Tuesday, May 29, 2012

රණවිරුවන් සමග වසරක්...

Posted by at 9:26 PM
යුද්ධය, අපි හැමෝගෙම හිත් වලින් ටිකෙන් ටික මැකිලා යන්න පටන් අරන්. දැන් යුද්ධයක් තිබුනද කියලවත් ගොඩක් දෙනාට මතක නෑ කියලා කීප දෙනෙක්ම කියනවා මට ඇහිලා තියෙනවා. නමුත්, යුද්ධයකට පස්සෙ අපට ඉතිරිවන තවත් විශාල වැඩකටයුතු ප්‍රමාණයක් තියෙනවා. එයින් එකක් තමයි රණවිරුවන්ගේ සුබසාධනය. අපේ රටේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ අද දවස කැපකරලා මියගිය හා තුවාල ලබපු දස දහස් ගණනක් අතරින් සදාකාලික ආබාධිත තත්වයට පත්වුන රණවිරුවන් සියගණනක් අපි අතර ඉන්නවා. දිවි ඇතිතෙක් ඔවුන් රැකබලාගැනීම ජාතියේ වගකීමක් වෙන්නේ ඔවුන් කළ කැපකිරීමට මිලක් නියම කරන්න බැරි නිසයි. 



ගිය අවුරුද්දෙ ජූනි මාසෙ දවසක විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයත්, මමත් තව කීපදෙනෙකුත් අත්තිඩිය "මිහිු සෙත් මැදුර"ට මුලින්ම පයගැහුවෙ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයාට ආරක්ෂක අමාත්‍යංශයෙන් කරපු ආරාධනාවක ප්‍රතිඵලයක් විදියට. හෙටට හරියටම අවුරුද්දකට කලින්, ඒ කියන්නේ 2011 මැයි මාසෙ 30 වෙනිදා අත්තිඩියේ සුන්දර වටපිටාවක මිහිු සෙත් මැදුර විවෘත වෙන්නේ ආරක්ෂක ලේකම්තුමාගේ සංකල්පයක් අනුව. පූර්ණකාලීන ආබාධිත තත්වයේ හිටපු රණවිරුවන් 45 දෙනෙක් එදා මේ "නිවසින් බැහැර නිවහනට" (home away home) ඇතුලත් වුනා. 


මේ සුන්දර මධ්‍යස්ථානය රෝදපුටුවෙන් ගමන්කරන ආබාධිත අයෙකුට අවශ්‍ය සියළුම පහසුකම්වලින් වගේම වෛද්‍ය සහ වෙනත් සේවාවලිනුත් පරිපූර්ණයි. ඒ වගේම මේ නිවහන සකස් කරලා තියෙන්නේ හෝටලයක ආකෘතියකට. ඒ කතාව පස්සෙ දවසක කියන්නම්. විවිධ ක්ෂේත්‍ර වල සහය විවිධ විදියට මේ නිවහනට ලැබෙද්දි අපි බලාපොරොත්තු වුනේ මේ නේවාසික රණවිරුවන්ට අවශ්‍ය මානසික සහය ලබාදෙන්න උත්සාහයක් දරන්නයි. ඒකට හේතුව තමයි මේ රණවිරුවන් බොහෝ දෙනෙක් වයස අවුරුදු විසිගණන් වල මුල් භාගය ගතකරන අය. අවිවාහකයි. ඒ වගේම එයාලගෙ පවුල් වල විවිධ දුෂ්කරතා තිබුනා. ඒ වගේම සමහරුන්ට තමන් මුහුණදීපු යුධ අත්දැකීම් වල අතීතාවර්ජනයන් මානසිකව දැඩි බලපෑම් ඇතිකරමින් තිබුනා. බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් රෝහල්ගතව තමන්ගේ කායික ආබාධයන්ට ප්‍රතිකාර ලබමින් හිටපු අය. මේ තත්වය දරුණු යුද්ධයකට මුහුණදීපු හමුදාවක දකින්න ලැබෙන තත්වයක්.




