියටයි ගනන් ගැනෙන්නේ.

·       දර්ශනකාමය (Voyeurism)  - මෙවැනි අක්‍රමතාවයක් තියෙන අය ලිංගික තෘප්තිය ලබන්නේ ලිංගික දර්ශන, විරුද්ධ ලිංගිකයන් ඇුම් මාරුකරන අවස්ථා ආදිය හොරෙන් බලාගෙන සිටීමෙන්. සමහර පුද්ගලයන් ඒ වගේ ආශාවන් තියෙන අයට තමන්ගේ හෝටල්කාමර, ඇුම් වෙළසැල් වල Fit-on rooms වගේ තැන්වල කැමරා හයිකරලා, නැත්නම් සිදුරු හදලා දීලා සල්ලි ගන්න අවස්ථා තියෙනවා. ලිංගික චිත්‍රපට වලට ඇබ්බැහිවීමත් දර්ශනකාමය යටතට දාන්න පුළුවන්.



·       පරපීඩාකාමය (Sexual Sadism)  - මේ යටතේ කතාකරන්නේ සහකරු වධයට ලක්කරමින් ලිංගික තෘප්තිය ලැබීම ගැනයි. සුලබව කතානොකලත් මේ තත්වය ගෙවල්වල දකින්න පුළුවන්. සමහර කාන්තාවෝ 'ඒ අපේ මහත්තයාගේ හැටි' කියලා හිතාගෙන මේ තත්වය කාටවත් හෙලිකරන්නේ නෑ.

·       ස්වපීඩාකාමය (Sexual masochism)  - ඒ කියන්නේ තමන්ම වේදනාවට පත්කරගනිමින් ලිංගික තෘප්තිය ලැබීම. මෙය ඒ තරම් දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් කලාතුරකින් මෙවැනි අය ඉන්න පුළුවන්.

ලිංගය හුනාගැනීමේ අක්‍රමතා
·       පාරලිංගිකත්වය (Transsexuals)  - මේ අක්‍රමතාවය තියෙන අය හැසිරෙන්නේ, අින්නේ පළින්නේ, කතාකරන්නේ විරුද්ධ ලිංගයේ අය හැසිරෙන විදියට. මේ කුඩා කාලයේදිම ඇතිවෙන්න පුළුවන් අක්‍රමතාවයක්. මෙවැනි අයට විවිධ සංස්කෘතීන් වල විවිධ මට්ටමේ පිලිගැනීම් ලැබෙනවා.



මේ හැම අක්‍රමතාවයකටම ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕන මේ තත්වය හුනාගැනීම. ගොඩක් වෙලාවට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ තමන්ටම තමයි. මොකද ඒක අතිශයින්ම පෞද්ගලික නිසා. නැත්නම් භාර්යාවට හරි ස්වාමියාට හරි මේ අසාමාන්‍ය හැසිරීම ගැන දැනගන්න ලැබෙන්න පුළුවන්. 

මේ වගේ දෙයක් වුනාම කරන්න තියෙන හොම දේ තමයි පිළිගත් වෛද්‍යවරයෙක් හම්බවෙලා ප්‍රතිකාර ලබාගැනීම. ලැජ්ජාවට කියලා ප්‍රතිකාර ලබානොගෙන හිටියොත් ඒක පස්සේ කාලෙක බරපතල තත්වයක් දක්වා වැඩිවෙන්න පුළුවන්.

අනිත් කාරණය තමයි මේ වගේ කෙනෙක් දැක්කොත් ගහලා එලවනවාට වඩා ප්‍රතිකාර වලට යොමුකරනවානම් තමයි වඩා හො. හැබැයි ප්‍රතිකාර කියලා පත්තරේ ලොකු අකුරින් දාන වෙළෙන්දන්ටනම් අහුවෙන්න එපා. පිලිගත් රෝහලකට යන්න. දැන් හැම මහරෝහලකම වගේ මානසික වෛද්‍යවරුන් ඉන්නවා. ඒ අය ඔයාට උදව්කරයි.

කලින් ලිපිය වගේම මේ ලිපියටත් විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයාගේ දේශනවල සාරය උපකාර වුනා. එතුමාටත් බොහොම පින්. එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් දවසක අළුත් මාතෘකාවක් ගැන කතාකරමු. හෝව්.... හෝව්.... යන්න කලින් කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.

