Posted by Pradeep Gunarathna at 8:05 PM
පෙබරවාරි මාසේ මැද හරියේ දවසක දුරකථන ඇමතුමක් ලැබුනා
දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලේ විදුහල්පති තුමාගෙන්. මාර්තු මාසේ දවසක හවසට අපේ
ඉස්කෝලෙට එන්න පුළුවන්ද කියලා තමයි ඇහුවේ. සාමාන්‍යයෙන් ඔය වගේ ඇමතුමක් ලැබෙන්නේ
අහස නිරීක්ෂණ කඳවුරකට සහභාගී වෙන්න, නැත්නම් මොකක් හරි උත්සවයක්. (අහස නිරීක්ෂණ කඳවුරු
ගැන පස්සේ දවසක ලියන්නම්කෝ). ඒත් මේ වතාවේ ටිකක් වෙනස් ආකාරයක වැඩසටහනක්. ඒ
නිසාමයි ප්‍රදීප්ගේ පිටුවට මේ ගැන ලියන්න හිතුවේ.
මම ගොඩක් ආසාවෙන් මාර්තු 9 වෙනිදා "ආනන්ද
රාත්‍රිය" ට සහභාගී වෙන්න දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඒ වෙනකොට මේ අවුරුද්දේ
සාමාන්‍ය පෙළ විභාගෙට සූදානම් වෙන දුවලා පුතාලා 200ක් විතර ශාලාවේ වාඩිවෙලා
හිටියා. ඒ වගේම ඒ අයගේ දෙමාපියෝ 150ක් විතර තවත් ශාලාවක වාඩිවෙලා හිටියා. "ආනන්ද
රාත්‍රිය" කියලා නම්කරපු මේ රාත්‍රිය වෙන්වෙලා තිබුනේ
ඒ අය වෙනුවෙන්.
මුලින්ම තිබුනේ රෑ අහස නිරීක්ෂණය. දුරේක්ෂ
වලින් සෙනසුරු, සිකුරු සහ සඳ නිරීක්ෂණය කරන්න ශිෂයයන්ට අවස්ථාව
ලබාදුන්නා. ඒ අතරෙදි තමයි මම දෙමාපියන්ට කතා කලේ. මට ලබාදීලා තිබුන මාතෘකාව තමයි
යොවුන් මානසික සෞඛ්‍යය. අවුරුදු 15ක් 16ක් වන දරුවා ළමයෙක්ද වැඩිහිටියෙක්ද කියන
ගැටළුව එක තාත්තා කෙනෙකුට ඇති වුනා. අම්මා කෙනෙක් කිව්වේ පුතා හරිම මුරණ්ඩුයි
කියලා. මේ තියෙන්නේ ඒ වගේ දෙමාපියන්ට ඇතිවුන ගැටළු කීපයක්.
} හරියට තරහා
යනවා
} අම්මා තාත්තා
පේන්න බෑ
} කොයි
වෙලාවේවත් ගෙදර නෑ
} කෙල්ලෙක්/කොල්ලෙක්
එක්ක යාළු වෙලා
} හරියට වියදම්
කරනවා/ සල්ලි ඉල්ලනවා
} කොල්ලෝ එක්ක
එකතුවෙලාරස්තියාදු ගහනවා
} කාමරේ පුරාම
පින්තූර ගහලා
} කිසිම
පිලිවෙලක් නෑ
} ඉස්සර තරම්
ඉගෙනගන්න උනන්දු නෑ
මගේ වගකීම වුනේ ඒ ගැටළු විසඳගන්න දෙමාපියන්ට උදව්
කරන එක. දරුවන් මේ වගේ හැසිරීමක් පෙන්වන්නේ ඇයි කියලා මම පැහැදිලි කලා.
} ඔහු/ඇය යොවුන්
වියේ පසුවන කෙනෙක්.
} ඔහුගේ/ඇයගේ
ශරීරයේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනවා.
} ඒ එක්කම
ඔහු/ඇය හිතන පතන විදිය, හැසිරෙන විදිය
වෙනස් වෙනවා.
} ඒත් තවම
ඔහුට/ඇයට හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තේරුම්ගන්න ටිකක් අමාරුයි.
ඒ වගේම එයාලා පෙන්වන හොඳ වෙනස්කම් ගැනත් කතා
කළා.
} දුව/පුතා
ඉස්සරට වඩා උද්යෝගිමත්.
} අභියෝග වලට
කැමතියි.
} තර්කාණුකූලව
හිතන්න පටන්ගන්නවා.
} ලස්සනට
අඳිනවා.
යොවුන් විය කියන්නේ මිනිසාගේ ජීවිතයේ
තීරණාත්මක අවධියක්. මේ කාලයේදී දරුවන්ගේ සමහර අංග වැඩිහිටි තත්වයට පත්වෙලා. සමහර
කොටස් තවමත් ළමා වයසේ. ඒ වගේම විශේෂයෙන් හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා
තේරුම්ගන්න ටිකක් අමාරුයි.
මේ කාලෙදි දරුවන්ගේ මනස දැඩි පීඩනයකට ලක්
වෙනවා. හැඟීම් සහ
යථාර්ථය අතර අතරමං වෙනවා.
