Comments

Friday, August 24, 2012

හිර ගෙදර විස්තර

Posted by at 12:19 AM Read our previous post

පළමු වරට මා මගේ පත්වීම ලබා සේවයට පැමිණි පසුව විවිධාකාරයේ සිර කවුරු වල අත්දැකීම් ලබන්නටත්, දෙවන වරට විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් වෙනුවෙන් වටරැක එළිමහන් කවුරේ දවසක් සිරබත් කන්නටත් සිදුවිය. අද ප්‍රදීප්ගේ පිටුව වෙන්වන්නේ එලෙස ලැබූ අත්දැකීම් කිහිපයක් වෙනුවෙනි. මේ ලිපිය ලියවෙන්නේ නාඩියා හිරේ යයි පෝස්ට් එක දැමූ හරිත මල්ලිගේ ඉල්ලීම නිසාය.



ලංකාවේ නීතිය අනුව සිරකරුවන් කොටස් දෙකකි. පළමු කණ්ඩායම රිමාන්ඩ් සිරකරුවන් වන අතර ඔවුන්ගේ නඩු තවම විභාග වෙමින් පවතී, නැතහොත් මෙතෙක් තීන්දුව ප්‍රකාශ කර නොමැත. සාමාන්‍ය තත්වය යටතේ පුද්ගලයකු රිමාන්ඩ් (රක්ෂිත බන්ධනාගාර) කළ හැක්කේ දින 14කටය. රිමාන්ඩ් සිරකරුවන් සති දෙකකට වරක් අදාල අධිකරණයේ විනිශ්චයකාරවරයා හමුවට ඉදිරිපත් කළ යුතුය. අනෙක් කණ්ඩායම සිරකරුවන්ය. ඔවුහු උසාවියකින් වැරදිකරුවකු/වැරදිකාරියක බවට පත්ව සිර දුවම් විිමින් සිටිති.

මෙරට ප්‍රධාන බන්ධනාගාර කිහිපයක් වෙයි. රිමාන්ඩ් සිරකරුවන් රවා තැබෙන ප්‍රධාන සිර කවුර වන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයයි. එමෙන්ම වැලිකඩ, බෝගම්බර හා මහර ඇතුළු බන්ධනාගාර වල සිරකරුවන් රවා තැබේ. බරපතල වැරදි සහා පළමු වරට සිරගත වන්නන් බොහෝවිට රවා තැබෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේය. දෙවන සහ තුන්වන වරට සිරගත වන්නන් බෝගම්බර රවා තැබේ.



මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් රවා තැබෙන්නේ වැලිකඩ සහ බෝගම්බරය. මේවාට අමතරව එළිමහන් සිරකවුරු, තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන සහ සහතික කළ පාසල් ආදී විශේෂිත බන්ධනාගාර ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. (සංඛ්‍යාත්මක දත්ත මෙතනින්)

බන්ධනාගාර වල පැරණි බව සහ සිරකරුවන් සංඛ්‍යාව වැඩිවීම නිසා ඔවුන්ට ලැබෙනුයේ අවම පහසුකම් ප්‍රමාණයකි. සිරකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම අඩුය. එහෙත් බන්ධනාගාරය යනු වෙනමම සමාජ පද්ධතියකි. සිරකරුවන් අතරින් වැඩි බලය සහිත පුද්ගලයන් එම කණ්ඩායමේ නායකත්වය දරන අතර වැඩි පහසුකම් භුක්ති විදිති. බොහෝවිට බලය තීරණය වන්නේ මුදල් මතය. සිරකරුවන්ගෙන් අතිශය බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කරති. ඒ නිසා මත්ද්‍රව්‍ය වලට සිරගෙවල් වල විශාල ඉල්ලුමක් ඇත. එහෙත් ඒ සහා විශාල මිලක් ගෙවීමට සිදුවේ. 