21 comments:

  1. හ්ම්ම්ම් ගොඩක් දේවල් දැන ගත්තා... ස්තූතියි..

    ReplyDelete
  2. අනෙක් අයට කරදරයක් නැත්නම් මොන දේ කලත් කමක් නැහැ කියලයි මම නම් හිතන්නෙ.
    තමන් ජීවත් වෙන රට ඒ රටේ සංස්කෘතිය වගේ දේවල් ඕකෙදි බලපානව.
    අපේ රටේ මහ නරක දෙයක් ඇමෙරිකාව වගෙ රටක සාමාන්ය දෙයක් වෙන්න පුලුවන්.
    අනේ මන්දා මම ජීවත් වෙන රටේ නම් ඔය ප්‍රදර්ශනකාමය කියන එක හැම ගෑනියෙක්ටම තියෙනවද කියලා. කොටට ඇඳලා යනවා මදිවට සමහර එවුන් යටට ඇඳලත් නැහැ. ඕක ලංකාවෙ කලානම් පොලිසියෙ තමයි නවතින්න වෙන්නෙ.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි Senna. Anonymous ගේ අදහසටත් බොහොම ස්තුතියි....

    ReplyDelete
  4. ඵල...වටින ලිපියක්!

    ReplyDelete
  5. ස්තුතියි දැනුවත් කිරීමට..බොහෝ සංකූලතා කලින් හඳුනාගැනීමෙන් ප්‍රතිකාර කල හැකි බව දැන ගැනීමත් සතුටක්..ඒ ලාංකීය සමාජයේ මානසික රෝග වලට ඇති ආකල්ප නම් ඉතා ඉක්මනින් වෙනස් විය යුතුයි...

    ReplyDelete
  6. අදයි ආවෙ. ජූසි කතා නැතිව නියමාකාරයෙන්ම ලිංගිකත්වය ගැන කතාකරල තියනව.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. භයානකම පරපීඩා කාමයයි කුමාර කාමයයි තමයි

    ReplyDelete
  9. බොහොම ස්තුතියි Anonymous.

    ReplyDelete
  10. ප්‍රදීප් ..ඔබේ පිටුවට අදයි මම ආවේ ..ඇත්තටම ඔබ කරන්නේ සිංහල බ්ලොග් පරිශ්‍රය පරිපූර්ණ කිරිමක් ..ඔබේ ලිපි පෙලේ හැම ලිපියක්ම හරිම සාරවත් ..රසවත් .. මගේ සුබ පැතුම් ඔබට..

    ReplyDelete
  11. බොහොම ස්තුතියි මහේෂ්.... ඔයාගෙ බ්ලොග් එකත් මාර වටිනවා....

    ReplyDelete
  12. වටින විස්තරයක් යාළුවේ....

    ReplyDelete
  13. බොහොම ස්තුතියි ඔබ නොදු‍ටු ලොවක්...

    ReplyDelete
  14. ඔබ කියන මේ සමහර අක්‍රමිකතා සුව කල හැකි ඒවා කියාද ? මම හිතන්නේ ඔබ මේ ගැන තව දුරටත් සොයා බලන එක හොදයි. පුද්ගලයන් වෙනස් . ඔබේ අවශ්‍යතා සහ ඔබ සිතන පතන අන්දම හැමෝටම එහෙම වෙන්න ඕනේ කියල මම නම් හිතන්නේ නැහැ. මෙයින් කියවෙන්නේ නැහැ බාල අපචාර පුද්ගල අවශ්‍යතාවයක් කියල. මම කියන්නේ කාටවත් හිරිහැරයක් නැති සමහර දේවල් සුව කිරීමට යන්නේ ඇයි? එක ඒ පුද්ගලයාගේ කැමැත්ත. උදාහරණයක් විදිහට ඔබ අක්‍රමතාවක් විදිහට දක්වා ඇති "පාරලින්ගිකත්වය" ( මෙම නම අවේ කොහොමද කියල නම් මම දන්නේ නැහැ) Transexuality තුලින් කාටවත් කරදරයක් වෙනවා කියල මම හිතන්නේ නැහැ. පොඩ්ඩක් හිතන්න ඔබ පුරුෂයෙක් කියල. ඔබට තියෙන්නේ යෝනියක්. එතකොට ඔබට දැනේනේ කොහොමද ? මේ පුද්ගලයෝ මුළු ජීවිතකාලයටම ජීවත් වෙන්න වෙන්නේ මෙහෙම. ඉතින් තම ලිංගික අවයවය වෙනස් කරලා තමන්ගේ ජීවිතය ගත කරන එකෙන් කාටද වරදක් සිද්ද වෙන්නේ. ඔව් ඔබ කිව්වා ඇත්ත. ඉස්සර මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් මතුවුණ හොර දොස්තරලා දැන් රුපවාහිනියෙනුත් දැන්වීම් පල කරනවා. මේවට අහුවෙන මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. මගේ මතය කෙටියෙන් මෙහෙම ප්‍රකාශ කලේ මට ඇති අද්දැකීම් අනුව හා ඔබ සේම වෛද්‍ය උපදේශන සහිතවයි. සමස්තයක් විදිහට ඔබේ ලිපි සාර්ථකයි සහ මේවා පිළිබද කතා කිරීම අපේ සමාජයේ විය යුතුමයි යන්න මගෙත් අදහසයි.

