Comments

Tuesday, August 14, 2012

ජීවත්වීම එපා කරවන මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව... විෂාදය..

Posted by at 12:01 AM Read our previous post
විෂාදය, එහෙමත් නැත්නම් Depression කියලා කියන්නේ මානසික රෝග අතර සුලබම මානසික රෝගය. ඒ නිසාම "මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව" විදියටත් විෂාදය හුන්වනවා. විෂාදය කියලා කියන්නේ දුක පදනම් කරගත්ත රෝගයක්. ජාත්‍යන්තර රෝග පිළිබ වර්ගීකරණයට (ICD) අනුව විෂාදය කියන්නේ Mood disorders - මනෝභාව අක්‍රමතා යටතේ විස්තර වෙන රෝගයක්. මේ රෝග වල මූලික ලක්ෂණයක් තමයි දුක, සතුට කියන මනෝභාවයන්ගේ වෙනස් වීම් දැකිය හැකි වීම.

විෂාදය ස්ථර තුනක් යටතේ විස්තර කරන්න පුළුවන්.
         Normal emotion - සාමාන්‍ය හැඟීමක් විදියට
         Symptom - වෙනත් රෝගයක ලක්ෂණයක් විදියට
         Disease  - රෝගයක් විදියට
සාමාන්‍යයෙන් කෙනෙකුට ඇති වෙන දුක (විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයට සමීප කෙනෙක් මිය යාම මගින් අහිමි වීම නිසා ඇතිවන දුක) සහ ඒ ආශ්‍රිතව ඇතිවෙන සංකූලතා සාමාන්‍ය විෂාද තත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ තත්වය ටික කාලයකදි (බොහෝවිට සති 2ක කාලයකදි) තුනී වෙලා යනවා.

ඒ වගේම විෂාදය වෙනත් රෝගයක ලක්ෂණයක් විදියටත්, වෙනමම රෝගයක් විදියටත් ඇති වෙන්න පුළුවන්. අද ප්‍රදීප්ගේ පිටුව වෙන් වෙන්නේ රෝගයක් විදියට ඇතිවන විෂාදය පිළිබව සාකච්ඡා කරන්න.



විෂාදය කියලා කියන්නේ "ජීවිතයේ එදිනෙදා කටයුතු කර ගැනීමට අපහසු වන පරිදි දිර්ඝ කාලයක් තිස්සේ පවතින දුක් සහිත ස්වභාවය" (Prolonged & persistent state of sadness with interference with daily activities) විදියටයි මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ. විෂාදය ඉතා ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටළුවක්. ඔබ මේ සටහන කියවන මේ මොහොතේ ලෝක ජනගහනයෙන් 5%ත් 10%ත් අතර ප්‍රමාණයක් විෂාද රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම 10%ත් 25%ත් අතර පිරිසකට (විශේෂයෙන්ම සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට සහ සෑම පුරුෂයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට) ජීවිතයේ කුමන හෝ අවස්ථාවක මේ රෝගය වැළඳීමේ අවදානමක් තිබෙනවා.

වඩාත් අවදානම් කාරණය තමයි විෂාදය රෝගයෙන් පෙළෙන අයගෙන් 15%ක් තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ඒ වගේම විෂාදය සහා ප්‍රතිකාර ලබන්නේ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 30%ක් පමණයි. විෂාද රෝගයෙන් පෙළෙන දස දෙනෙකුගෙන් හත් දෙනෙක්ම (7/10) විෂාදය සහා ප්‍රතිකාර ලබාගන්නේ නෑ. ඒ අය තමයි සියදිවි නසාගැනීමේ අවදානමට වැඩිපුරම ලක්වෙන්නේ. ඒ නිසා විෂාදය කලින් හඳුනාගැනීමත් නිසි ප්‍රතිකාර ලබාගැනීමත් ඉතාම වැදගත් වෙනවා.



මේ රෝගය සුලබ රෝගයක් වීම නිසාම ලෝකප්‍රසිද්ධ චරිත කිහිපයක්ම විෂාද රෝගයෙන් පෙළුනු බව වාර්තා වෙලා තියෙනවා. සර් ඒබ්‍රහම් ලින්කන්, වින්සන්ට් චර්චිල් සහ බීතෝවන් ඉන් කිහිප දෙනෙක්. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක Marcus Trescothick ,තමන්ගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීමට විෂාදය නමැති 'black wings' හේතු වූ බව 'black wings' කියන පොතේ සහන් කරනවා.

