Posted by Pradeep Gunarathna at 9:39 PM
Read our previous post
ලිංගිකත්වය ගැන ප්‍රදීප්ගේ පිටුවේ ලියපු
පෝස්ට් දෙක තමයි තවමත් වැඩිම දෙනෙක් කියවලා තියෙන පෝස්ට් දෙක වෙලා තියෙන්නේ.
පළවෙනි පෝස්ට් එකෙන් කතා කලේ ලිංගිකත්වය පිලිබඳ න්‍යායාත්මක කරුණු.
දෙවෙනි පෝස්ට් එක වෙන් වුනේ ලිංගික ගැටළු එහෙමත් නැත්නම් අක්‍රමතා ගැන කතා කරන්න.
මම පළවෙනි පෝස්ට් එකේ කිව්වා ලිංගික ක්‍රියාව ගැන කතා කරන්නෙ නෑ කියලා. නමුත් ඒ
ගැන තියෙන ගැටළු සහ දුර්මතයන් ඉතා විශාල බව හැඟුණු නිසයි මේ පෝස්ට්
එක ලියන්න තීරණය කලේ.
ලිංගිකත්වය සමගම කතා වෙන තවත් වචනයක් තමයි
ප්‍රජනනය. ලිංගිකත්වය සහ ප්‍රජනනය කියන වචන වලින් අදහස් වෙන්නේ එකක්ද? දෙකක්ද? මානව
ලිංගිකත්වය මගින් අපේක්ෂා කරන්නේ ලිංගික ක්‍රියාවලිය පවත්වා ගැනීම. ප්‍රජනනය
කියන්නේ නව සරු ජනිතයින් බිහි කිරීමේ ක්‍රියාවලිය. මේ එකිනෙකට වෙනස් ක්‍රියාවලීන්
දෙකක්. ප්‍රජනන කාර්යය සඳහා ලිංගිකත්වය උපයෝගී කරගන්නවා. නමුත්
ලිංගිකත්වය ප්‍රජනනය සඳහා පමණක් සීමා වි නැහැ. ලිංගික කාර්යය මිනිසා
යොදාගන්නේ තෘප්තිය ලැබීමේ ක්‍රමයක් විදියට. එහිදී උපරිම ලිංගික තෘප්තියක් ලැබීම
තමයි හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව.
ලිංගික ක්‍රියාවලිය සඳහා බලපාන සාධක
කිහිපයක් තියෙනවා. ඒවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක විදියට වර්ග කරන්න පුළුවන්. අභ්‍යන්තර
සාධක ගත්තොත් ලිංගික ක්‍රියාවලිය අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිය ලිංගික ක්‍රියාවේ
වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලිංගික ක්‍රියාව සඳහා අවශ්‍ය වන හෝමෝන ශ්‍රාවය
කිරීම අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුකරනවා. නමුත් මිනිසාගේ ප්‍රධානතම ලිංගික අවයවය
වන්නේ මොළය. හෝමෝන වලට සාපේක්ෂව ලිංගික කාර්යය සඳහා මිනිසාගේ මනසේ
බලපෑම ඉහල අගයක් ගන්නවා. නොදියුණු ජීවීන්ගේ ලිංගික ක්‍රියාවේ වැඩි කාර්යභාරයක් ඉටු
කරන්නේ හෝමෝන.
බාහිර සාධක වශයෙන් සංස්කෘතික ලක්ෂණ සහ සමාජ
ආකල්ප ලිංගික ක්‍රියාව සඳහා බලපානවා. උදාහරණයක් විදියට පෙරදිග
සංස්කෘතියේ ලිංගිකත්වය පිළිබඳ දරණ ආකල්පයට වඩා බටහිර සංස්කෘතියේ
ලිංගිකත්වය පිළිබඳ දරන ආකල්පය
වෙනස්. සංස්කෘතික ලක්ෂණ වලත් වෙනස් කම් දැකගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබ ඇමෙරිකාවේදී
අවිවාහකව තම පෙම්වතා/පෙම්වතිය සමග එකම නිවසක එක්ව ජීවත් වීම එරට වැසියන්ට සරළ
සිද්ධියක් වුවත් ඔබ ලංකාවේදී එසේ කිරීමට යාමෙන් දැඩි සමාජ අපවාදයකට ලක් වීමට
සිදුවෙනවා.
