Posted by Pradeep Gunarathna at 12:38 AM
Read our previous post
ලේඛනය, එහෙමත් නැත්නම් ලිවීම ඈත අතීතයේ ඉඳලාම ලෝකය පුරාම තිබුනු
දෙයක්. වාචික සන්නිවේදනයේ ඉඳලා ලිඛිත සන්නිවේදනයට එනකොට අපි සංකේත
භාවිතා කරන්න පටන්ගත්තා. ඒ විදියට පළවෙනි සංකේතය ලියවුනු දවසේ ඉඳලා අපි ඒ ලියන දේවල්
කියවනවා. කියවලා තේරුම් ගන්නවා. ලිවීම, කියවා තේරුම් ගැනීම කියන දේවල් උසස් මානසික
ක්‍රියාකාරකම් (Higher Brain
Functions). ලියන්න කියවන්න නම් යහපත් බුද්ධි මට්ටමක්
තියෙන්න අවශ්‍යයි. ඒ මට්ටමට බුද්ධිය වර්ධනය වුනු කාලෙ ඉඳලාම මිනිස්සු ලියන්න
කියවන්න ගත්තා කියලයි ඉතිහාසය කියන්නේ.
13 වෙනි සියවසේදි චීන්නු පැපිරස් කඩදාසි
හොයාගන්න ගොඩක් කාලෙකට ඉස්සර ඉඳලා අපේ රටෙත් ලේඛන කලාවක් පැවතුනා. ක්‍රි.ව. 102-103 වලගම්බා
රජතුමාගෙ කාලෙ මාතලේ අළුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ
කලේ තල්පත් වල. පස්සෙ කාලෙක මේ විදියට ලියපුවා එකතු කරලා පොත් හදන්න මිනිස්සු
පටන්ගත්තා. ඒ විදියට ලේඛණය දියුණු වෙද්දි පොත් දැනුමේ කේන්ද්‍රය බවට පත් වුනා.
දැනුම ගබඩා කරන්න ටෙරා බයිට් වල මෙමරි කාඩ් නොතිබුනු යුගයේ දැනුම ගබඩා කලේ පොත්
වල. දැනුම විතරක් නෙමෙයි කටින් කට පැවතගෙන ආපු සාහිත්‍යය තැන්පත් කරන්නත් පොත්
භාවිතා වෙන්න පටන්ගත්තා.
අතීතයේ ලංකාවේ දැනුම බෙදාහරින මූලස්ථානය
වුනේ පන්සල. පන්සල් ආශ්‍රිතව පිරිවෙන් විශ්විද්‍යාල බිහිවෙද්දි දැනුම ගබඩා වුනු
පොත් ගබඩා කරන්න "පොත් ගුල්" නිර්මාණය වුනා. පොත්
ගුල් සංකල්පය අනුරාධපුර පොළොන්නරු යුග දක්වාම අතීතයට යන සංකල්පයක්. ගමේ දරුවන්ට
භාෂා ඥානය, දැනුම ලබාදුන්නේ මේ පොත් වලින්. අපේ පුරාණ ප්‍රාථමික අධ්‍යාපන මෙවලම්
වුනේ ගණ දෙවි හෑල්ල, වදන් කවි පොත, බුඞගජ්ජය, (බුද්ධගච්චය කියලා අපේ බ්ලොග් ලියන කෙනෙක්
ලියලා තියෙනවා මම දැක්කා.) සකස්කඩය, නම්පොත, මඟුල් ලකුණ වගේ පොත්. මේ
පොත් වලින් භාෂා ඥානය වගේම ආගමානුකූල හැසිරීම, හොඳ සිරිත් වගේ දේවල් දරුවන්ට කියා දුන්නා. බලන්න මේ
උදාහරණ:
අ වන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොළස සොරකුරු පෙළ වදනින්
ක යන එපස් වග යානව වදනින්
මෙ වන සුතිස් දනු හසකුරු වදනින්
‘අ’යන්නෙන් පටන්ගෙන අඃ යන්න දක්වා ඇති අකුරු 16 ස්වර
අක්ෂර වේ. ‘ක’ වර්ගය ආදී වර්ග පහද, ‘ද’ යන්න ආදී කොට ඇති අකුරු 9ද යන 34 ගාත්‍රාක්ෂර
නම් වේ.
-
වදන් කවි පොත
13
වැඳලා දෙවියන් පොත අරගන් නේ
යැදලා ගුරුනුත් සිත නොතලන් නේ
සකලා ශිල්පය මට සෑදෙන් නේ
දැකලා ගණ දෙවි නුවණක් දෙන් නේ
-
වදන් කවි පොත
42
මේ පොත්ගුල් එක්කම පොත් වලට ගරු කරන
සංස්කෘතියක් බිහි වුනා. පොත පතට ගරු කරන්න මිනිස්සු පෙළඹුනා. පොත්, දැනුම දේවත්වයේ
සළකන්න පටන්ගත්තා. පුස්තකාල සංකල්පයක් විදියට සමාජය පිළිගත්තා. පුස්තකාල පීරලා
දැනුම හොයපු අයගෙන් සමාජයට ලොකු සේවයක් වුනා. දැනුමෙන් සන්නද්ධ සමාජයට බොරු කරන්න
බැරිවුනා.