අපේ පළවෙනි දවසේ අපි උත්සාහ කලේ ඔවුන්ගේ ජීවිතය චිත්‍රයට නගන්න අවස්ථාව ලබාදෙන්න. අවසානයේදී නිර්මාණාත්මක සිතුවම් හැම කෙනෙක්ගෙම කඩදාසි වල ලස්සනට සටහන් වෙලා තිබුනා. ඔය විදියට වරින් වර  විවිධ ක්‍රියාකාරකම්, විනෝදාංශ, ක්‍රීඩා, සංගීතය වගේ දේවල් ප්‍රතිකාරාත්මක විදියට යොදාගනිමින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය හොද මට්ටමක පවත්වාගන්න අපිට හැකිවුනා. ඔවුන්ගේ වෙනත් ගැටළු වලට විසුම් ලැබෙද්දි, කායික දුර්වලතා මගහැරෙද්දි ඔවුන් තවත් ධෛර්යමත් වුනා. මුලදි ඇවිදින්න හිතලවත් නොතිබුන අපේ රණවිරුවන් කීපදෙනෙක්ම මේ වෙනකොට ඇවිදින්න පටන් අරගෙන. පහුගිය මාසෙ වෙනකොට තවත් කීපදෙනෙක්ම විවාහ ගිවිසගෙන හිටියා. තමන්ගේ ආබාධිතතාවය නිසා මුළු ජීවිතයම පලක් නෑ කියලා හිතපු සමහර රණවිරුවො දැන් ඒ ආබාධිතතාවයත් එක්ක ජීවිතය ගොඩනගාගන්න සමත් වෙලා. 




මේ කණ්ඩායම බොහොම විනෝදකාමී, එකමුතු කණ්ඩායමක්. දක්ෂ ගායකයො, ලේඛකයෝ, චිත්‍ර ශිල්පීන් වගේම නළුවො, නාට්‍ය නිර්මාණ ශිල්පීන් පවා ඒ අය අතර ඉන්නවා. හැමදාම අපේ ක්‍රියාකාරකම් අවසන් වෙන්නේ ගීත කීපයක් ගායනා කලාට පස්සේ. ඒ වගේම තමයි මඩ. (අපේ බ්ලොග් අවකාසෙ තව හොයි ඈ..)

මේ රණවිරුවන්ගේ සහයට පත්කරලා ඉන්න හමුදා සාමාජික කණ්ඩායම තමන්ට භාරවෙලා ඉන්න රණවිරුවා සුවපත් කරන්න දිවා රෑ වෙහෙසෙනවා. සේනා විධායකතුමාගෙ ඉලා ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමා, භෞත චිකිත්සක, හෙද නිලධාරීන් වගේම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කාර්යමණ්ඩලයත් ඒ වගේම තමයි. ආරක්ෂක ලේකම්තුමා, හමුදාපති වරුන් සහ සේවා වනිතා ඒකක නිතරම මේ ඒකකය ගැන සොයාබලනවා.




මේ හැම කෙනෙක්ගෙම කැපවීම තුලින් පහුගිය අවුරුද්දෙදි මේ රණවිරුවන් විශාල දියුණුවක් ලබලා තියෙනවා කියලා දකිනකොට සියුම් ආඩම්බරයක් එක්ක සතුටක් දැනෙනවා. කොයිතරම් බාධක ආවත් නිවාඩු දවස් හරි මේ කටයුත්ත වෙනුවෙන් කැපකරන්න ලැබීම සතුටක්. 

නමුත් මේ රණවිරුවන් හෙට දවසේ ඔවුන්ගේ නිවෙස් වලට යාවි. එතකොට ඒ අයට කටයුතු කරන්න වෙන්නේ ඔබ අප වගේ සිවිල් සමාජයත් එක්ක. අන්න එදාටත් එදා ඔබ ඔවුන්ට දක්වපු ගෞරවය ඒ විදියටම දක්වන්න. මොකද ඒ තමයි අපිට ඔවුන්ට දෙන්න පුළුවන් වන්දිය.

හැබැයි මේක කඩේ යාමක් විදියට වරදවා හිතන්න එපා හොඳද. 

මිහිඳු සෙත් මැදුර වෙබ් අඩවියට මෙතනින් යන්න.