කුමන සංස්කෘතික හෝ සමාජ වටපිටාවක් තුල වුවද
ලිංගික ක්‍රියාවලිය සිදුවන ආකාරය අදියර හතරකට වෙන් කිරීමට පුළුවන්.
desire
- කැමැත්ත.
ලිංගික ක්‍රියාවලියේ
පළමු පියවර වන්නේ කැමැත්තයි. මෙම කැමැත්ත ඇතිවීම සඳහා විවිධ හේතු
බලපාන්නට පුළුවන්. හෝමෝන වල බලපෑම ඒ අතරින් එකක්. පුරුෂයින්ගේ ලිංගික කැමැත්ත Testosterone හෝමෝනය මගින්
උත්තේජනය කරනවා. ඒ වගේම ලිංගික උත්තේජනයක් සපයන කළා නිර්මාණ, භාෂාව, ශබ්ද, පින්තූර
ආදිය නිසාත් ලිංගික සම්බන්ධතාවයක් සඳහා කැමැත්ත ඇති වෙන්න පුළුවන්.
arousal
- උද්දීපනය
මෙම අදියරේදී ලිංගික
ක්‍රියාව සඳහා කායික
සූදානමක් ඇති කරනවා. ලිංගේන්ද්‍රියයන්ගේ වෙනස් කම් ඇති වෙනවා. පුරුෂයන්ගේ ශිෂ්ණයේ
පවතින corpora cavernosa කියන පටකයට රුධිරය
පිරීම නිසා එය දැඩි ශක්තිමත් භාවයට පත් වෙනවා. කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ මෘදු පේෂි
පටකය සැහැල්ලු බවට පත් වීම නිසා යෝනි මාර්ගය විවෘත වෙනවා. ඒ වගේම ස්වසන වේගය වැඩි
වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම වාගේ කායික ලක්ෂණ ඇති වෙනවා.
orgasm
- සුරතාන්තය
සුරතාන්තය ලිංගික ක්‍රියාවලියේ
උපරිම අවස්ථාවයි.
resolution
- සිඳී යාම
මෙහිදී ශරීරය සහ
ලිංගික අවයව නැවත පෙර තිබූ තත්වයට පත් වෙනවා.
ලිංගික ක්‍රියාවලිය සඳහා කාන්තාවන් සහ
පුරුෂයින්ට ගත වෙන කාලය සමාන නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවන්ට ලිංගික උද්දීපනය
ලැබීමට පුරුෂයන්ට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම පුරුෂයකුට එක්වරක් උපරිම
තෘප්තිමත් අවස්ථාවට පත් වුනාට පස්සේ නැවත උපරිම තෘප්තිමත් අවස්ථාවක් ලැබීමට යම්
කාලයක් ගත විය යුතුයි. නමුත් කාන්තාවකට එකවර උපරිම තෘප්තිමත් අවස්ථා කිහිපයක්
ලබන්න පුළුවන්. මේ කරුණු ගැන ලිංගික ක්‍රියාවලියේදී අවධානය යොමු කිරීම වැදගත්. මේ
රූප සටහනෙන් මේ බව වඩාත් පැහැදිලි වේවි.
සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම සඳහා බලපාන සාධක
කිහිපයක් තියෙනවා.
- Satisfaction - තෘප්තිමත් භාවය. මෙහිදී ලිංගික ක්‍රියාවේ යෙදෙන දෙදෙනාම තෘප්තිමත් භාවයට පත් වීම අපේක්ෂා කරනවා.
- Knowledge - දැනුම ලිංගිකත්වය පිළිබඳ දැනුවත් භාවය
- Experience - පළපුරුද්ද
- Motivation - පෙළඹීම - ලිංගික ක්‍රියාවේ යෙදීම සඳහා දෙදෙනාගේම පෙළඹීමක් සහ කැමැත්තක් තිබිය යුතුයි.