නමුත් පස්සෙ කාලෙකදි ඒ සංස්කෘතිය නැති වෙලා
ගියා. පොත් වලට ගරු කරන සමාජය වෙනුවට බේතකටවත් පොතක් කියවන්නේ නැති කණ්ඩායමක් බිහි
වුනා. ඒ එක්කම භාෂා දැනුම, සංස්කෘතික දැනුම, ඉතිහාසය පිළිබඳ අවබෝධය, සාහිත්‍යය සහ
කලාව ගැන අවබෝධය එන්න එන්නම අඩුවුනා. සමාජය සංකීර්ණ වෙද්දි අපෙන් ගිලිහිලා ගිය හොඳ දේවල් අතරට කියවීමත්
එකතු වුනා.
ඒ එක්කම පුස්තකාල වලට තිබුනු වටිනාකම නැති
වෙලා ගියා. පුස්තකාලයට තිබුන තැන නැතිවුනා විතරක් නෙමෙයි, පුස්තකාල විනාශ කිරීමත්
අපේ ඉතිහාසයට එකතු වුනා. 1980 යාපනයේ සංවර්ධන සභා මැතිවරණයට මුවාවෙලා සමහරු
ආසියාවේ හොඳම පුස්තකාලයට
ගිණි තියලා විනාශ කලා. ඒ ගිණි තැබීම කියවීම වටිනා බව දැනගෙන හිටපු දෙමළ වගේම සිංහල
විද්වතුන් තුල විශාල කම්පනයක් ඇති කලා. එම්. ඒ. නුහ්මාන් කියන දෙමළ ලේඛකයා යාපනය
පුස්තකාලයට ගිණිතැබීම දැක්කේ මේ විදියට.
- බුදුන් ඝාතනය
කිරීම –
බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළගම
රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
‘මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහෙම ?’
කිපී ගුගුළහ
‘නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’
පිළිවදන් දෙති
‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැගවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය
දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත.

බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළගම
රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
‘මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහෙම ?’
කිපී ගුගුළහ
‘නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’
පිළිවදන් දෙති
‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැගවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය
දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත.

ඔය විදියේ සංකීර්ණ ගමන්මගක් දිගේ ආපු අපේ
පොත් සංස්කෘතිය දවසෙන් දවස වලපල්ලට යද්දි තාක්ෂණය ඒ හිස්තැන පුරවන්න පටන්ගත්තා.
රූපවාහිනියෙන් පටන්ගත්ත ගමන අන්තර්ජාලය දක්වා විවිධ මංමාවත් ඔස්සේ ඇදී ගියා. දැනුම
අන්තර්ජාලයට අන්තර්ගත වුනා. නමුත් සංස්කෘතිය, කළාව, සාහිත්‍ය තාක්ෂණයට අනුව
හැඩගසාගන්න බැරිවුනා. පොත් පත් එක්ක ආපු සංස්කෘතිය එතනම නතර වුනා. සාහිත්‍යය නතර
වුනා. ඒ නිසා අපි කොයිතරම් දැනුමත් එක්ක හිටියත් මොකක්දෝ හිස් බවක් අපිව වට කරගෙන
හැසිරෙන්න පටන්ගත්තා. ඊයෙ පෙරේදා සඳකිඳුරා ලියලා තිබුන
විදියට අපි අපේ ජීවිතේ නිදහස නැතිකරගෙන. කොයිතරම් දැනුම, තාක්ෂණය අත ළඟ තිබුනත් අපි
තෘප්තිමත් නැහැ. ඒ කොළඹ ජීවිතේ...
