Posted by Pradeep Gunarathna at 12:14 AM
Read our previous post
මානසික රෝග අපි ඕනෑම
කෙනෙකුට හැදෙන්න පුළුවන් කියලා මානසික රෝග කියන්නේ මොනවද? කියන පෝස්ට් එකේදි අපි
සාකච්ඡා කලා. මානසික රෝගයක් හැදුනාම කෙනෙක්ට ආවේදන දැනෙන විදිය, යමක් තේරුම්ගන්න
විදිය, සිතන පතන විදිය සහ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම් ඇතිවුන
කෙනෙකුට කරන ප්‍රතිකාර මොනවද? ඒ ගැන බොහොමයක් දෙනෙකුට තියෙන්නේ වැරදි ආකල්පයක්. ඒ
නිසා අද ප්‍රදීප්ගේ පිටුව වෙන් වෙන්නේ මානසික රෝග හැදුනු කෙනෙකුට කරන ප්‍රතිකාර
පිළිබඳව සාකච්ඡා කරන්න.
විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදීම සිදු කරන්නේ රෝගියා නිර්වින්දනය කිරීමෙන් පසුවයි. විද්‍යුත් කම්පන ලබාදීමෙන් පසුව රෝගියාගේ තත්පර කීපයක අපස්මාර අවස්ථාවක් දැකගන්න පුළුවන්. මේ ප්‍රතිකාරය සාපේක්ෂව අතුරු ආබාධ අවම ප්‍රතිකාර ක්‍රමයක් විදියටයි පිලිගැනෙන්නේ. සාමාන්‍යයෙන් රෝගියකුට දිනකට එක් අවස්ථාව බැගින් විද්‍යුත් කම්පන අවස්ථා කීපයකදී ලබාදෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන රජයේ රෝහල් කීපයකම මේ වන විට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙනවා.
යම් ආකාරයකින් කෙනෙක්
මානසික ගැටළුකාරි අවස්ථාවකට පත් වුනොත් ඒ සඳහා ප්‍රතිකාර
කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙහිදී වඩාත් වැදගත්ම ලක්ෂණය තමයි රෝගය කලින් හඳුනාගැනීම. ඒ සඳහා සමාජයට
විශාල කාර්යභාරයක් පැවරෙනවා. මොකද කෙනෙකුගේ වෙනස්වීමක් මුලින්ම දැනගන්න ලැබෙන්නේ
ඔහුට හෝ ඇයට සමීප ඥාතීන් සහ හිතවතුන්ට. මොකද සමහර මානසික රෝග වලදි රෝගී බවට පත්වෙන
කෙනාට තමන්ගේ වෙනස්කම් දැනෙන්නේ නෑ. එයා ඒ වෙනස්කම් දකින්නේ සාමාන්‍ය දේවල්
විදියට. නමුත් සමිපතමයන් එවැනි වෙනස්කම් නොසලකා හැරීම මගින් ජීවිත හානි පවා
සිදුවෙන්න පුළුවන්. (උදාහරණයක් විදියට පසුගිය වසර 20ක කාලය තුල සෑම වසරකම ලෝකයේ
සියදිවි නසාගැනීම් වැඩිම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක් වෙලා තියෙනවා. ලංකාවේ
සිදුවෙන සියදිවි නසාගැනීම් වලින් බහුතරයක් සිදුවෙන්නේ හඳුනානොගත්
විශාදය නිසා බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා.)
රෝගයක් හඳුනාගත්තට පස්සේ රෝගීන් සඳහා ලබා දෙන ප්‍රතිකාර කොටස් තුනක් යටතේ වර්ග
කරන්න පුළුවන්. මානසික රෝග සඳහා ලබාදෙන ප්‍රතිකාරත්
ඒ කොටස් තුන යටතේ වර්ග කරන්න පුළුවන්.
- භෞතික ප්‍රතිකාර
- මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර
- සමාජමය ප්‍රතිකාර
මානසික රෝග වලින්
පෙළෙන්නන් සඳහා ලබාදෙන භෞතික ප්‍රතිකාර වර්ග දෙකක්
තියෙනවා.
