Posted by Pradeep Gunarathna at 12:46 AM
Read our previous post
ප්‍රදීප්ගේ පිටුව මෙච්චර කාලයක් වෙන් වෙලා
තිබුනේ අධ්‍යාපනික කරුණු වලට. ඒ නිසා අත්දැකීම්, රසවිඳපු දේවල්, මතකයන් සහ
කලාව ගැන ලියවුනේ මුහුණු පොතේ. පස්සෙ කාලෙක කලාව වෙනුවෙන් ප්‍රදීප්ගේ පිටුවේ යම්
ඉඩක් වෙන් කරන්න අවශ්‍යයි කියලා හිතුනේ "ස" ප්‍රසංගය නරඹපු දවසේ. ඒ ගැන ලියන්න
අවස්ථාවක් තවම ලැබුනේ නෑ. මේ සටහනට ආසන්නම හේතුව තමයි මීට අවුරුදු 3 -4 කට කලින්
නරඹපු ප්‍රසංගයක වීඩියෝ පිටපත නැවත වතාවක් නැරඹීම.
මට මතක විදියට ඒ 2008 අවුරුද්දේ කොළඹ ජාත්‍යන්තර
පොත් ප්‍රදර්ශනය. ගමෙන් කොළඹට සංක්‍රමණය වෙලා ගත වෙලා තිබුනේ අවුරුද්දක විතර
කාලයක්. එතකොට අපි උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ. පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන හැම
දවසකම හැන්දෑවට මොකක් හෝ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා. (පොත් ප්‍රදර්ශනය ගැන
ලියවෙන එක පෝස්ට් එකකවත් සඳහන් නොවුනට මම දන්න කාලෙ ඉඳලා මේ දක්වාම ඒ සම්ප්‍රදාය
ක්‍රියාත්මක වෙනවා) අපි පොත් ප්‍රදර්ශනය බලන්න යන මූලික හේතුව තමයි මේ ප්‍රසංගය.
දෙවනුව තමයි පොත් බලන්නේ.
මේ කියන දවසේ ප්‍රසංගය නම් කරලා තිබුනේ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
- බණ්ඩාර ඇහැලියගොඩ ගී මියැසි රූ සරණිය" කියන නමින්. බණ්ඩාරනායක සම්මන්න්‍රණ ශාලාව
ඉදිරියේ තියෙන පොකුණ උඩ ලස්සන වේදිකාවක් නිර්මාණය කරලා තිබුනා.
නුහුරු හැඟුම් අවදි වෙමින් - සොඳුරු යුගය
ඇරඹිලා..
සසර පුරා
පැතුම විලස - අපට අපම හමු වෙලා...
ආරම්භක සටහනත් සමග ප්‍රසංගය ආරම්භ වුනා. සෑම
වයස් කාණ්ඩයක්ම ආමන්ත්‍රණය කරන බණ්ඩාර ඇහැලියගොඩ ගී පද රචනා 16ක් පුරා පැය දෙකක්
තිස්සේ වේදිකාව මත නිර්මාණය වුනා. අද දවසේ අරමුණ මේ ප්‍රසංගය වර්ණනා කිරීම නොවෙයි.
ප්‍රසංගයේදි ගායනා වුනු ගීත වලින් බොහොමයක් අපිට නිතර නොඇසෙන අර්ථවත් ගීත. මේ සටහන
ලියවෙන්නේ ඒ ගීත වලින් කිහිපයක් වෙනුවෙන්. මේ ගීත වල අර්ථය වර්තමාන සමාජයට කෙතරම්
ගැලපේදැයි බලන්න.
පළමු ගීතය ගස් වලට අරක්ගත් යක්ෂයන් මිනිස්
යක්ෂයන්ට පැරදුනු ප්‍රවෘත්තිය පිළිබඳවයි. මහා රූස්ස ගස් යක්ෂ බන්ධනයෙන් හෝ රැකී
තිබුනි. යකුන් පිළිබඳ මිත්‍යාව
හෝ ආකල්පය සමාජයෙන් ඈත් වන්නට වූ දින බැලූ බැල්මට අතරමං වූයේ නෙපෙනෙන යකුන්ය.