නමුත් ඒ තාක්ෂණය තියා අපේ භාෂාව, සංස්කෘතිය,
සාහිත්‍ය, කළාව පෝෂණය කරපු පොත්පත්වත් නොලැබෙන ගම්මාන කොයි තරම් තියෙනවද? අපි අපේ
උවමනාවෙන් නැති කරගත්ත කියවීම වගේ දේවල් ඒ ගම්වල ඉන්න දුවාදරුවන්ට දෙන්න
පුළුවන්නම් කොයිතරම් දෙයක්ද? මේ අවුරුද්දේ බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර
වරඩසටහන සැළසුම් වෙන්නේ ඒ වෙනුවෙන්. පොත් නැති පුස්තකාල ගොඩනැගිල්ලක් තියෙන අම්පාර
දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ
දරුවන්ගේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කරන්න. වැඩසටහනේ තේමාව තමයි "දැනුමැති සමාජයක්
උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!"ඒ ගැන විස්තර බ්ලොග් අවකාශයේ මිතුරෝ නිලබ්ලොග් අඩවියෙන් ලබාගන්න පුළුවන්. පොත් ලබා දෙනවනම් පාසල් දරුවන්ට වැදගත් වෙයි
කියලා හිතන පොත් එකක් හරි කිහිපයක් හරි ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා සැප්තැම්බර් මාසෙ
23 වෙනිදා දක්වා ඔබට කාලය තියෙනවා. ඊට අමතරව සමාජ සත්කාරය වෙනුවෙන් ඔබ කරන ආධාර ජාතික
ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාල ශාඛාවේ අංක 10001-11-71577 දරන "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට බැර කරන්න. ඒ මුදල් වැය කරන්නෙ මොන
ආකාරයෙන්ද කියන එක වැඩසටහන අවසන් වුනාට පස්සේ පැහැදිලි ගිණුම් වාර්තාවක් මගින්
හැමෝටම දැනගන්න ලැබෙයි.
පොත් පරිත්‍යාග
කරලා ඒ දරුවන්ගේ හෙට දවස දැනුමින් පරිපූර්ණ කරනවා වගේම අපේ නැතිවෙලා ගිය සතුට ආපහු
ලබාගන්න උත්සාහ කරන එකත් වැදගත්. ඊළඟට එන්නේ සාහිත්‍ය මාසය, ඊට පස්සේ කියවීමේ
මාසය. ඒ වෙනුවෙන්වත් ආයෙත් සැරයක් පොතක් කියවන්න පටන්ගනිමු. කියවීම මිනිසා
සම්පූර්ණ කරයි කියනවනේ.
එහෙනම් ගිහින්
එන්නම්.
දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග
කරමු..!
අම්පාර ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ
දරුවන්ගේ පුස්තකාලය ගොඩනගමු....!
හෙට ලොව දිනන පරපුරක් තනන්නට දායක වෙමු...!
ඒ අතරෙදි අපිට
මගහැරුණු කියවීමේ ගුණය වැඩිදියුණු කරගනිමු...!


hmm.. honda wedak..jaya wewa.. :)
ReplyDeleteවටිනා කියන වැඩක්
ReplyDeleteඔබට හිතෙනවනම් ලඟ තියෙන පොත ඉගෙන ගන්න ලමයෙකුට හොඳම එකක් කියල හිත හිත ඉන්න දෙයක් නෑ තැගි කරන්න
ReplyDeleteලිපිය වගේම කරන්න යන කාර්යයත් මහඟු දෙයක් ! අපි ඔබ සමඟයි..
ReplyDeleteඅනිවා අපේ සහයෝගය දෙනවා!!!
ReplyDeleteඅපේ ෆුල් සපෝට් එක!!!!!
ReplyDeleteඋතුම් ක්‍රියාවලියක්. සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
ReplyDeleteසත් කාර්යය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා..
ReplyDeleteකියැවීමේ අගය තැන කියැවුනු වෙනස් පෝස්ටුවක්..
මෙවෑනි දේවල් කල යුතුයි පොතක වටිනාකම තව කෙනෙකුට කියලා දීමත් කියවන්න පුරුදු කිරීමත් තරම් අගනා දෙයක් තවමත් නිර්මානය වී නොමෑත..ඉතින් මෙවෑනී සමාජ සත්කාරයකට අප කෙසේ උදව් නොකර බලා සිටිමුද?..හෙට දවසේ නෑගිටින එවුන්ට අපෙන් ශක්තියක් දිය යුතුමයි....මතු රෑකෙනා ශිල්පමයයි උගත මතා....ඒකත් නවීකරනය කලා...හෑම දෙයකම වෙනස් විදිහට හිතන්න උගත්කම හුගක් වෑදගත්....ඒ වගේමයි හෑමදෙයක්ම කරන්නත් ඒක වෑදගත්..උගත්කම නොමිලේම ලබන්න තමා පොතක උදව්ව අවශ්‍ය වෙන්නේ...නියම වෑඩක්
ReplyDeleteවැඩිපුරම හිත ගියේ අර දෙමල ලේඛකයාගේ ලියමනට
ReplyDeleteහොඳ වැඩපිළිවෙලක්, ජය වේවා!!!
ස්තුතියි දැනුවත් කිරීම ගැන. හැකි අයුරින් දායක වෙන්නම් :)
ReplyDeleteඋතුම් කර්තව්‍යක් ...සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteමං මේ සයිට් එකට ආවට කමෙන්ට් එකක්වත් දාගන්න බැරි උනා.
ReplyDeleteඋඩින් කියලා තියෙනවා වගේ ලිපිය හොදයි.ඊටත් වඩා කරන්න යන වැඩේ හොදයි.ගොඩක් සුබපතනවා එක හිතින්ම වැඩේට සාර්ථක වෙන්න කියලා!