- Communication - සන්නිවේදනය - අන්‍යොන්‍ය වශයෙන් ලිංගික සම්බන්ධතාවය පිළිබඳ සන්නිවේදනය ලැබිම සාර්ථක ලිංගික ජීවිතයක් සඳහා වැදගත් වෙනවා.
- Anxiety - ආතතින්ගෙන් පෙලීම - මෙය ලිංගික තෘප්තිය අඩු වීමට හේතු වෙනවා.
- Physical disorders - කායික රෝගාබාධ වලින් පෙලීම
- Mental disorders - මානසික රෝග වලින් පෙලීම
- Drugs - ඖෂධ - ඇතැම් ඖෂධ නිසා ලිංගික ගැටළු ඇති වෙන්න පුළුවන්
- Smoking, alcohol, substance abuse - මත්ද්‍රව්‍ය - මත්ද්‍රව්‍ය ලිංගික තෘප්තිය අඩු කිරීමට හේතු වෙනවා.
සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමට
බලාපොරොත්තු වන කෙනෙක් මේ කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේවි.
ලිංගික ක්‍රියාවලියේදී විවිධ හේතු නිසා
විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්. මේ ගැටළු බොහොමයක් පහසුවෙන් සුව කරන්න පුළුවන්.
නමුත් අද පුවත්පත් දැන්වීම් හරහා ලිංගික සම්බන්ධතා වලදී ඇති වන ගැටළු ජාවාරමක් බවට
පත්කරගෙන තිබෙනවා. එලෙස ඇති වන ගැටළු කාන්තාවන්ට ඇති වන ගැටළු සහ පුරුෂයින්ට ඇති
වන ගැටළු විදියට වර්ග කරන්න පුළුවන්.
- Impaired sexual Interest - ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ කැමැත්ත අඩු වීම හෝ නොමැති වීම. මෙය විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. දරුවකු බිහි කිරීමෙන් පස්සේ මාස 3-4ක් යනතුරු ඒ මවට ස්වභාවිකවම මේ තත්වය ඇති වෙනවා. ඒ දරු උපතින් පස්සේ ශරීරය යථා තත්වයට පත් වීමට යම් කාලයක් අවශ්‍ය නිසා. ඒ වගේම විෂාදය වගේ මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්ගේ ලිංගික කැමැත්ත අඩු වෙන්න පුළුවන්. එවැනි තවත් හේතු තියෙනවා. මෙය ස්ත්‍රී, පුරුෂ දෙපිරිසටම ඇතිවිය හැකි ගැටළුවක්.
- Impaired sexual arousal - ලිංගික පිබිදීමක් ලැබීමට නොහැකි වීම. මෙහිදී ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට කැමැත්ත තිබෙන නමුත් ලිංගික පිබිදීමක් ලබන්නට බැහැ. මෙය ස්ත්‍රී, පුරුෂ දෙපිරිසටම ඇතිවිය හැකි ගැටළුවක්. පුරුෂයන්ගේ මෙම තත්වය ලිංගික අප්‍රාණිකත්වය Erectile dysfunction එහෙමත් නැත්නම් Impotence යනුවෙන් හඳුන්වනවා.
- Orgasmic dysfunction - උපරිම ලිංගික තෘප්තිමත් අවස්ථාවට පත් වීමේ අපහසුතාවය. මෙය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ඇති විය හැකි ගැටළුවක්. කාන්තාවකට නම් උපරිම තෘප්තිමත් භාවය ලබාගැනීමට නොහැකි වීම ගැටළුවක් බවට පත් වෙනවා. පුරුෂයින්ගේ මෙම ගැටළුව ආකාර දෙකකට ඇති වෙන්න පුළුවන්. පළමු ආකාරය තමයි Premature ejaculation (ක්ෂණික මෝචනය). මෙහිදී ශුක්‍ර මෝචනය ඉක්මනින් සිදුවෙනවා. අනෙක් ආකාරය තමයි Retarded ejaculation (ශුක්‍ර මෝචනය ප්‍රමාද වීම). මෙහිදී ශුක්‍ර මෝචනය අනවශ්‍ය පරිදි ප්‍රමාද වෙනවා. මෙයින් ක්ෂණික මෝචනය සුලබව දැකගන්න පුළුවන් ගැටළුවක්. බොහෝවිට පුරුෂයාගේ පවතින මේ ගැටළුව නිසා කාන්තාවට උපරිම තෘප්තිමත් භාවය ලබාගැනීමට නොහැකි වෙනවා.