එහෙත් සැබෑවටම විනාශ වී, ගිනි වැදී, දැවී යන්නේ කළ ගුණ නොදත් මිනිසුන්ම නොවේද?
යක්කු:
විමානයෙන් බැස
හනිකා
විළඳ පුළුටු රැගෙන කකා
ගොම්මන් සමයමේ
ඇවිත්
හොල්මන් කරවයි
නොයෙකා
අපට කියන නමයි
යකා...//
ළමයින්:
ඇසුත් රතුයි
දතුත් ඇදයි
කෙසුත් දිගයි
බඩත් ලොකුයි
මටත් බයයි
මටත් බයයි
දුවමු දුවමු
අපි අල්ලයි//
යක්කු:
නපුරු මුහුණ
ගැන නොතකා
එබී බලන් හිත
මෙළෙකා
මතුපිට පෙනුමට
බිය වී
පුතේ දුවේ
දුවනු එපා
අතවර නොම වෙයි
නිසැකා//
ළමයින්:
කතාව නම් හොඳ පාටයි
නපුරු කමක්
නැතුවා වගෙයි
පෙනුමෙන්
බියකරු වුනාට
මේ අය හරි
අහිංසකයි
මිනිසුන්ටත්
වැඩිය අපට
ආදරේද කියා
සිතෙයි//
යක්කු:
යදමින් බැඳගෙන වැඩපල අරගෙන
ගුණ යහපත්කම්
කිසි විට නොතකන
මල් වැනි
දරුවන් රවටන වනසන
පොඩිවුන් තනි
කොට වස බී මියැදෙන
යක්කුන්ටත්
නැති අවගුණ පතුරන
අපටත් ලැජ්ජයි
මහ මිනිසුන් ගැන
ළමයින්:
රූස්ස ගස් වල
නැගගෙන
විමානයන් ඉදි
කරගෙන
ඉන්නට හැකි කම
තියෙද්දි
ඇයි මේ මහ මග
තැන තැන
යක්කු:
මහගස් කපලා
ගල්කුළු උදුරා
කැලෑ කපා ගිනි
තියලා වනසා
උන්හිටිතැන්
අපටත් නැති කෙරුවේ
මිනිසාමයි හුඟ කාලෙක ඉඳලා
කාට කියන්නද
සිදුවුන වියසන
යන එන මං නැති
අපි දැන් තැන තැන
දෙපිරිසම:
නපුරු නමට
කුහක කමට මුල් තැන දෙන්නේ
තමන් ගැනම මිස
අන් අය ගැන නොසිතන්නේ
හිතින් වියරු
ගතින් රුදුරු මහ මිනිසුන්නේ
සුළඟක්වත් නැති ලොවකුයි අපට වටින්නේ
සංගීතය - රෝහණ
වීරසිංහ
ගායනය - කලාභූමී ගායන වෘන්දය
ගීතය
අන්තර්ජාලයේ හොයාගන්න බැරිවුනා. අවස්ථාවක් ලැබුනොත් හොයාගෙන අහලා බලන්න.
මීලඟ ගීතය අක්කා කෙනෙක් නංගීට දෙන උපදෙසක්.
අක්කා මුහුණ දුන් අත්දැකීම නංගීට අත් නොවිය යුතු බවයි අක්කාගේ අදහස. "මග හොඳට තිබේ නම් දෑසත් හොඳට පෙනේ නම් - උඹ පරිස්සමින් පය තියපං බැදි වල නොගිහිං"
නංගියේ මොකද -
ගොම්මනේ මිදුල මැද
හිනා වෙවී
තනියෙන්...
වැඩ ඇරී ගෙදර
- ආ වෙලේ ඉඳන් නුඹ
කියන්න බැරි
සතුටින්...//
මල්කුමාරයෙක්
ඉස්සර මා ගාවට ආවයි
නුඹ වගේ මමත්
හිනා වෙවී සතුටින් හිටියයි
දූ සිඟිත්තියක් හෙමින් සැරේ දෝතට වැඩියයි
මල් හිනා නැගූ
ඇස් වල උණු කඳුලැලි පිරුණයි
මග තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වළසුන්
ළංවෙලා කතා
කරයි කියා නැති නෑදෑ කම්
මග හොඳට තිබේ නම් දෑසත් හොඳට පෙනේ නම්
උඹ පරිස්සමින්
පය තියපං බැදි වල නොගිහිං
සංගීතය - රෝහණ
වීරසිංහ
ගායනය -
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගීතය මෙතනින්බා ගන්න.