ඔන්න අපි ගැනත් තියෙනවා.

 මිහිඳු සෙත් මැදුර ගැන විකාශය වුන වෙනස වැඩසටහන බලන්න.

 







 
අදට ප්‍රදීප්ගේ පිටුවෙන් සමුගන්නවා. ඊළට ලියන්න බලාපොරොත්තු වෙන්නේ HIV සහ ඒඩ්ස් ගැන. කොහෙද ඒක ලියන්න වෙලාවක් ලැබුනයැ. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට හිතෙන දේ පහලින් ලියලා යන්නකෝ.

Tuesday, May 22, 2012

ආතතිය... දැවෙමුද? නිවෙමුද? (ආතතිය 2වන කොටස)

Posted by at 11:46 PM

පළමු ලිපියට මෙතනින් යන්න.

ආතතිය ගැන මූලික හැදින්වීමක් අපි පසුගිය වතාවෙ සාකච්ඡා කලා. නමුත් ඔබා මාමා අප හැරයාමත් එක්ක ඊළ ලිපිය වෙන් වුනේ ඔබා මාමා වෙනුවන්. ඊටපස්සෙ යම් කාලයක් මම අසනීපයෙන් හිටපු නිසා දෙවන කොටස තවත් පරක්කු වුනා. කොහොමවුනත් අද අපි තවදුරටත් ආතතිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අධික හා දීර්ඝ කාලින ආතතිය දියවැඩියාව සහ හෘදයාබාධ ඇති කරවනවා කියලා අපි කතා කලා. ඒ වගේම තමයි ආතතිය ආමාශ වන සහ ගැස්ට්‍රයිටිස්, හිසේ කැක්කුම, තෙහෙට්ටුව වගේ කායික රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න හේතු වෙනවා. මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා අධික ආතතියෙන් ඉන්න උදවියගේ ප්‍රතිශක්තිය, ඒ කියන්නේ බාහිරින් එන රෝගකාරක (බැක්ටීරියා, වයිරස් වැනි) වලින් ආරක්ෂා වීමේ හැකියාව අඩු වෙනවා කියලා.



ඒ විතරක් නෙමෙයි. අධික ආතතිය විවිධාකාරයේ මානසික ගැටළු ඇති කරන්නත්, විවිධ මානසික ගැටළු ආතතිය ඇති කරන්නත් හේතු වෙනවා. ඔබ දැකලා ඇති කිසිම හදිසි කාර්යයක් නැති වුනත් අධික කලබලයෙන් වැඩ කටයුතු කරන අය. විශේෂයෙන්ම පෝලිමක සිටීමට සිදුවීම වගේ අවස්ථා වලදි කලබලයෙන් කටයුතු කරන අය. ඒ අයගේ පෞර්ෂයේ ලක්ෂණයක් විදියටම ආතතියෙන් පෙළෙනවා. තවත් සමහරු නිතරම තරහෙන් තමයි කල් ගෙවන්නේ. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ වගේ අයගේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩියි කියලා. ඒ වගේම තවත් සමහරු ඉන්නවා කොයිතරම් ආතතිකාරී අවස්ථාවක් ආවත් ආවේගශීලී නොවී හොින් හිතා බලා කටයුතු කරන අය. ඒ අයගේ ස්වභාවයෙන්ම ආතතියේදී ඇතිවන රසායනික වෙනස්කම් පිහිටලා තියෙනවා. මේ අයටත් හෘදයාබාධ වැළීමේ වැඩි අවදානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ මේ අන්ත දෙක අතර අවස්ථාවේ අපේ ආතතිය පවත්වාගැනීම.



ඒ වගේම ආතතිය මානසික වශයෙනුත් ලොකු බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන් අහිමිවීම් වගේ දේවල් නිසා වියෝදුක ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පශ්චාත් සුනාමි අවස්ථාවේ ලංකාව පුරාම මේ වගේ ආතතිකාරී අවස්ථාවන්ට මුහුණ දුන් අය හමුවුනා. ඒ වගේම යම්කිසි භයානක සිද්ධියකට මුහුණ දීපු අය "පශ්චාත් ව්‍යසන ආතති/ක්ලමථ අක්‍රමතාවය" (Post-traumatic Stress Disorder – PTSD) වගේ අවස්ථා වලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඕනෑම යුද්ධයකට පස්සේ යුධ සෙබළුන්ගේ මේ තත්වය දැකගන්න පුළුවන්. 