මේ කරුණු, විවිධ සිද්ධි, උදාහරණ එක්ක
සාකච්ඡාව පැය එක හමාරක් තිස්සේ සිද්ධ වුනා. අන්තිමේදි දෙමාපියන් පොරොන්දු වුනා දරුවන්ට
සමීප වෙන්න. තමන්ට තමන්ගේ දුව අතපසු වුනා කියලා අම්මා කෙනෙක් කිව්වා. ඇය පාසල් ගුරුතුමියක්.
තව කීප දෙනෙක්ම අදහස් දැක්වුවා.
ඊළඟට උදාවුනේ දරුවන්ගේ
අවස්ථාව. එයාල වෙනුවෙන් ජීවන වෘක්ෂයක් අඳින්න සූදානම් කරලා තිබුනා. ලේඛණ චිකිත්සා (Narrative Therapy)මූලධර්මයක් වන
“Tree of Life” ක්‍රමවේදය මේ සඳහා භාවිතා කලා. තමන්ගේ ඉතිහාසය, වර්තමානය, ශක්තීන්, බලාපොරොත්තු සහ තමන්ට
උදව් කරන අය මේ වෘක්ෂයට ඇතුලත් වෙනවා. හැම ශිෂ්‍යයෙක්ම, ශිෂ්යයාවක්ම තමන්ගේම ජීවන
වෘක්ෂය පැයක් ඇතුලත නිර්මාණය කලා.
ඊට පස්සේ ඒ දරුවෝ
තමන්ට තියෙන ගැටළු ගැන කතා කලා.
පාඩමට අවධානය
යොමු කරන්න බෑ.
ඉක්මනට අමතක
වෙනවා.
කම්මැලියි/
නිදිමත දැනෙනවා.
විෂයයන් තෝරා
ගැනීමේ ගැටළු
මම
තරුණයෙක්/තරුණියක්ද? ළමයෙක්ද?
හරියට තරහා
යනවා
අම්මා තාත්තා
පේන්න බෑ
ශරීරයේ
සිදුවෙන වෙනස්කම් වලට හැඩගැහෙන්න අමාරුයි
එහෙම වෙන්නේ තමන්ගේ සිද්ධ වෙන කායික මානසික
වෙනස්කම් නිසා කියලා මම එයාලට පැහැදිලි කලා. ඒ කිසිම දෙයක් වැරදියි කියලා කියන්න
බැරි වුනත් හැඟීම් පස්සේ
ගිහින් හදන්න බැරි වැරදි ජීවිතයට සිද්ධ කරගන්න එක හොඳ දෙයක් නෙමෙයි කියලා ඒ
අය පිළිගත්තා.
අන්තිමට එයාලා දිනපොතක් ලියන්න, ජීවිතයට
අරමුණක් ඇතිකරගන්න පුහුණු වුනා. අනිත් අයව අගය කරන්න, තමන්ගේ අඩුපාඩු හඳුනාගන්න වගේ දේවල් විවිධ ක්‍රියාකාරකම් වලින් පුහුණු වුනා.
එදා රාත්‍රිය අවසන්
වුනේ සංගීත රසවින්දන වැඩසටහනක්, ගිණිමැල සංදර්ශනයක් වගේ වැඩසටහන් රාශියකුත්
එක්කයි. ඒත් මම පාන්දර 4.30 බස් එකේ ආපහු කොළඹ එන්න පිටත් වුනා. ඇයි මාර්තු 10
වෙනිදා "සයිබර් සිහිනඋළෙල" සාකච්ඡාවකුත්
යොදාගෙන තිබුනනේ. ආනන්ද රාත්‍රිය ඒ දරුවන්ට ආනන්ද රාත්‍රියක්ම වෙන්න ඇති.
ප්‍රදීප්ගේ පිටුවට මේ කතාව ලියන්න හිතුනේ මේ
වයසේ නංගිලා මල්ලිලා බ්ලොග් අවකාශයේ සැරිසරන බව දන්න නිසා වගේම වැඩිහිටි අයටත්
වැදගත් වෙන්න පුළුවන් නිසයි. මේ කටයුත්තට මුල් වෙලා වැඩ කරපු හිටපු සහකාර අධ්‍යාපන
අධ්යක්ෂ එම් සීලවතී, ලුතිනන් කර්නල් සුනිල් අබේරත්න,නි. විදුහල්පති රංජිත්
පාරිස්, සංගීත ආචාර්ය සරත් කුමාර යන ආචාර්ය මහත්ම මහත්මීන් වගේම දුරේක්ෂ භාරව ඉන්න
තාක්ෂණවේදී ප්‍රියංකර ගමගේ සොයුරාවත් මතක් කළ යුතුමයි. (මේ පින්තූර දඹදෙනියෙදි ගත්ත ඒවා නම් නෙමෙයි. තංගල්ල බාලිකා විද්‍යාලෙදි සහ අත්තිඩිය මිහිඳු සෙත් මැදුර රණවිරු
නිවස්නයේදි තමයි මේවා ගත්තේ)
යොවුන් මානසික සෞඛ්‍යය ගැන විස්තර ඇතුව
පස්සේ වෙලාවක ලියන්නම්කෝ. මම හිතනවා මේ කරුණු ටික ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ආයෙත් දවසක තවත්
ලිපියකින් හමුවෙමු. ගිහින් එන්නම්. කියවලා ඉවරවෙලා ඔයාට හිතෙන දේ කොමෙන්ටුවක්
විදියට ලියලා යන්න. ඒක මට සතුටක්.