විෂාදයේ රෝග ලක්ෂණ වෙන්නේ;

         Depressed mood - කළකිරුණු ස්වභාවය
         Loss of interest - ආශාවන් රහිත බව
         Loss of enjoyment - කිසිම දෙයකින් තෘප්තියක් නොලැබීම
         Reduced energy - ශරීර ශක්තිය අඩු වීම
         diminished activity - ක්‍රියාකාරීත්වය අඩු වීම
         Marked tiredness - පැහැදිලිව දැනෙන වෙහෙසකාරී බව
         Reduced concentration - යමක් අවබෝධ කරගැනීමේ හැකියාව අඩුවීම
         Reduced attention - අවධානය යොමුකිරීමේ හැකියාව අඩුවීම
         Reduced confidence - ආත්මවිශ්වාසය අඩුවීම
         Reduced self- esteem - ආත්මාභිමානය අඩුවීම
         Feeling of guilt - වරදකාරී හැීමක් ඇතිවීම
         Feeling of unworthiness - තමන්ගේ කිසිදු වටිනාකමක් නොමැති බව දැනීම
         Pessimistic views - සර්ව අශුභවාදී ලෙස සිතීම
         Feeling of Helplessness - තමන් අසරණ වී ඇතැයි දැනීම
         Hopelessness of the future - බලාපොරොත්තු විරහිත ස්වභාවය
         Ideas of suicide - සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීම
         Disturbed sleep - නින්ද අඩුවීම
         Diminished appetite - කෑම ගැනීමට ඇති ආශාව අඩු වීම
         Reduced libido - ලිංගික ආශාව අඩුවීම
         Unexplained physical symptoms - විස්තර කළ නොහැකි කායික රෝග ලක්ෂණ ඇතිවීම

තමන්ට මේ කියන ලක්ෂණ වලින් කීපයක් තියෙනවනම් වෛද්‍ය උපදෙස් පතන එක හොයි. නමුත් තවත් කරුණු කීපයක් සලකා බලන්න වෙනවා මේ රෝග ලක්ෂණ ඇති වෙන්න හේතුව විෂාද රෝගයමද කියලා පැහැදිලි කරගන්න.

·        සති දෙකකට වඩා වැඩි කාලයක් රෝග ලක්ෂණ පැවතීම.
·        සමාජ සහ වෘත්තීය කටයුතු කරගැනීමට රෝග ලක්ෂණ බාධාවක් වීම.
·        තමන් ආතතියෙන් නොසිටීම/ ආතතිකාරී අවස්ථාවකට මුහුණ දී නොසිටීම.
·        විවේක ගැනීම සහ සැහැල්ලු වීමේ අභ්‍යාස වලින් සහනයක් නොලැබීම.

මේ විදියේ ලක්ෂණ තියෙනවානම් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත්. කලින් හඳුනාගැනීම ප්‍රතිකාරය පහසු කරවනවා.



ඇයි මේ රෝගය හැදෙන්නේ?

         Predisposing factors - රෝගය ඇතිවීමේ අවධානම වැඩි කරන සාධක. මෙම සාධක මගින් රෝගය ඇති නොකරන අතර රෝගය ඇතිවීමේ අවදානම වැඩි කරයි.
         Genetic - ජානමය ලක්ෂණ (පරම්පරාවෙන් ඇතිවන ලක්ෂණ)
         Traumatic childhood experience; ළමා කාලයේ මුහුණ දෙන අප්‍රසන්න අත්දැකීම්.
         Parental discord - දෙමාපියන් අතර ආරවුල්.
         Child abuse - ළමා අපයෝජනයන්ට මුහුණ දීම
         Having to care for several children - කුඩා දරුවන් වැඩි ප්‍රමාණයක් රැකබලාගැනීමට සිදුවීම. (වයස අවුරුදු 5ට අඩු දරුවන් තිදෙනෙක් සිටීම)
         Long standing marital disharmony - දීර්ඝ කාලීනව පවතින අඹු සැමි ආරවුල්
         Social isolation - සමාජයෙන් වෙන්ව තනිවම ජීවත් වීම.
         Precipitating factors - රෝගය ඇති කරන සාධක. මෙමගින් රෝගය ඇති කරයි.
         Stressful life events; - ආතතිකාරී ජීවන අත්දැකීම් වලට මුහුණ දීම
         Loss - අහිමි වීම් වැනි
         Physical illness; - කායික රෝග
         Viral infections –influenza - වයිරස් ආසාදන
         Parkinson’s disease - පාකින්සන් රෝගය
         Endocrine abnormalities - පරිවෘත්තීය අක්‍රමතා
         Childbirth - දරු උපත
         Ongoing marital & family disputes - දීර්ඝ කාලීනව පවතින අඹුසැමි ආරවුල් සහ පවුල් ආරවුල්
         Alcohol & substance abuse - මත්ද්‍රව්‍ය භාවිතා කිරීම
         Economic problems - ආර්ථික ගැටළු
          debts - ණය
         Lack of social support - සමාජ සහය අඩු වීම
මෙවැනි අවස්ථා වලදී රෝගය ඇති වෙන්න පුළුවන්. 



