Comments

Saturday, July 14, 2012

හැමදාම සතුටින් ඉන්න කැමතිද...? යහපැවැත්ම සඳහා කරුණු පහක්...

Posted by at 11:37 PM Read our previous post
සයිබරයේ අපේ රේඩියෝව... බස් රේඩියෝ පළවෙනි සංවත්සරේ වෙනුවෙන් සංවිධානය කරපු බස් රේඩියෝ බ්ලොග් සතියේ අන්තිම දවසේ අන්තිම හෝරාව. බ්ලොග් සතිය වෙනුවෙන් ප්‍රදීප්ගෙ පිටුවේ ලියවෙන දෙවෙනි සහ අන්තිම පෝස්ට් එක තමයි මේ. පළවෙනි පෝස්ට් එක මතකයිනේ. මගේ පොර ටෝක් එක. 

යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්න එක අපි හැමෝටම වැදගත්. අපේ පුද්ගලික ජීවිතය සාර්ථකව පවත්වාගන්න වගේම රටේ දියුණුවටත් ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි මේ දවස් වල අහන දකින දේවල් බලනකොට පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි ජනතාවගේ මානසික අසහනය ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියන එක. ඒ අසහනය පිටතට පෙන්වන අවස්ථා තමයි අපිට නිතරම දකින්න ලැබෙන්නේ. ඒකට මූලික හේතුවක් තමයි භෞතික සංවර්ධනයත් එක්ක අපේ මානසික නිදහස නැතිවෙලා හැල්මේ දුවන සමාජ රටාවක් ඇති වී තිබීම.



උඩුගං බලා යාම ටිකක් අමාරු වුනත් අපි උත්සාහ කරමු යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගන්න කරන්න පුළුවන් පුංචි දේ හරි කරන්න. එතකොට අපේ හිතට පුංචි හරි නිදහසක් ලැබෙයි. මං පහුගිය පෝස්ට් එකෙන් කිව්වනේ ජීවිතයට වැදගත් කරුණු මේ පිටුවෙ ලියනවා කියලා. මේ පළවෙනි එක. කරුණු පහක්. කියවන්න. ධාරණය කරගන්න. ඒ අනුව හැසිරෙන්න...

01.                      යහපත් සමාජ සම්බන්ධතා පවත්වාගන්න.
a.     මිතුරන් සහ ඥාතීන් සමග ඇතිවන ගැටළු වගේම හො දේවල් සාකච්ඡා කරන්න. ඒ අයගේ හොඳ දේවල් වලට ගරු කරන්න. ප්‍රශංසා කරන්න. ජයග්‍රහණ අගය කරන්න. පරාජයන් වලදී උදව් කරන්න. ගැටළු සුහදව විසඳගන්න.
b.     අමුත්තන්ට සිනාවකින් සංග්‍රහ කරන්න. අද අමුත්තන් හෙට සමීපතමයන් වියහැකි බව මතක තබා ගන්න.



02.                        විනාශකාරී හැඟීම් පාලනය කරන්න.
a.     හැඟීම් වලට ගරු කරන්න. ආදරය, කරුණාව, වෛරය, සතුට, දුක වගේ හැඟීම් අපි හැමෝටම පොදු බවත්, ඕනෑම අයෙකුට එවැනි හැීම් ඇති විය හැකි බවත් පිළිගන්න.
b.     අහිතකර හැඟීම් පළවා හරින්න. ඔබට අහිතකර හැඟීමක් පහළ වූ විට එය හඳුනාගන්න. ඒ මොහොතේම එය පළවා හරින්න.
c.      හැඟීම් වලට වහල් වී අන් අයට හිරිහැර කිරීමෙන් වලකින්න.



03.                         ඔබගේ ශරීරය පිළිබඳ සැළකිලිමත් වන්න.
a.     කායිකව ක්‍රියාකාරී වන්න. දෛනිකව විධිමත් කායික ව්‍යායාම වල නිරත වන්න.
b.     සෞඛ්‍යවත් ආහාර ගන්න. ශරීරයට හිතකර ආහාර පමණක් ගන්න. පමණ ඉක්මවා හෝ අනවශ්‍ය වේලාවල් වල ආහාර ගන්න එපා.
c.      දුම්පානය සහ මත්ද්‍රව්‍ය වලින් වලකින්න.



04.                        පරිසරය සමග මිතුරු වන්න.
a.     උද්‍යානයක, සුන්දර පරිසරයක හෝ ගෙමිදුලේ ඇවිදීමට කාලයක් වෙන් කරගන්න. සතියකට වරක්වත් පරිසරය රස විින්න.
b.     පැළයක් සිටුවා ආදරයෙන් රැකබලාගන්න. එයට අවශ්‍ය පොහොර ජලය ලබා දෙන්න. එය ඵල දරන අයුරු දකින්න.
c.      සුරතල් සතකු ඇති කරන්න. ඌට අවශ්‍ය ආදරය ලබා දෙන්න. රැක බලාගන්න.