අධික ආතතිය ඇතැම් අයගේ කායරූපී ආබාධයක් (Somatoform Disorder) විදියට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම විඝටන ආබාධය විදියට මතුවෙන්නත් පුළුවන්. අධික ආතතිය පසුකාලීනව කාංසාමය තත්වයක් (Anxiety) දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම කාංසාව වෙනමම රෝගී තත්වයක් විදියට ඇතිවෙන්නත් පුළුවන්.



අධික ආතතියෙන් ඉන්න අයගේ මෙන්න මේ වගේ ලක්ෂණ දැකගන්න පුළුවන්.
01.                        නින්ද අඩුවීම
02.                        කෑමරුචිය අඩුවීම
03.                        මළපහ කිරීමේ අක්‍රමතා
04.                        එදිනෙදා වැඩකටයුතු වලින් ඈත් වීම
05.                        තරහා යාම
06.                        ජීවිතය එපා වීම
07.                        ලිංගික දුර්වලතා
08.                        කායික අපහසුතා/වේදනා
මේ ලක්ෂණ සියල්ලම තිබීම හෝ එකක්වත් නොතිබීම මත ආතතිය නිර්ණය කරන්න බැහැ. නමුත් මේ කිව්වෙ පොදුවේ ඇතිවෙන්න පුළුවන් තත්වයක්.

ආතතිය කළමණාකරණය කරගන්නේ කොහොමද?

ආතතිය කළමණාකරණය කරගන්න අපි පටන්ගන්න ඕන අපිට ආතතිය ඇතිවුනේ මොන හේතුව නිසාද කියලා හදුනාගැනීමත් එක්ක. සමහරවිට අපි මුහුණදෙන තීරණාත්මක අවස්ථාවක් (විභාගය වැනි) නිසා ආතතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට අනුගමනය කරන්න පුළුවන් පියවර හතරේ ක්‍රමයක් තියෙනවා.

1.     ගැටළුව හුනාගන්න.
2.     ගැටළුව නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල හුනාගන්න.
3.     ඇතිවිය හැකි නරකම ප්‍රතිඵලයට මුහුණදීමට සූදානම් වන්න.
4.     ප්‍රතිඵලය හොද තත්වයට පත් කරගැනීමට කළහැකි දේ කරන්න.

සිදුවියහැකි නරකම දේ පිළිගැනීමට මනස සූදානම් කිරීම මගින්ම ආතතිය යම් පමණකට අඩුකරගන්න පුළුවන්. නමුත් ඒ අතරෙදි ඒ නරක තත්වය අවම කරගන්න, නැත්නම් හොද තත්වයට පත්කරගන්න උත්සාහ කරන්න ඕන. උදාහරණයක් විදියට විභාගයකදී වෙන්න පුළුවන් නරකම දේ තමයි අසමත් වීම. ඒ ප්‍රතිඵලය භාරගන්න මනස සූදානම් නම් ආතතිය අවම වෙනවා. නමුත් ඒ අතරෙදි උපරිම ඵලය ලබාගන්න උත්සාහ කරන්න ඕන.



සමහරවිට අපිට ආතතිය ඇතිවෙන්නේ වියෝදුක නිසානම් අපිට පුළුවන් දුක බෙදාගන්න. තමන්ගේ දුක ප්‍රකාශ කරන්න අවස්ථාව ලබාදීම, වියෝවීම පොදු ධර්මතාවයක් කියලා පැහැදිලි කරලා දීම වගේ දේවල් මේ අවස්ථාවට වැදගත් වෙනවා.