නමුත් හැමෝටම එහෙම වෙන්නෙ නෑ. අවදානම් කණ්ඩායම් ඉන්නවා. එයාලට තමයි පහසුවෙන් මේ රෝගය හැදෙන්නේ.
         Gender - පුරුෂ පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට මේ රෝගය පහසුවෙන් වැළදෙනවා.
         Age – 20 -40 අතර වයසේ අය තමයි අවදානම්
         Marital status - අවිවාහක අය වඩා අවදානම්
         Family history - පවුලේ කෙනෙකුට විෂාදය වැළඳිලා තියෙනවානම්
         Parental discord - දෙමාපියන් අතර ආරවුල් තියෙනවානම්
         Social stressors - සමාජයේ ආතතිකාරී අවස්ථා වලට මුහුණ දෙනවානම්
         Social support - සමාජ සහය අඩුනම්
         Family type - න්‍යෂ්ඨික පවුලක්නම්
අවදානම වැඩි වෙනවා.



මේ රෝගය හැදුනාම මොකද වෙන්නේ. රෝගය හැදුන කෙනාගේ වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා. රටේ ආර්ථිකට එයාගෙන් ලැබෙන දායකත්වය අඩුවෙනවා. ඒ වගේම විෂාදය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඒ නිසාම කායික රෝග වැළඳීමේ අවදානම වැඩි වෙනවා. මම කලිනුත් කිව්වා වගේ සිය දිවි නසාගැනීමේ අවදානම වැඩිවෙනවා. ඒ නිසා විෂාදය කලින් හඳුනාගැනීමත්, නිසි ප්‍රතිකාර ලබාගැනීමත් වැදගත්.

ඒ වගේම මෙම රෝගයේ අවදානම ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඔක්තෝබර් 10 වෙනිදාට යෙදෙන මේ අවුරුද්දෙ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට යොදාගෙන තියෙන්නේ DEPRESSION: A GLOBAL CRISIS "විෂාදය: ලෝක ව්‍යාප්ත අර්බුදයක්" කියන එක. ඒ වෙනුවෙන් මුළු ලෝකය පුරාම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් මං වැඩකරන ආයතනයේ චිත්‍ර, රචනා සහ ආදර්ශමත් වැකි තරයක් සංවිධානය කරලා. ඒ ගැන විස්තර මෙතනින් බලන්න. ඔයාලගෙ දන්න කියන පාසල් දරුවන්ටත් කියන්නකෝ.



මේ ලිපිය ලියනකොට විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයාගේ (මගේ ගුරුතුමා) උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් වුනා කියන එකත් මතක් කරන්න ඕන. ඒ වගේම 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරයටත් පුළුවන් විදියට දායක වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න ඕන. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.

22 comments:

  1. ඇත්තම කිව්වොත් මටත් විශාදය හැදිලා තියනවා..හැබැයි සති 2 ක් විතර තමා....අර සික් එක කියන්නේ ,...... ;)
    පට්ට පොස්ට් එක ඈ! :)

    ReplyDelete
  2. මටත් නිකන් හෑව් හෑව් වගේ...
    මේක දැක්කෙ නෑ වගේ ඉන්නම්. එතකොට ශේප් එකේ මැරෙන්න පුළුවන්නෙ :D

    ReplyDelete
  3. මටත් හෑව් ද කොහේද ?? 

    ReplyDelete
  4. හොඳ ලිපියක්. විශාදය අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙකුට තියනව.