    ReplyDelete
  15. බොහොම ස්තුතියි Denny. අපි එකිනෙකාගේ අදහස් වෙනස්. මමත් ඔයාගේ අදහසට එකගයි. කාටවත් හිරිහැරයක් නැති සමහර දේවල් සුව කිරීම අවශ්‍ය නෑ වගේම කවදාවත් තමන්ගේ කැමැත්ත නැතිව මේ දේවල් වෙන අයට වෙනස් කරන්නත් බැහැ. Transexuality වලදිනම් එයාලගේ ලිංගික අවයව නෙමෙයි වෙනස් වෙන්නේ. මම මගේ කලින් ලිපියේ ඒක පැහැදිලි කරලා තියෙනවා.
    http://pradeepot.blogspot.com/2011/12/sexuality.html

    “බොහෝදුරට පුද්ගලයකුගේ කායික ලිංගිකත්වය සහ මානසික ලිංගිකත්වය සමානයි. නමුත් සෑම 10000ටම එක්කෙනෙක් තමන්ගේ කායික ලිංගිකත්වයට වඩා වෙනස් මානසික ලිංගිකත්වයක් දරනවා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්නම් තමන් ගැහැණු කෙනෙක් කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒකට කියන්නේ 'පාරලිංගිකත්වය' කියලා.“

    බොහොම ස්තුතියි අදහසට...

    ReplyDelete
  16. මං දකින විදියට පරපීඩා කාමය එතරම් භයානක දෙයක් නෙමෙයි,දෙන්නෙක් අතර අවභෝදය මත යම් තාක් දුරකට යන්න පුළුවන්,මගේ අදහස නම් මෙව්න්දමේ යෙදෙන විට කරන සිරීම්,හැපීම් වගේ දේවලුත් මෙතනට අයිති වෙනවා මොකද එකෙන් අනිත් කෙනාට වේදනාවක් එන නිසා,නමුත් අනිත් අතට එය උත්තේජනයක්ද වෙන්න පුළුවන්..
    පාරලිංගිකත්වය මං ඉන්න රටේ රෝගයක් විදියට ගණන් ගන්නේ නැහැ,සමලින්ගිකයින්ට මෙහෙ සම තැන් ලැබෙනවා සාමාන්‍ය පුද්ගලයෙකුට වගේම.ගැහැණු වගේ ඇඳුම් විතරක් නෙමයි උඩුකය පෙනුම පවා සැත්කම් සහ හෝර්මෝන වලින් වෙනස් කරගත් පිරිස් සුලභව දකිනවා.. shemale හෝ ladyboys යනුවෙන් හඳුන්වන ඔවුන්ගෙන් බොහොමයක් ගණිකා වෘතියේ යෙදෙනවා..

    ReplyDelete
  17. නියමයි සර් දිගටම කරෙගෙන යන්න :)

    ReplyDelete
  18. normally i like anal sex with my wife, my wife also doesn't matter with that is it some sort of problem of me ?

    ReplyDelete
  19. mama kellek bt mm asay kollek wage inna, katha karanna, aedum adinna.mama mekaa mokada karanne?

    ReplyDelete
  20. Godak hondai..me widiyata minisunwa danuwath karana eka.thawath sawistharathmakawa me gana danawanam godak hondai..adala ayata prathikara gannath ekka.

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template