නමුත් රැකියාව, ගෙදරදොරේ වැඩකටයුතු නිසා ආතතිය ඇතිවෙලා තියෙනවානම් කාළය කළමණාකරණය කිරීම, කාලසටහනක් අනුව වැඩකිරීම, ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීම, වැඩ බෙදාගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි විවේකය අත්‍යාවශ්‍ය වෙනවා ආතතිය අවම කරගන්න. විනෝදය හා විවේකය සහාත් වෙලාවක් යොදාගන්න. විවේකීව ඉන්න වෙලාවට වැඩකටයුතු ගැන නොසිතා පරිපූර්ණ විවේකයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.



එකදිගට වැඩකිරීම, නින්ද අඩුවීම, කායික වේදනා නොසලකා වැඩ කිරීම වගේ දේවල් ආතතිය වැඩිකරවනවා. ඒ නිසා පුළුවන්තරම් ඒවායින් ඈත් වෙන එක හොයි.
ඒ වගේම කායික ව්‍යායාම, භාවනා, යෝග, ඉහිල්වීමේ අභ්‍යාස (Relaxation Therapy), සම්බාහනය (මසාජ්) වගේ දේවල් ආතතිය අවම කරනවා.

පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න. පරිසරය රස විින්න. කළා හැකියාවන් භාවිතා කරන්න. කළා නිර්මාණ රස විින්න. වැඩ බෙදාගන්න. කාලසටහනකට වැඩකරන්න. විවේකය ඵලදායී විදියට යොදාගන්න. යහපත් සමාජ සම්බන්ධතා පවත්වාගන්න. එතකොට ආතතිය අවම කරගන්න පුළුවන්.



නමුත් ආතතිය තවදුරටත් තමන්ට කරදරයක් වෙනවනම් හොම දේ තමයි මනෝවෛද්‍යවරයෙක් හමුවෙන එක.

මං හිතන්නෙ ගොඩක් දෙනා වරින් වර අහපු ගැටළු වලට පිළිතුරක් ලැබෙන්න ඇති. තව ගැටළු තියෙනවනම් මට දැනුම් දෙන්න. දන්න විදියට කියලා දෙන්නම්. 

මේ ලිපියට නම දැම්මේ විනායි ජෝෂි ගේ STRESS - From Burnout to Balance කියන පොතේ ලීලානන්ද ගමාච්චි මහත්තයාගේ සිංහල අනුවර්තනයේ නමින්.

එහෙනම් අදට ප්‍රදීප්ගේ පිටුවෙන් සමුගන්නවා. ඊළට ලියන්න බලාපොරොත්තු වෙන්නේ HIV සහ ඒඩ්ස් ගැන. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට හිතෙන දේ පහලින් ලියලා යන්නකෝ.

Sunday, May 13, 2012

ආදරණීය ඔබා මාමේ, ආයෙත් දවසක ඇවිත් යන්න එන්න...

Posted by at 8:53 PM
විශ්වවිද්‍යාලෙ අළුත් පාඨමාලාවක ආරම්භක උත්සවය. පාඨමාලාවට මම සහභාගී නොවුනත් පිටිපස්සෙම පේලියක වාඩිවෙලා ඉද්දි ඕෆ් කරපු ෆෝන් එක ඔන් කරන්න හිතුනෙ ඇයි කියලා තවම හිතාගන්න බෑ. ට්‍රීං ට්‍රීං.... එස් එම් එස් දෙකක්....

1.     රාජ්ගෙන් මිස් කෝල් ඇලට් එකක් 
2.     චතුමිතුගෙන් මැසේජ් එකක් - බ්ලොග් ලියන ඔබා මාමා නැතිවෙලා....

කොහොම විශ්වාස කරන්නද? පර්ත් නුවර වෙසක් උත්සවය ගැන ඔබා මාමගේ ලිපිය කියෙව්වෙ පෙරේදා රෑ. එහාපැත්තෙ හිටපු සේනක අයියගෙ ලැප් එක ඉල්ලගෙන බුකියට ලොග් වෙලා බලපුවාම කතාව ඇත්ත. අපේ ඔබා මාමා කාටත් නොකියාම යන්න ගිහින්...