    ReplyDelete
  5. මේක කියවගෙන එද්දි මට නම් දැනුනේ ලෝකේ හැම කෙනාටම විශාදය යන්තමින් හෝ තියෙනවා කියලා.මං විශාදය කියන වචනෙ අහලා තිබුනට ඇත්තටම මෙච්චර ලොකු දෙයක් දැනන් හිටියේ නෑ.ගොඩක් හොදයි ලිපිය.

    ReplyDelete
  6. බොහෝම වටින ලිපියක්.. ජය වේවා

    ReplyDelete
  7. ඔන්න වැඩ තමන් ගේ වෘතීය ජිවිතයෙන් ලත් දැනුම අනෙකුන් හා බෙදාගැනිම ඇත්තෙන්ම මිනිසුන් දැනුවත් කරනවා කියන්නේ මුලු මහත් සමාජයක්ම යහපත කරා ගෙනියනවා කියන එකයි ජය

    ReplyDelete
  8. Reduced concentration ඕක නම් මට තියෙනවා :D
    අඩේ ඉදාහක් පොස්ට් එක යවන්න ඕනේ කීප දෙනෙක්ම ඉන්නවා මට ,
    පට්ට පොස්ට් එක වෙනද වගේම , අඩුම ගානේ මිනිසුන්ට තමාගේ ප්‍රශ්න දැනගනන් පුළුවන් එක වටිනවා මේ වගේ එකකින් ,

    මචං පුල්වුං නම් ඊලග පොස්ට් ඒකෙන මෙහෙම එකක් ලියහන් ,
    ඔය තමාට මානසික අවුලක් වගේ තියෙනවා කියල දැනෙන අයට වයිද්යවරයෙක් ලගට යන්න නිකම් හිත හැදෙන වගේ එකක් ,

    මට හිතෙනවා එක වටි කියල

    ReplyDelete
  9. dan nam hitenawa matath tikak thiyanawada kiyala
    thnks aeya thawa liyanna liyama hama dema fb eke post ekak danna nathnam dakinne na

    ReplyDelete
  10. මේවගෙන් සමහර ලක්ෂණ ඉඳල හිටල මතුවෙලා නැති වෙලා යන එක විෂාදය වෙන්න බෑ නේද?? එක දිගට තිබුණොත්නෙ අවුල??
    …වැදගත් පෝස්ට් එකක් අනිවාර්යෙන්ම.. :)

    ReplyDelete
  11. දෙයියනේ වටිනවා මාරෙට..

    ReplyDelete
  12. හැමදාම වගේ සාරගර්භ විස්තර ඇතුලත් පොස්ටුවක්. විස්තර කියවගෙන යනකොට හිතෙනවා මටත් ඔහොම රෝග ලක්ෂණ වලින් ඉඳහිට හරි එකක් දෙකක් හරි තියනවනේ කියල. අපි නොදන්නා ලෙඩ කොච්චර අපේ ඇඟ ඇතුලේ ඇද්ද කියල හිතෙනවා !!!

    ReplyDelete
  13. මටත් ඉඳලා හිටලා රෝග ලක්ෂණ මතු වෙනවා වගේ.හ්ම්ම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බලන්න ඕන.මේ දවස් වල නම් බිසී කෝච්චි රෝද වලට හුලන් ගහනවනේ :)

    බ්ලොග් තීම් එකනම් පට්ට ආ
    දිගටම ලියපන්
    ජය වේවා!

    ReplyDelete
  14. දැන ගතයුතුම , නමුත් නොදැන සිටින , තවත් දෙයක් ගැන වැදගත් සටනක් ..

    ReplyDelete
  15. කාටත් වැදගත් වෙන ලිපියක්. ඔබේ මෙහෙවර අගෙයි සහෝදරයා
    …ජයවේවා!!

    ReplyDelete
  16. ඔන්න නමෝවිත්තියෙන් මේ පැත්තට ගොඩ වැදුනා... වටිනා ලිපියක්.. අගය කල යුතු කාර්යයක්... ජය!

    ReplyDelete
  17. ඇත්තටම කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන් මෙහෙම ලිපි ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි ඔබට මේ පිළිබඳව දැනුවත් කලාට!
    ජය!

    ReplyDelete
  18. දරාගන්න බැරි මානසික අසහනයකට ලක් වෙලා ඒ ගැන සොයද්දි තමා මේ ලිපිය හමු උනේ. හරිම ප්‍රයෝජනවත් උනා මට මගේ ලෙඩේ ගැන අඳුන ගන්න.

    ReplyDelete
  19. මටත් තියෙනවා වගේ අප්පා :/ :/

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template