 


05.                        තමා පිළිබ අවබෝධයෙන් සිටින්න.
a.     ගැටළු විසඳීමේදී මැදහත්ව සිතා බලන්න. සෑම ගැටළුවකම තමන් දකින පැත්තට වඩා වෙනස් පැති එකක් හෝ කිහිපයක් ඇති බව තේරුම් ගන්න. හැමවිටම සාධාරණ වීමට උත්සාහ ගන්න.
b.     සෑම දිනකම ජීවිතයට අළුත් යමක් ඉගෙන ගන්න. මගතොටේදී හමුවන අමුත්තන් සහ පරිසරය ඔබට උගන්වන පාඩම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. සෑම විටම නව දැනුම සහා ඔබේ ජීවිතය විවෘත කොට තබන්න.








මේ කරුණු පහ හොයාගත්තේ මීට අවුරුදු දෙකකට කලින් 2010 ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මම පරිවර්තනය කරපු පත්‍රිකාවකින්. මට මතක විදියට මුල් ලේඛනය බ්‍රිතාන්‍යයේ පළවුනු පත්‍රිකාවක්. කොහොම වුනත් මේ කරුණු ටික බ්ලොග් ලියන කියවන කාටත් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් ගිහින් එන්නම්.



බස් රේඩියෝ සම්මාන උළෙල සහ බස් රේඩියෝ බ්ලොග් සතිය

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk



14 comments:

  1. සතුටින් ඉන්න අකමැති කෙනෙක් නම් කවුරුවත් නැති වෙයිනේ....වෑදගත් කරුනු ටිකක්.. සමහර ඒවා කරන්නේ නැ මමත්... ඒවා පටන් ගන්න වෙනවා
    ජය

    ReplyDelete
  2. (අය්යා රටෙ දියුනුව කියන්ඩ එපා.අශ්චර්ය ට කියලා කියන්ඩ) අද අමුත්තන් හෙට සමීපතමයන් වියහැකි බව සෑම විටම නව දැනුම සඳහා ඔබේ ජීවිතය විවෘත කොට තබන්න........................සෑම ගැටළුවකම තමන් දකින පැත්තට වඩා වෙනස් පැති එකක් හෝ කිහිපයක් ඇති බව තේරුම් ගන්න........මෙ අන්තිම කාරන මම තදින්ම ව්ස්වස කරන ඩෙයක්.නමුත් මගෙ යලුවො කියනව මම එ නිස ගොඩක් ඩෙවල් සෑක කරනව වෑඩි කියලා.

    ReplyDelete
  3. බොහොම වටින ලිපියක් මචං..අනුගමනය කරන්න අමාරු දේවල් කිසිම දෙයක් මෙතන නෑ..හිත ඇත්නම් පත කුඩාද කියලා කරලා බැලිය යුතු දේවල් තමයි තියෙන්නේ

    ReplyDelete
  4. බොහොම වැදගත් ලිපියක් අයියේ....!!අනිවා මේ ටික පිළිපදිනවා ඔන්න නාඩියානම්! ;)

    ReplyDelete
  5. හැමදාම සතුටින් ඉන්න කව්ද අකමැති?
    සිරා වැදගත් ලිපියක් අයියේ..
    ජයවේවා!!!!!

    ReplyDelete
  6. හ්ම්ම්..අපූරු කරුණු ටික..

    ReplyDelete
  7. පරිසරය සමග මිතුරු වන්න.
    a. උද්‍යානයක, සුන්දර පරිසරයක හෝ ගෙමිදුලේ ඇවිදීමට කාලයක් වෙන් කරගන්න. සතියකට වරක්වත් පරිසරය රස විඳින්න.
    b. පැළයක් සිටුවා ආදරයෙන් රැකබලාගන්න. එයට අවශ්‍ය පොහොර ජලය ලබා දෙන්න. එය ඵල දරන අයුරු දකින්න.
    c. සුරතල් සතකු ඇති කරන්න. ඌට අවශ්‍ය ආදරය ලබා දෙන්න. රැක බලාගන්න.

    ඔය් ටික මම කොරන්නෙම නැහැනේ බන් , ඔක්කටම කලින් කාමරෙන් එලියට බහින්නේත් නැහැ :D

    ReplyDelete
  8. හෑමදාමත් වගේම ව්ටිනා අදහසක් ලියපු එක ගෑන ස්තූතිය මගෙන්..ඇත්ත කතාව අයියා අපි ජීවීතය විදින්න පුලුවන් වෙන්න ඔන.ඒක අපි කලොත් අපේ ජීවීත හුගක් ලස්සන වෙනවා.ඒ වගේම වෑටුනු මිනිහෙක්ට ආයේත් නෑගිටින්න අපි උදව් කලොත් අපි ලබන සතුට හුගක් වෑදගත් වෙනවා...මොකද මගේ ආදර්ශ පාධය වෙන්නේ

    මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන එක නිසා

    ReplyDelete
  9. නියම ලිපියක්. ගොඩාක් වටිනවා. ඒත් කරන එක තමා අමාරු

    ReplyDelete
  10. අනිවාර්යයෙන්ම වටිනා කියන කරුණු 5 ක්

    ReplyDelete
  11. ගොඩාක්ම වටිනා ලිපියක්...

    ReplyDelete
  12. ඔන්න මමත් ආවා

    ReplyDelete
  13. ඇවිදින්න මිදුලකුත් නැහැ තට්ටු ගෙදර සුරතල් සතෙක් ඇති කරන්නත් බැහැ.. හැබැයි අනිත්වා නම් සේරම වගේ කරනවා.. ;)

    ReplyDelete
  14. ගොඩාක් වටිනා කරුණු ටිකක් මචං එල ..:)

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template