මම ඔබා මාමා ගැන අහලා, කියවලා තිබුනට ඇස් දෙකට දැක්කෙ සයිබර් සිහින උළෙල දවසෙදි. නිල් පාට කමිසයක් ඇඳලා කැප් එකක් දාලා හිටපු ඔබා මාමගේ රූපය තවමත් පේනවා වගේ. කොල්ලො කෙල්ලො එක්ක හරි හරියට කතා බහ කරමින්, හිනාවෙමින් හිටපු හැටි මතක්වෙද්දි හිතෙනවා ඔබා මාමා සමහර කොල්ලන්ට වඩා තරුණයි කියලා.



සයිබර් සිහින කුමරා/කුමරිය තෝරන්න විනිශ්චය මණ්ඩලය තෝරද්දි රාජ් අයියත්, හසී අක්කත් කියපු ලිස්ට් එකේ එක්කෙනෙක් වුනේ ඔබා මාමා. ජීවිතේට කතාබහ කරලා නොතිබුන අපි එක්ක ඒ තරඟය විනිශ්චය කරන්න දක්වපු සහය කවදාවත්ම අමතක වෙන එකක් නෑ. 

අපි හැමෝටම ඔබා මාමා ගැන එක එක විදියෙ අමරණීය මතකයන් තියෙනවා. සැමා කිව්වා වගේ ඔබා මාම මිතුරන් එකතු කරන මැෂිමක්. ඒ මිතුරුකම් වලට තනිකම ඉතිරිකරලා ඔබා මාම අපිව දාලා යන්න ගිහින්. 

සනත් විජේවර්ධන කියන චරිතය අනාගතේ කවමදාවත් අපිට මේ සයිබරය තුල දකින්න ලැබෙන්නෙ නෑ. ඒත් ඒ චරිතය කියාදුන් මග සළකුණු හැමදාමත් ඉතිරි වෙලා තියේවි. සමහර නොමිනිසුන් මිතුරුකම් වල දාන්නට හදනකොට ඔබා මාම නැතිකමේ අඩුව අපිට තවත් තදින් දැනේවි. ඒ අඩුව පුරවන්න කාටවත් කවදාවත්ම ඉඩ ලැබෙන එකක් නෑ ඔබා මාමෙ.



හැමදාමත් මඩ, ජෝක් වලින් පිරුණු මුහුණු පොත අද ගොළු වෙලා. දකින දකින බ්ලොග් එකක් ගානෙ දකින්නෙ ඔබා මාම ගැන ලියවුනු පෝස්ට්. ඒ තරමටම ඔයා නැති අඩුව අපි හැමෝටම දැනෙනවා ඔබා මාමෙ.

ආතතිය ගැන ඊයෙ පෝස්ට් එකක් ලියලා දවස් 3කින් ආයෙ ලියන්න හිටපු මට අද නොහිතපු විදියට ඔබා මාම ගැන ලියන්න වෙලා තියෙන්නෙ පුදුම ආතතියකින්. හැමදාම මඩ ගහන්න විදියක් හොයපු දෙමංසලට අද හිනාවෙන්නත් අමතකයි.

ඊළඟ අවුරුද්දෙ සයිබර් සිහින උළෙලට ඔබා මාම එන්නෙ නෑ. මේ අවුරුද්දෙ ඉලන්දාරියාව සිහිපත් කරපු විදියටම එදාට ඔබා මාමව සිහිපත් කරද්දි ලොකු පාළුවක් දැනෙයි ඔබා මාමෙ.
දිගට ලියන්න වචන එන්නෙ නෑ. ඒත් මම බුකියෙ ලිව්වා මෙහෙම වචන කීපයක්,

අද බුකිය පාළුයි...
ජෝක් නෑ...
ආතල් නෑ...
මඩ නෑ...
කොටින්ම චැට් එකේ කතාබහත් නැවතිලා...
ඇත්තටම ඔබා මාමේ,
ඔයා යන්නම ගිහින් කියලා කොහොම හිතන්නද?
අනේ,
ආයෙත් අද හෙටම අපේ පැත්තෙ ඇවිත් යන්න එන්න...
අළුත් පෝස්ට් එකකුත් ලියාගෙන...
ඔයාගෙ කමෙන්ට් එක වැටෙනකම්
අපේ බ්ලොග් සියගණනක් බලාගෙන ඉන්නවා ඔබා මාමෙ...
ඉතින්,
නිවන් දකින්නට කලින් එකම එක සැරයක්...
අපේ පැත්තෙ ඇවිත් යන්න එන්න...