එලෙස මත්ද්‍රව්‍ය (විශේෂයෙන් දුම්වැටි) සපයාගැනීමට නොහැකි වන්නන් ඒ සහා විකල්ප භාවිතා කරති. එක් ක්‍රමයක් වන්නේ පත්තර කඩදාසි බීඩි ඔතන ආකාරයට ඔතා දුම්පානය කිරීමයි. ඇතැම් අය කොහෙන් හෝ හොයාගත් දුම්කොල කැබැල්ලක් මෙම බීඩියට එකතු කරගනිති. මෙලෙස සකස් කර ගන්නා දුම්වැටි හුන්වන්නේ "ලෝකල්" යන නමිනි.
සමහර රැවියන්ගේ පවුල් වල සාමාජිකයන් මෙවැනි ද්‍රව්‍ය (බීඩි, බුලත්විට ආදිය) රැගෙන එති. එලෙස රැගෙන එන දේ සිරකරුවා අතට පත් වුවහොත් ඔහු ධනවතෙකි. ඔහු ඒවා විශාල මුදලකට විකුණති. ඇතැම් අවස්ථාවල බීඩියක් වෙනුවෙන් තමන්ගේ කමිසය, තුවාය පවා හුවමාරු කරගැනීමට තරම් අවශ්‍යතාවය බලවත්ය. බොහෝවිට රිමාන්ඩ් සිරකරුවන් ඇුම් හුවමාරු කරගෙන අිති. නැතහොත් බලය ඇති තැනැත්තා විසින් එම ඇුම් ආදිය සොරකම් කරනු ලබයි.

එළිමහන් සිරකවුරු වල වෙසෙන සිරකරුවන් "ලෝකල්"හා පාවිච්චි කරන ද්‍රව්‍ය ඇතැම් අවස්ථා වල වෙනස් වේ. හා බෙටි කුඩුකරන ලබ පැරසිටමෝල් සමග කළවම් කොට ඒවා පිළිස්සීමෙන් එන දුම ඔවුහු ආඝ්‍රාණය කරති. විවිධ ආබාධ ඇති බව පෙන්වමින් සිරකවුරේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පැරසිටමෝල් ලබාගැනීමට ඔවුහු දක්ෂයෝ වෙති. එවැනි විකල්ප රාශියකි.



සිරගෙදර වෙනමම කලාවක් ඇත. මහත්මා ගාන්ධිගේ සිට රෝහණ විජේවීර දක්වා දේශපාලන නායකයන් තම නිර්මාණ බොහොමයක් බිහි කලේ සිරගෙවල් වලදීය. සිර කවුරු වලට ආවේනික වූ කවි ආදිය රචනා වී ඇත.

"තට්ටු තුනයි බෝගම්බර හිරගෙද
බිත්ති වලට සවි කරලා යකඩ දො
යුක්තිය අයුක්තිය විසන නඩුකා  
දැම්මයි මෙමා විසි අවුරුදු සිර බා  "

"පෝලිම් කියන කොට පෝලිමෙ යන්න           වුනා
මැනලා බෙදන බත් කොත්තුව කන්න     වුනා
මළකඩ පයිප්පේ වතුරත් බොන්න                   වුනා
සීතල පොළවෙ පිටදී නිදියන්න              වුනා"

සිරගෙදර පුද්ගලිකත්වය ආරක්ෂා වීම අවම වීම හේතුවෙන් ලෙඩ රෝග බෝ වීමේ අවදානම වැඩිය. අවම පහසුකම් සහිතව, ඉතා අඩු ඉඩක විශාල පිරිසක් රැී සිටින ස්ථාන වල පොදුවේ සිදුවන ආසාදන පැතිරයාම බන්ධනාගාර තුලද දැකිය හැකිය. 



සැම සිරකරුවකුටම තමන්ගේම කතාවක් තිබේ. තමන් සිරගත වූ කාරණය මෙන්ම ඊට පෙර අතීතය ගැනද සාකච්ඡා කිරීමට බොහෝ සිරකරුවන් කැමතිය. එම අපරාධය කිරීම සාධාරණද අසාධාරණද යන්න විනිශ්චය කිරීමට පවා ඇතැම් අවස්ථා වල අපහසු වේ.
මේ කතා දෙක කියවන්න.