- ඖෂධ ප්‍රතිකාර - පෙති, කරල් සහ නික්ෂේපන (එන්නත්) විදියට ඖෂධ ලබා දෙනවා. සාමාන්‍යයෙන් මානසික රෝග සඳහා පෙති විදියට බෙහෙත් ලබා දුන්නත් ඇතැම් අවස්ථා වලදි එන්නත් භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. එවැනි එක අවස්ථාවක් තමයි රෝගියා බෙහෙත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන හෝ ඖෂධ ලබා දීමට අපහසුතා පවතින අවස්ථා. එවැනි අවස්ථාවලදී මසකට වරක් එන්නතක් මගින් අදාල ඖෂධ රෝගියාට ලබාදෙන්න වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඒ වගේම ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවේ එක් අංශයක් විදියට එවැනි රෝගීන්ගේ නිවෙස් වලට ගොස් ඒ ඖෂධ ලබාදෙන්නත් කටයුතු කරන අවස්ථා තියෙනවා. ඉදිරියේදී එවැනි සේවාවන් තවත් පුළුල් වේවි. කුමන ඖෂධය වුනත් වෛද්‍ය උපදෙස් වලට පිටින් ගැනීම, මාත්‍රාව වෙනස් කිරීම එහෙමත් නැත්නම් ඖෂධ භාවිතය නතර කිරීම නිසා විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මානසික රෝග වලට ලබාදෙන බෙහෙත් තමන්ට අවශ්‍ය විදියට භාවිතා කිරීම හෝ රෝග ලක්ෂණ නැති වූ පසුව නැවැත්වීම නොකල යුතුයි.
- විද්‍යුත් කම්පන ප්‍රතිකාර - (Electro Convulsive Therapy – ECT) සාමාන්‍ය භාෂාවෙන් මේ ප්‍රතිකාරයට කියන්නේ "කරන්ට් එක අල්ලනවා" කියලා. විද්‍යුත් කම්පන ප්‍රතිකාරයේදී සිද්ධ වෙන්නේ ඉතා සුළු විදුලි ධාරාවක් මොළය හරහා යැවීමෙන් රෝගියාට ප්‍රතිකාර කිරීම. මෙය පිළිකා රෝගීන්ට ලබාදෙන කරන්ට් ඇල්ලීමට වඩා වෙනස්. ගරිල්ලා මාකටින් චිත්‍රපටයේ "ඇතුන් ගවයන් එළදෙනුන් සහ..." කියන ගීතයේ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක් නිරූපනය කරනවා. පහලින් තියෙන්නේ ඒ ගීතයේ වීඩියෝව. ඒ වගේම "වයි දිස් කොලවරි..." ගීතය අඩංගු වුනු "ත්‍රී" කියන දෙමළ චිත්‍රපටයේත් විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙන දර්ශනයක් අඩංගු වෙනවා.
විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදීම සිදු කරන්නේ රෝගියා නිර්වින්දනය කිරීමෙන් පසුවයි. විද්‍යුත් කම්පන ලබාදීමෙන් පසුව රෝගියාගේ තත්පර කීපයක අපස්මාර අවස්ථාවක් දැකගන්න පුළුවන්. මේ ප්‍රතිකාරය සාපේක්ෂව අතුරු ආබාධ අවම ප්‍රතිකාර ක්‍රමයක් විදියටයි පිලිගැනෙන්නේ. සාමාන්‍යයෙන් රෝගියකුට දිනකට එක් අවස්ථාව බැගින් විද්‍යුත් කම්පන අවස්ථා කීපයකදී ලබාදෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන රජයේ රෝහල් කීපයකම මේ වන විට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙනවා.
මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර
මානසික රෝග සඳහා ලබාදෙන ප්‍රතිකාරයේදී මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර
වලට විශේෂ තැනක් ලැබෙනවා. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර විධි කීපයක් තිබෙනවා.
- උපදේශනය (Counseling) - උපදේශනය මානසික ගැටළුවකින් පෙළෙන අය සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්. උපදේශනයේදී සේවාලාභියාට ආකාර තුනකින් සහය ලබාගන්න පුළුවන්. ඒ තමයි තමන්ට දැනට ඇති ගැටළුව විසඳා ගැනීම, ඉදිරියේදී ඇතිවන ගැටළු විසඳාගැනීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගැනීම සහ පුද්ගලික සංවර්ධනය. උපදේශනයේදී සේවාලාභියාට උපදෙස් ලබාදීමක් සිදු කරන්නේ නැහැ. එහිදී සිද්ධ වෙන්නේ සේවාලාභියාට තමන්ගේ ගැටළුව විසඳාගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමයි. එමගින් තමන්ගේ ඇති ශක්තීන් හඳුනාගැනීමටත් ජීවිතයට සාර්ථකව මුහුණ දීමටත් සේවාලාභියාට හැකියාව ලැබෙනවා. ඒ වගේම එය මානසික ගැටළු ප්‍රාථමික අවස්ථාවේදීම විසඳාගැනීමට අවස්ථාවක් වෙනවා.