- Vaginismus - මෙය කාන්තාවන්ට පමණක් ඇතිවන රෝගී තත්වයක්. මෙහිදී ලිංගික උද්දීපනය ලැබීමේදී යෝනි මාර්ගයේ සිදුවිය යුතු මාංශපේෂි සැහැල්ලු වීම වෙනුවට මාංශපේෂී දැඩි බවට පත් වීම නිසා යෝනි මාර්ගය වැසී යනවා. එවිට ලිංගික ක්‍රියාවේ යෙදීමට නොහැකි වෙනවා.
- Dyspareunia - ලිංගික සම්බන්ධතාවය වේදනාකාරී වීම. මෙය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ඇති විය හැකි ගැටළුවක්. මෙයට අමතරව පුරුෂයන්ට ඇති විය හැකි ගැටළුවක් තමයි Painful ejaculation (ශුක්‍ර මෝචනය වේදනාකාරී වීම).
වඩාත්ම වැදගත් කාරණය තමයි මේ හැම ගැටළුවක්ම
සුව කරන්න පුළුවන් කියන එක. ඒ සඳහා ඔබ යායුත්තේ කවුරුන් ළඟටද යන්න පැහැදිලිව
තේරුම් ගත යුතු වෙනවා. මෙවැනි ගැටළුවකින් පෙළෙනවා නම් ඔබට කළ හැකි හොඳම දේ තමයි ළඟම ඇති රජයේ රෝහලෙන්
වෛද්‍ය උපදෙස් පතන එක. පුවත්පත් දැන්වීම් පළ කරන වෙළඳුන්ට නිකරුණේ මුදල්
වැය කරනවාට වඩා එය ඵලදායී වෙනවා. නමුත් ඔබ වෛද්‍යවරයකු හමු වීමට යායුත්තේ ඔබේ
ලිංගික ගැටළුව පහත ආකාරයේ එකක් නම් පමණයි. එසේ නොවේ නම් එම ගැටළුව ඉදිරි කාලයේදී
මගහැරී යාමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
- දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක්
- තමන්ට තනිව විසඳාගත නොහැකි ගැටළුවක්
- තම පවුල් සම්බන්ධතාවය බිඳවැටීමේ අවදානමක් ඇති ගැටළුවක්
ලිංගිකත්වය ගැන ලියපු අවසාන පෝස්ට් එක මේ
විදියට අවසන් වෙනවා. නමුත් ඉදිරියේදී මේවාට අදාලව වැදගත් යමක් තිබුනොත් ප්‍රදීප්ගේ
පිටුවේ ලියවේවි. බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනට ඔබේ දායකත්වය
ලබාදෙන්න කියන ඉල්ලීම නැවතත් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ජය...!





18+ වගේ උනත් වැදගත් පෝස්ට් එකක්... (මං වගේ පොඩි උන්ට නෙමේ)
ReplyDeleteපත්තරේ නම් ලිංගික මනෝ වෛද්‍යවරු ඕන තරම්.
ReplyDeleteමෙච්චර එව්වා දැනගන්න ඕනෙද අපුච්චේ....ඒකත් ඩිග්‍රියක් වගේනේ
ReplyDeleteවැදගත් දෙයක් මචං.
ReplyDeleteකුනුහබ්බ දෙසනවට වැඩිය සමාජෙට වැඩදායී !
වැදගත් ලිපියක් වෙනදා වගේම.!
ReplyDeleteහැමදාම වගේ අදත් නියමායි
ReplyDeleteela
ReplyDeleteමේක කියවන්න හෙන ගේමක් දුන්නා හරියට xxx එකක් බලනවා වගේ හික් හික් හික් දන්නෙ නැද්ද අධ්‍යාපනික එකක් උනත් ඈතින් ඉඳන් බලන අය බලන්නෙ වෙනස් විදියටනේ
ReplyDeleteලොකුවෙලාම කියෝනවා
ReplyDelete(ඉතුරුටික කපාහරින ලදි)
gd post
ReplyDeleteඅනිත් හැමෝමත් කියල තියන එකේ පෝස්ට් එකේ වැදගත්කම ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. ??