"මහත්තයෝ මං අවුරුදු 56ක සීයා කෙනෙක්. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මම හැමදාම හැන්දෑවට අරක්කු ටිකක් බොනවා. එක දවසක් මං එතන ඉද්දි පොලිසියෙන් පැන්නා. මුදලාලි කිව්වා මට අයිතිකාරයා විදියට පොලිසියට බාර වෙන්න කියලා. සති දෙකෙන් ඇප දීලා ගන්නවා කිව්වා. එදායින් පස්සෙ එයා ආවෙ නෑ. මම මාස තුනකට හිරේ ගියා"

"මට වයස 36යි. මේ මගෙ දෙවෙනි පාර. කුඩු වලටයි අහුවුනේ. මං දවසකට රුපියල් 1500ක විතර කුඩු බොනවා. අවුරුදු 18දි තමයි පටන්ගත්තේ. ඒ කාලෙ රුපියල් 40ට ගත්ත ඒවා දැන් ගන්න රුපියල් 600ක් විතර ඕන. මං රස්සාවක් කරන්නෙ නෑ. විකුණන පොට් එකේ ඉඳලා ඉල්ලන අයට කුඩු ගිහින් දීලා තමයි මම සල්ලි හොයාගන්නේ. දවසට රුපියල් 4000ක් විතර හොයනවා. එහෙම යද්දි තමයි මම අහුවුනේ. මේකට ඇබ්බැහි වුනොත් ඉවරයි මහත්තයා. මේක මහ හූනියම් බීමක්. මට බය මගෙ පුතා ගැන. අපේ වත්තෙ වමට හැරුණත් කුඩු, දකුණට හැරුණත් කුඩු. මං යද්දි ඌත් ඒවට ඇබ්බැහි වෙලා ඉඳියිද දන්නෙ නෑ"

සිරකරුවකුට අහිමි වන දේවල් කිහිපයකි.

01.                        නම - තම නම වෙනුවට අංකයක් හිමි වේ
02.                        ුම - ඇුම වෙනුවට ජම්පරය හිමි වේ
03.                        සමාජ තත්වය
04.                        සමාජ සම්බන්ධතා
05.                        තමන් කැමති දේවල්
06.                        ඉඩකඩ - හිමිවන්නේ අවම ඉඩකඩකි.



පුද්ගලයකු සිරගත වීමට හේතූ එකක් හෝ කිහිපයක් බලපෑ හැකිය. එහෙත් එම සිරකරුවා බිහිවන්නේ කාලයක් තිස්සේ පුද්ගලික, ආර්ථික, සමාජමය හා අධ්‍යාත්මික වශයෙන් සිදුවන විචලනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. සිරකරුවකු බිහි වීම පිළිබව සමාජයටද යම් වගකීමක් තිබේ.

සාක්ෂරතාවය හා අවබෝධය සිරකරුවන්  බිහි වීම අවම කරවයි. එමෙන්ම සිරකරුවකුට නැවත සමාජගත වීමටද අයිතියක් සහ හැකියාවක් ඇත. ඒ සහා ඇතැම් විට යම් පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිදුකළ යුතුය. 

සෑම සිරකරුවෙකුම මනුශ්‍යයෙක් බවත් ඔහුව කොන් නොකළ යුතු බවත්, සිරකරුවන් බිහි වීම අවම කළ යුතු බවත් අප තේරුම් ගත යුතුය.

එහෙම නම් ගිහින් එන්නම්. බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනට හැම කෙනෙක්ගෙම දායකත්වය බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්...!

ප.ලි - මේ පෝස්ට් එක මීට මාසයකට පමණ පෙර වටරැක එළිමහන් සිරකවුරට ගිය දිනවල ලිවීමට පටන්ගත් පෝස්ට් එකකි. එහෙත් කාලයක් තිස්සේ ඇදි ඇදී තිබූ එය කොහොම හරි අවසන් කරන්නට හිතාගෙන මහ රෑ ලියන්නට ගොස් ලියා ඇත්තේ මාතෘකාවටත් මුල ඡේදයටත් නොගැලපෙන ආකෘතියකටය. එය නොබලාම රෑ 12.45ට පමණ පබ්ලිෂ්කළෙමි. මාතෘකාව සහ අන්තර්ගතය නොගැලපීට හේතුවෙන් ඔබට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරනු කැමැත්තෙමි. මාතෘකාව අන්තර්ගතයට ගැලපෙන පරිදි වෙනස් කළෙමි. මෙවන් වැරදි මින් ඉදිරියට සිදු නොවනු ඇත. එම අඩුපාඩුව පෙන්වා දුන් සැමට ස්තුතියි...!

19 comments:

  1. මටනං හිරේට යන්න අදහහසක් නෑ...

    ReplyDelete
  2. හප්පොච්චියේ.. හිරේ නං යන්නෑ..