මේ ගීතය රූකඩ
ගැන. රූකඩ දිහා බලලා අපි සතුටු වෙනවා, විනෝද වෙනවා. බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ එක්
රූකඩ ගීයක මේ විදියට කියවෙනවා. "ලොකු
මහතුන් නිල බල ඇති - අද පොඩි මිනිසුන් නටවති...
ලොකු රටවල් විලි බිය නැතී
- අනෙ පොඩි රටවල් නටවන සැටී.." මේ අපේ කතාව නොවේද?
අම්බලන්ගොඩ සිට - ගම් දනව් වල රට තොට
ඇවිද ගිය නැටුමට - මෙන්න රූකඩ ඒය සබයට
නන්නානේ නානන නන්න්නේ නානන නන්න්නේ නානන නන්නානේ නා//
දන්න ලෙසට නට
නට සව්දං - අපි
යන්න ගියේ
රටවට සතුටින්
බින්න නොවෙයි
පවසන මෙවදන් - අහ
ගන්න ඉතින්
මහතුඟ සවනින්
ගමෙන් ගමට පිය
මැන ගොසින් - අපි
නැටුම් නැටුව
මුත් සන්තොසින්
අපෙන් නැටුම උදුරා
අරන් - අද
නටන්නෙ අපි
නොව වෙන එවුන්
ලොකු මහතුන්
නිල බල ඇති - අද
පොඩි මිනිසුන්
ටික නටවතී
ලොකු රටවල්
විලි බිය නැතී - අනෙ
පොඩි රටවල්
නටවන සැටී
නූල් සූත්තර
මිස අනේ - අද
දකින්න
කිසිවක් නැති වුනේ
කාට කියන්නද
වියසනේ - අපි
පාරට වැටුනයි
දෙවියනේ
නටවන නැටවෙන
අය අතින් - අපි
අසරණ ලෙස කොන්
වී ගිහින්
අනේ අපේ දුක
දැක නෙතින් - රැක
දුනොත් යෙහෙකි
රූකඩ නැටුම්...
සංගීතය - රෝහණ
වීරසිංහ
ගායනය -
කලාභූමි ගායන වෘන්දය
මේ ගීතයත්
හොයාගන්න ලැබුනේ නෑ.
වාසනාව හැම
විටම ඇත්තේ කාර්යක්ෂම මිනිසුන් ළඟයැයි කියමනක්
තිබේ. ඒ කියමනෙන් කියවෙන්නේ අපේ තාත්තලා ගැනද? වන්නි වන පෙතේ තාත්තලා ගැනද?
ඔවුන්ගේ පුතුන්ගේ තත්වය කෙසේද?
වන්නි වන පෙතේ
ගම් දනවු පුරා - නිවහන
වංකගිරි වනේ
වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා
බැතියෙන් වන්දනා කරම්//
කන්ට බෑ කියා
- තනිවම
එන්ට යැයි
කියා - ගමටම
බත් බුලත්
නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් -
පූරුවෙ
කරන ලද පවක් -
පලදී
බින්න බැස
සිටිති නගරය අසළ දූ පුතුන්
කල්ප කාලයක් -
පරපුර
දුන්න දන්
ඇතත් - සිතතුල
මාසෙකට වරක්
ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන්
- බත්පත
කවුරුවත්
එතැයි - බිය වැද
දොර ජනෙල් වසා
තනියම බුදිති බෝ දුකින්.
සංගීතය - රෝහණ
වීරසිංහ
ගායනය -
සුනිල් එදිරිසිංහ
ගීතය මෙතනින්
බලන්න.