ReplyDeleteඅනික ලියපු එකා අපිට වඩා මේකෙ වැදගත්කම දන්න නිසා ගහ දන්න එකාට කොළ කඩා පෑව වගේ වෙනව ඒක.. අලේ වෙන මුකුත් කියන්ඩ ලැජ්ජයි අයියෝ.. :P
වැදගත් ලිපියක්,නොදන්න දේවල් ගොඩක් දැනගත්ත...ගොඩක් ස්තූතියි අයියෙ
ReplyDeleteවැදගත් පෝස්ට් එකක් අයියේ..
ReplyDeleteඔන්න වැඩ හොඳ සමාජගත දැනුවත් කිරිමක්...
ReplyDeleteඉතාමත් හොද දැනුවත් කිරීමක් ප්‍රදීප් අයියේ..
ReplyDeleteබොහොම වටිනා ලිපි පෙළක්.. ගොඩක් හොදයි.මං වැඩිය මේ සම්බන්ධයෙන් දන්නේ නෑ.මේ ලිපි පෙළෙන් හොද දැනුමක් ලැබුණා.
ReplyDeleteහැමදාම වගේ එක ක්ලික් එකකින් දැනුම කෝටියක් ගන්න පුළුවන් බ්ලොග් එකක්. නොදන්නා දේවල් සරලව පැහැදිලිව කියල දෙනවට ගොඩක් ස්තුතියි ප්‍රදීප් අයියේ.
ReplyDeleteඇමරිකන් රීයූනියන් පිලුම් එක වගේ නිකං...
ReplyDeleteවටින ලිපියක්. අපූරුයි.
ReplyDeleteකවුරුත් එලිපිට කතා කරන්න මැලිවන එහෙත් කතාකළ යුතු කරුනූ කීපයක්.. සුලු ප්‍රතිකාර ක්‍රම වලින් විසදන්න පුලුවන් ප්‍රශ්න වලදී වුවත් ලැජ්ජාව නිසා නිසි උපදේශනයක්/ප්‍රතිකාරයකට යොමු නොවීමෙන් පවුල් ජීවිත පවා අවුල් වෙන වෙලාවල් ගැන දැක තියෙනවා...
ReplyDeleteඔන්න කොමෙන් හරි මම තුන් වෙනි පාරටත් කියෙව්වේ වෙන මොකටවත් නෙමේ ,
ReplyDeleteඅපි කොච්චර විහිලු කරත් , දවසක අපිට ඇත්තටම ඕනේ වෙන මාතෘකාවක් නිසා ,
කොච්චර නෑ කියන අය හිටියත් යථාර්තය ප්‍රසිද්ද රහසක් නිසා එක ගැන ගැටළුවක් නැහැ ,
මගේ අදහස නම් මේකයි , ගොඩක් අය මේ වගේ ප්‍රශ්න වලදී ඩොකෙක් ගාවට යන්න මැලි වෙනවා ,
මම අතිශෝක්ති ගුණෝකථනයක් කරන්වා නෙමේ , එත් බොහොමත් වෙලාවට මේ වගේ පොස්ටු , ඒ අයගේ දොස්තර වෙන්න පුළුවන් ,
ඉතින් වඩාත්ම වටින්නේ මානසික වයිද්‍ය කෙනෙක්ම මේ වගේ දේවල් තමාගේ වැඩ රාජ කාරී අස්සේදී අනිත් අය අස්සේ බෙදා ගණන එකයි , (බ්ලොග් එකට එන්න ගෙවීමක් කරන්න උවමනා නැහැනේ )
ඉතින් සමහරෙක්ට සාමාන්‍ය දෙයක් , සමහරෙක්ට විහිළුවක් , සමහරෙක්ට ඉර්ශ්‍යා හිතෙන මේ වගේ දෙයක් තවත් කෙනෙකුට ජිවිතේ වැදගත්ම පොස්ට් එක වෙන්න පුළුවන්
පවුල් අරවුල්ර් එක්ක බැලුවම ,
ජය ! ප්‍රදීප් අයියේ , !