    ReplyDelete
  3. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා.. වැදගත් ලිපියක්. ඒත් මං කල්පනා කලේ මාතෘකාව ලිපියට ගලපෙනෙන්නේ කොහොමද කියලා..

    ReplyDelete
  4. සිරකරුවෝ මනුශ්‍යයෝය.. මට මතක් උනේ ඒ කියමන..

    ReplyDelete
  5. ගොඩක් වටින ලිපියක්..අම්මෝ...මට නම් හිරේ යන්න කිසිම ආසාවක් නැහැ,ඒත් අයියණ්ඩියේ මාතෘකාව ටිකක් වෙනස් නේද ලිපියත් එක්ක බලද්දි.

    ReplyDelete
  6. නොදන්න හිර ගෙදර ගැන හුඟක් දේවල් දැනගත්තා..

    ReplyDelete
  7. අපේ පැත්තේ නම් හිරේ යනවා කියන්නේ කසාද බැදිල්ලට...හික්ස් පී


    ලිපිය වටිනවා...

    ReplyDelete
  8. Aiya Title eka gana poddak hithuwoth narakada ? Post eka anuwa nogelapeemak thiyenawa kiyala hithenawa

    ReplyDelete
  9. හැමෝටම ස්තුතියි...! මාතෘකාව වෙනස් කලා..

    ReplyDelete
  10. ගොඩක් විස්තර දැන ගත්තා. ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි උනානේ. ආයේ එන්න ඕනි මග ඇරුනු පෝස්ට් ටික කියවන්න.

    ReplyDelete
  11. මල්ලියේ නරක මිතුරන් පිලිගන්ට එපා
    නංගියේ නොහොබිනාකමි හුරු වෙන්න එපා
    බොගමිබර සිපිරි ගෙදරට යන්න එපා
    හතුරෙකුටවත් මෙ වැනි දුක් වෙන්න එපා

    ReplyDelete
  12. මිහිපිට අපාය කියල අහල තියනවා හිර ගෙවල් වලට. ගොඩක් මිනිස්සු නොකරපු වැරදි වලටයි බොරුවට දුක් විඳින්නේ. මාතෘකාව පොඩ්ඩක් පැටලුනා. අවුලක් නෑ එහැටි අවුලක් නෙමෙයි.

    ReplyDelete
  13. අද විස්තරත් අලුත්.. වෙනිද වගේමයි.. අලුත් දෙයක් ඉගෙන ගත්ත.. තැංකූ ඈ.. :)

    ReplyDelete
  14. උපන්දා සිට වසර විස්සක් පමණ හිරේ නොගියාට හිර ගෙවල්වල ජීවත් උන නිසා ඒ ගැන හොදටම දන්නවා.

    වනේ වසන වන සතූරෙකූටවත් යන්න වෙන්න එපා. ලෝකල් ගැන කියපු එකේ බවුසර් ගැනත් කියුවානං තව වටිනවා.

    මම හීර ගෙවල් සම්බන්දව ලෝක වාර්ථාවක් තියලා තියනවා.
    ඒක තමයි අදාල සැකකරුවා රදවාසිටින වාට්ටුවට බල්ලෙක් විසිට් බලන්ඩ ගෙනයාම

    ReplyDelete
  15. බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා - මට වන් දුකක් හතුරෙක්ටවත් වෙන්න එපා කියන්නේ ඒක නිසා තමා...

    ReplyDelete
  16. ගිහිල්ලම බලන්න වෙනවා!

    ReplyDelete
  17. ඇත්ත තමයි නේ.වැදගත් දේවල් දැනගත්තා මං.ස්තූතියි !

    ReplyDelete
  18. අඩේ මට කොමද මේක මග ඇරුනේ, උබට සමාවෙයන් කියල වැඩක් නෑ , ඒ නිසා කියන්නෙත් නැහැ , මොකද ඉතින් මටනේ පාඩුව බන් මේ වගේ එකක් කියවන්නේ නැතුව ,

    ඒ බන් , උබ මාව බය කොරානේ , මට මතක උනේ උබ අපේ බෝඩිමට ඇවිත් ලෝකල් ගැන කිව කතා :D

    ReplyDelete
  19. weradi kaaraya,aparaadha kaarayo kiyala hanwadu gehuwata 1 athakata hirakaarayoth pau.

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template