මේ අළුත්
උත්සාහයේ පළමු පියවර මෙතනින් අවසන් වෙනවා. හොඳ නරක, ඔබේ
අදහස් පහලින් ලියලා යන්න. කලාව ගැන ලියන්න ගත්තා කියලා අධ්‍යාපනික කරුණු ගැන ලියන
එක නවත්වන්නෙ නෑ කියන එකත් මතක් කරන්න ඕන. බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරවැඩසටහනට මේ මාසෙ 23 වෙනිදා දක්වා පොත් බාරදෙන්න පුළුවන්. පොත් බාරදෙන්න අදහස් කරන
අය අපට කතා කරන්න. මීලගට ලියන්න බලාපොරොත්තු වෙන්නෙ සැකය ගැන. එහෙනම් ගිහින්
එන්නම්.





ෂා මරු මරු මෙව්වත් ලියන්ඩ ගත්තාද, ඉස්සර නං මාසයකට දෙපාරක් තුන්පාරක් අඩුම තරමේ හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක්වත් බැලුවා , දැන්කොහෙද ඉත්න් එව්වා.
ReplyDeleteඅළුතෙං අතගහපු පැත්තත් එලම තමා...
ReplyDeleteනියමයි...
ජයවේවා ප්‍රදීප් අයියේ...
සාර්ථක උත්සාහයක්!!! සුභාවිත ගීතයේ හැඩතල ඇත්තටම අපූරුයි!
ReplyDeleteපලවෙනි ගීතයට මට අත්දැකීමෙන් ම එකඟ වෙන්න පුළුවන්. රූකඩ ගැන කියන ගීතය නම් මම අහල නෑ. අනෙක් ගීත දෙක නම් මම ආසම ගීත දෙකක්. කොහොමත් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත නිස්කලංකව රස විඳින්න පුළුවන්. වෙනස් ලිපියක් වෙනස්. රසයක්.. ජයවේවා!!
ReplyDeleteහ්ම්.. සින්දු ගැන..
ReplyDeleteලිවිල්ල ගැන කියනවනං එදා ඉඳල මම දැකපු දෙයක් ලියන කරුණු කොච්චර අධ්‍යාපනික වුණත් කියවන්න, තේරුම් ගන්න ලේසි විදියට, ආස හිතෙන විදියට අයිය ලියල තිබුණ.. අනිත් දේ ලියන දේ හරියට ලියල තියන එක.. ඒ කිව්වෙ අකුරු.. ගොඩක් අය ලියද්දි හිතන්නෙ නෑ අකුරු ගැන වැඩිය.. ඒත් අයිය පුලුවන් තරම් හරි විදියට භාෂාව රැකගෙන ලියනව.. මේ පෝස්ට් එකත් එහෙමයි මට නං..
ඔය වන්නි වනපෙතේ සින්දුව අහපු දවසෙ ඉඳලම ප්‍රශ්නයක් තිබුණ මට මේ කියන්නෙ මොකක් ගැනද කියල.. ගොඩක් ස්තූතියි අද ඒකත් විසඳුණා... අර ගස් කැපිල්ල ගැන සින්දුව දැක්කාම මට මතක් වුණා සුනිල් එදිරිසිංහ මහත්තයගෙම මේ සින්දුව...
කපා බිම හෙළා ගහකොළ
තනා මහ විමන් මිහි මත
පුරෙන් පුර දනන් දෙව්පුර
අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ
බියෙන් සැලෙනවා
උන් හිටි තැන් නැති වෙලාද
උන් කළ පිං පිරිහිළාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා
විදා හළ නැණින් පිරිසිඳ
වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය
හඹා දුවනවා
දෙව් ලොවින් බසින
දෙවියෝ සුසුම් හෙළනවා
ඇස් අදහා ගන්ට බැරිව
පිං පවු විසඳන්න බැරිව
ඉරිසියාව යට කරගෙන සාධු කියනවා
දිනූවෙද මහා සක්වළ
ලැබූවෙද මහා සිත් නැණ
දේව අනුහසින් වේදැ'යි
බියත් හිතෙනවා
දනින් හිඳ සුරන් පායුග
නරන් වඳිනවා
මිනිස් මහිම අඩු වෙලාද
මිනිස්කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා
අහල බලන්න කොහොමද කියලා මේකත්.. :)
පට්ට ඈහ්...ආයේ පාරක් කියවන්න ආසා හිතුනා....ඔන්න බුක්මාක් එකකුත් දැම්මා...සුපිරියට ලියනවා..ගොඩක් වටිනා කියන ලිපියක්..අපේ රටේ දේ අගයන එක ගැන ගොඩක් ආඩම්බරයි ලොක්කා...වෙල් ඩන් සහෝ.....