- ප්‍රජානන චර්යා ප්‍රතිකාර (Cognitive Behavior Therapy - CBT) - මෙම ප්‍රතිකාරය ලබාදෙන්නේ පුහුණුව ලැබූ සායනික මනෝවිද්‍යාඥයින් විසින්. නමුත් ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලත් සායනික මනෝවිද්‍යාඥයින් ඉතා සුළු පිරිසක් සිටින නිසා මේ යටතේ එන ප්‍රතිකාර වෙනත් සෞඛ්‍ය වෘත්තිකයින් විසින් සිදුකරනු ලබනවා. මෙය සුළු මානසික ආබාධ සහ ඇබ්බැහි වීම් වැනි අවස්ථා වලදී ඉතා සාර්ථක ලෙස යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක්.
සමාජමය ප්‍රතිකාර
සමාජමය ප්‍රතිකාර යටතට
ගැනෙන්නේ පුනරුත්ථාපනය (Rehabilitation) සහ වෘත්තීය
චිකිත්සාව(Occupational Therapy). රෝගියාගේ
නැතිවී ගිය හෝ වෙනස් වූ හැකියාවන් නැවත තිබූ තත්වය දක්වා හෝ ඉන් ඔබ්බට උසස් කිරීම
මගින් රෝගියාගේ ජීවන තත්වය නැංවීමත් නැවත ඔහු/ ඇය සමාජගත කිරීමත් පුනරුත්ථාපනය වශයෙන්
හඳුන්වනවා. පුනරුත්ථාපනයේදී වෘත්තීය
චිකිත්සාවට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. වෘත්තීය චිකිත්සාව මගින් කෙරෙන්නේ රැකියා සඳහා පුහුණු කිරීම කියලයි බොහෝ දෙනෙක් හිතාගෙන
ඉන්නේ. නමුත් වෘත්තීය චිකිත්සාව ඉන් එහාට ගිය පුළුල් විෂයයක්.
එහිදී පුද්ගලික,
සමාජයීය, වෘත්තීය, අධ්‍යාපනික, විනෝදාත්මක සහ ආධ්‍යාත්මික අංශයන්ගේ කුසලතා සංවර්ධනය
මගින් රෝගියාගේ ජීවන තත්වය (Quality of Life) ඉහල නැංවීම
අපේක්ෂා කරනවා. මේ සඳහා වෘත්තීය
චිකිත්සාවේදී භාවිතා වෙන්නේ ඵලදායී ක්‍රියාකාරකම්(Occupations). පුද්ගලික සනීපාරක්ෂාව පවත්වාගැනීම, වැඩෙහි
නිරතවීම, ගොවිතැන, ගෙදර දොර වැඩකටයුතු ආදී සාමාන්‍ය ජීවිතයේදී භාවිතා වන ක්‍රියාකාරකම්
මෙහිදී ප්‍රතිකාරයක් ලෙස භාවිතා වෙනවා. ඊට අමතරව කණ්ඩායම් ප්‍රතිකාර, ප්‍රතිකාරාත්මක
ක්‍රීඩා ආදී විශේෂිත ක්‍රියාකාරකම්ද භාවිතා කරනු ලබනවා. මේ වන විට ලංකාව පුරා ප්‍රධාන
රජයේ රෝහල් වල ප්‍රතිකාර මාධ්‍යයක් ලෙස වෘත්තීය චිකිත්සාව යොදාගනු ලබනවා. කායික රෝග
වලටත්, මානසික රෝග වලටත්.
මේ සියළුම ප්‍රතිකාර
විධි භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයා නැවත
සාමාන්‍ය තත්වයට පත් කිරීම. එහිදී පවුලේ සාමාජිකයන්ගේ සහ ඥාති හිතමිත්‍රාදීන්ගේ
සහය අත්‍යාවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මේ ප්‍රතිකාර සඳහා වැය කරන
කාලය, ශ්‍රමය, දැනුම සහ මුදල් වල නිසි ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම රෝගී
වූවන් කොන් නොකිරීමත්, ඔවුන් ආදරයෙන් රැකබලාගැනීමත්, ඔවුන්ගේ නැතිවී ගිය වටිනාකම
නැවත ලබාදීමත් පවුලේ සාමාජිකයන්ගෙන් අපේක්ෂා කරනවා. එහෙම වුනොත් මානසික රෝගයකින්
පෙළෙන ඥාතියා සුවපත් කරගැනීම ඒ තරම් අපහසු නෑ.
මේ මාසෙ (ඔක්තෝබර්) 10
වෙනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදෙනවා. තේමාව තමයි "Depression; A Global Crisis" (විශාදය, ලෝක ව්‍යාප්ත
අර්බුදයක්). ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් ලෝකය පුරාම සංවිධානය වෙනවා. ඒ අතරින් "මානසික රෝගයකින් පෙළෙන අපේ ඥාතියා රැක
බලාගන්නේ මෙහෙමයි" යන
මාතෘකාවෙන් පාසල් සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් 9, 10 සහ 11 දිනවල කොළඹ ජාතික කලා
භවනේදී පැවැත්වෙනවා. ඒ වගේම මම සේවය කරන අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
12 සහ 13 දිනවල දැකබලාගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. දේශන, සම්මන්ත්‍රණ, අලෙවිසල්,
නාට්‍ය ආදී විවිධාංග එහිදී දැක බලාගන්න පුළුවන්. ඒ වැඩසටහන් වලටත් සහභාගී වෙන්න
කියලා ආරාධනා කරන ගමන් මම ගිහිල්ලා එන්නම්. ඊළඟට ලියන්න
බලාපොරොත්තු වෙන්නේ "භින්නෝන්මාදය" ගැන.