ශක්තිය සහ සිතුවිලි නිතර පහල වේවා ! කරන සේවෙට
පසුව : මම පොඩි එකා නිසා මේවා කියවලා මම පණ්ඩිතය වෙනවා :D
සෑහෙන්න වැදගත් මචං..ඇත්තටම සමාජය කතා කරන්න අදිමදි කරන මාතෘකාවක් වුනත් කොච්චර වැදගත්ද කියලා පුද්ගලික ජීවිතේදී තේරුම්ගන්න පුළුවන්
ReplyDeleteපට්ට ඈ!මම කිව්වේ මගේ presentation වලටත් මේකෙන් ගන්න පුළුවන් උනා කියලා..ඒ වගේ සුපිරි ලිපි දිගටම ලියන්න... :)
ReplyDeleteකුණුහරප ලියනවට වඩා ඇත්තටම වටිනවා.. බලන් ගියාම එකත් සෙල්ලම් වැඩක් නෙමේ නෙහ්....?
ReplyDeleteමම නම් දන්නේ නෑ ඕවා තාම
ලිංගිකත්වය ගැන කතා කරද්දි කියන්නෙ මාළුවන්ට පීනන්න උගන්වන්න ඕනිද කියලා වගේ කතාවක් උනත් සමාජයේ ලොකු , කුඩා හැමෝම අතරෙ තියෙන ප්‍රශ්න දැක්කහම තේරෙනවා මාළුවන්ටත් උගන්වන්න ඕනි පීනන්නෙ කොහොමද කියලා.. නැත්නම් උන්ට ඕනි ඕනි විදියට පීනන්න ගිහින් කර ගන්න විනාශෙ පේනවා අද පත්තරයක් අතට ගත්තහම..ලිංගික කටයුත්ත හරහා විනාශ වන ජීවිත සහ විනාශ කරන ජීවිත දුටුවහම එදාටත් වඩා අදටයි මේක ගැන හැමෝම දැනුවත් වෙන්න සහ කරන්න ඕනි. ඒ දැනුවත් කිරිල්ල හරහා ඇවිස්සුනු හැඟීම් පරයා බුද්ධිය යෙදවිය යුතු තැන බුද්ධියට ජීවිතය මෙහුයුම් සාධකය වෙන බහුතරයක් ඉන්න සමාජයක් ගොඩ නඟන්න වෙන ක්‍රමයක් නම් පේන්න නෑ. ඒ වෙනුවෙන් මල්ලිගෙ උත්සාහය හරි ප්‍රයෝජනවත්...
ReplyDeleteela lipi okkoma ela
ReplyDeleteවටිනවා .. ගොඩක්
ReplyDeleteබොහොම ස්තුතියි කියවපු කමෙන්ට් කරපු හැමෝටම. ජය...!
ReplyDeleteDeyak niweradi akarayata samaajahatha karana eka thama wadaa wedegath. Oya eka hariyatama karanawa aiya. Obata jaya !!!
ReplyDeleteවටිනා ලිපියක් ...
ReplyDeleteමරු හොඳේ මේවාගේ වැදගත් ඒවා දිගටම ලියන්න සහෝ...අපි වගේ වල්පල් ලියනවට වඩා එක මරු
ReplyDeleteවැදගත් ලිපියක් ආ....
ReplyDeleteWow malle oya wade hothetame kerela. subapathum
ReplyDeleteහුගක් වටිනා ලිපි පෙළක් .. සමාජයේ පවතින මිත්‍යාමත සමබන්දයෙන් කෙරුන විද්‍යාත්මක විග්‍රහයක්...මේ සම්බන්දයෙන් අපේ සර් කෙනෙක් ලියපු පොතක් තියෙනවා....විශේෂඥ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාගේ "රතිය විදු ඇසින්" කියල. එකෙත් මේ මාතෘකාව සම්බන්දයෙන් ගොඩක් කරුණු විස්තර කරල තියෙනවා...
ReplyDeletehttp://www.sarasavi.lk/rathiya-vidu-asin.html
කාලොචිතයි සිරාවටම !
ReplyDelete(Y)
ReplyDelete