ReplyDeleteවෙනස්ම විදියේ ලිපියක්.බොහොම සාර්ථක උත්සහයක් ප්‍රදීප් සහෝදරයා..
ReplyDeleteඔය දුවේ නුඹ මගේ ප්‍රාණයයි ගීතයත් බොහොම ලස්සන ගීතයක්..
ජය සහෝ...
ReplyDeleteදුවේ නුඹ මගේ ප්‍රාණයයි නියම ගීයක් !
ලියන්න කලින් අහපුවාම ලියපං කිව්වෙ අනිවා මේ වගේ එලකිරි පෝස්ට් එකක් එන නිසා...
ReplyDeleteදුවේ නුඹ මගේ ප්‍රාණයයි.. කට ඇරලා ගීතයක් කියලා කියන්න පුලුවන් විදියෙ ගීතයක්...
වන්නි වන පෙතේ ගීතය මගේ හිත සසල කල සංවේදී ගීයක්..
ReplyDeleteවිෂේශයෙන් අන්තිම පදපේලි ටික..
ස්තුතියි ප්‍රදීප් මේ ගී ටික බෙදාගත්තට
ලොකු මහතුන් නිල බල ඇති - අද පොඩි මිනිසුන් නටවති... ලොකු රටවල් විලි බිය නැතී - අනෙ පොඩි රටවල් නටවන සැටී..
ReplyDeleteහික්ස් ^_^
ටිකක් ව්‍යාපෘති වාර්තාවක් වගේ!
හොද පෝස්ට් එකක්
හොඳ ආරම්භයක් ජය
ReplyDeleteසින්දු ව
ReplyDelete""පළමු ගීතය ගස් වලට අරක්ගත් යක්ෂයන් මිනිස් යක්ෂයන්ට පැරදුනු ප්‍රවෘත්තිය පිළිබඳවයි. ""
වෙලාවේ හැටියට මට වැදගත් උනා :D
හැබැයි බන් මම නම වැඩියම කැමති කලින් ලිව ඒවත් ලියනවා නම් (ජජස්ට් මයි ඔපිනියන් ) :D
අය්යාට මෙහෙම දේවල් ලියන්න පුළුවන් කියලා දන ගත්තේ එකත් ගොඩක් වටිනවා..... ඇත්තටම ගොඩාක් වටිනා පොස්ට් එකක් ප්‍රදීප් අය්යේ.... මාසෙකට සැරයක් වත් මෙහෙම ලියවෙනවා නම් ගොඩාක් වටිනවා....
ReplyDeleteජය...... ඇත්තටම මම අහලා නැති ඒවා කොයි තරම් තියනවද කියලා හිතුනා
ගීත රසාස්වාදනය කියන්නේ අගේ කරලා යුතු දෙයක් මොකද හැමෝටම සින්දු අහන්න බැහැනේ ,හුගක් අය සින්දු කියවනවා විතරයි
ReplyDeleteමම නම් මේකේ දාපු සිංදු එකක් වත් අහල නෑ... ඒ මම අකමැති නිසා නෙමේ ඇත්තටම ඇහිලාවත් නැති නිසා... ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කර ගන්න ඕන... (එකක් අහල තියෙනවා.. හෙඩිමේ සිංදුව)
ReplyDeleteමූ හෙන කලා කාරයෙක් වගේ... වෙලාවක යන්න ඕන පෙන් එකත් උස්සන් මුගේ කාමරේට.. පරණ සිංදු ටිකක් දාන් එන්න..
ReplyDeleteමේ රූකඩ සින්දුව අපි පහ වසරේදි කොන්සර්ට් එකේ නැටුවා.ඒ කිව්වෙ 2006 අවුරුද්දෙ.ඒ දවස්වල ඉතින් අපිට ඔයිට එහා සින්දුවක් නෑ...D
ReplyDelete(වෙන සින්දු අහන්නෙත් නෑනේ ඉතින් ඒ කාලෙ.වැරදිලාවත් ඇහුණොත් ඉතින් මේ වගේ එකක් තමයි)