ප.ලි. - සමහරු ඇහුවනේ මගේ ජොබ් එක මොකක්ද කියලා. මේ කියපු ප්‍රතිකාර විධි
වලින් මම කරන්නේ වෘත්තීය චිකිත්සාව. නමුත් විශේෂිත ඒකකයක් නිසා මීට වඩා ටිකක්
වෙනස් දේවල් කරන්න වෙනවා. ඒ වගේම උපදේශකවරයෙක් විදියටත් කටයුතු කරනවා. අවශ්‍ය
කෙනෙක් ඉන්නවානම් සේවය ලබාදෙන්න පුළුවන්.




බොහොම වැදගත් , විස්තරාත්මක ලිපියක් ....ස්තුතියි මේ වෙනුවෙන් වන වෙහෙසට ...
ReplyDeleteඅම්මෝ කියවද්දිත් පිස්සු හැදෙනව! එහෙමයි කියල පිස්සු හැද්දිච්ච කාලෙක කියවනවයි කියල හරියන්නෙත් නෑ නේ!
ReplyDeleteහොඳම හොඳ ලිපියක්!
මෙව්වා ගැන ලියන එක පින්සිද්ධ වෙන වැඩක්
ReplyDeleteවටිනා කියන දෙවල් ගොඩක් දැන ගත්තා.....
ReplyDeleteමට අර මතක් උනේ CID එකේ පොරගේ කතාව ඔයා කියපු :D
ReplyDeleteගොඩක් වටින ලිපියක්..
ReplyDeleteඒ කියන්නේ තාම මට පිස්සු නෑ... හිප්පි හිප්පි හුරේ...
හොඳ ලිපියක්! ස්තුතියි ඔබට.
ReplyDeleteකෝකටත් මේ විදිහට කොරන්න ඕනෑ... :ඩී
ReplyDeleteමානසික රෝගීන් පිළිබඳ ආකල්පය විසිඑක්වන සියවස වෙනකොටත් ලොකු වෙනසක් නෑ වගේ...
ReplyDeleteකොහොම වුනත් ස්තුතියි ප්‍රදීප් මේ උත්සාහයට..ගොඩක් අගය කරනවා..
මටත් ළඟදීම ප්‍රදීප් අයියව හම්බ වෙන්න වෙයි වගේ.
ReplyDeleteඅදත් වෙනදා වගේම ගොඩක් වටිනා පැහැදිලිකිරීමක්..!
අගය කරනවා ඔබට..වැදගත් ලිපියක්!
ReplyDeleteඔය පත්තරේ දැන්වීම් දාල තියෙන්නේ මෝහනය මගින් මානසික රෝග සුව කරනු ලැබේ කියලා. ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කළා නම් හොදයි නේද මචං...
ReplyDeleteහම්මේ..අයියේ...මේ ටිකේම මට සෙට් වෙන්නේ ඔය වගේ කේස්!දෙක තුනක්ම මම ඔයාට කිව්වනේ! තව තියනවා! මමත් දැන් වැඩියෙන්ම කරන්නේ බලං ගිහාම උපදේශනය තමයි!
ReplyDeleteඔබගේ මේ සමාජ සත්කාරය අගයමි ස්තුතී
ReplyDeleteපලමුවෙනි වතාවටයි මේ පැත්තට ගොඩ වුනේ වැදගත් ලිපියක්.
ReplyDeleteමේ ගැන කාලෙකට කලින් ඉදන් අය්යා එක්ක කතා කරලා තියනවනේ.... සෝ ඒ නිසා ගොඩාක් වටිනා ලිපියක්.....
ReplyDeleteසේවය අවශ්‍ය කෙනෙක් ලබාගන්න විදිහක් කියලා නැනේ..
ReplyDeleteමනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කියන එකට දාලා තියෙන පින්තූරෙ නිකන් වැලක සමාරම්භක අවස්තාවක් වගේ. හෙක් හෙක්...
ReplyDeleteදැන් තේරුනා නේද මට මානසික අමාරුවක් තියෙනවා කියලා.
සිරා ලිපිය මචන්.
මරු ලිපියක් ඈ...
ReplyDeletesuperb post. thanx a lot.
ReplyDelete