ඔබා මාමෙ, ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවමගුලෙදි ලූෂන් බුලත්සිංහලයන් කියපු අදහසකින් මම මේ පුංචි සටහන අවසන් කරන්නම්... ඔබට නිවන් සුව...!!!

"ඔහු මියගියායැයි මම නොසිතමි. එසේ නොසිතන්නයැයි මම ඔබටද ආයාචනා කරමි. මන්ද යත්, එසේ සිතන්නට පටන්ගන්නා පළමු මොහොතේදීම මේ වටපිටාව පාළු හිස් අවකාශයක්යැයි හැගෙන්නට පටන්ගන්නා බැවිනි."


Saturday, May 12, 2012

ඔබටත් ආතතිය ද?

Posted by at 11:52 PM
මානසික ආතතිය, අද රටේ ලෝකෙ හැමතැනම කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. පහුගිය කාලෙ මැතිවරණ කොමසාරිස් තුමාටත් ආතතිය කරදරයක් වෙලා තිබුනා කියලා දන්නවා ඇතිනේ. රැකියාවේ ආතතිය, පවුලේ ගැටළු, විභාග ආදී දහසකුත් දේවල් නිසා ආතතියෙන් තොර දවසක් ගැන හිතාගන්නවත් බෑ. ආතතියෙන් පෙළෙන්නෙ නැති කෙනෙක් නැති තරම්. මොකක්ද මේ ආතතිය? එක පෝස්ට් එකකින්නම් කියන්න අමාරු වෙයි. ටික ටික ලියන්නම්කෝ.



සරළව කිව්වොත් ආතතිය (Stress) කියන්නේ අපි ජීවිතයේ මුහුණ දෙන විවිධ අවස්ථා සහ බාහිර තර්ජනයන්ට මුහුණදීම සහා ස්වභාවිකව ඇතිවන තත්වයක්. වර්තමානයේ අපි පිළිගන්න විදියට මනස සහ ශරීරය එකකට එකක් සම්බන්ධ නිසා මානසිකව ඇතිවන ආතතිය විසින් අපිට අළුත් තත්වයට හැඩගැහෙන්න අවශ්‍ය සූදානම ලබා දෙනවා. මේ තත්වයට අපි හැමෝම ජීවිතයේ කවර හෝ අවස්ථාවක මුහුණ දීලා තියෙනවා. හෝම්ස් සහ රාහේ (Holmes and Rahe ) විසින් සකස් කරපු පරිමාණයට අනුව පුද්ගලයෙක් මුහුණ දෙන වැඩිම ආතතිකාරී සිද්ධිය (Most stressful event) තමයි බිරි/සැමියා හෝ දරුවෙකුගේ මරණය. ඊ ලට දික්කසාදය. මේ විදියට පිළිවෙලට ගත්තොත් සැමියා සහ බිරිඳ වෙන් වී ජීවත් වීම, සිරගත වීම, මව/පියා හෝ සහෝදරයකුගේ මරණය 3,4, 5 ස්ථාන වල තියෙනවා. විවාහය තියෙන්නෙ හත් වෙනි ස්ථානයේ.

මේ අවස්ථා වලදි අපි අපේ ජීවිතයේ හිටපු වටපිටාව, තත්වය වගේ දේවල් වෙනස් වෙනවා. අළුත් දේකට හැඩගැහෙන්න ඕන. තනිවම ජීවත් වීම,  සමාජය පිළිකුල් කරන ස්ථානයක ජීවත් වීමට සිදුවීම, තමන් ආදරය කළ කෙනෙක් අහිමිව ජීවත් වීමට සිදුවීම, අළුත් සම්බන්ධතා සමග ජීවත් වීම වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථා වලට මුහුණ දෙන්න අපිට අමතර සූදානමක් එහෙමත් නැත්නම් ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ තත්වය ආතතිය මගින් ඇති කරලා දෙනවා.



ඒ වගේම අපි මුහුණ දෙන අනපේක්ෂිත සිද්ධි, අපට හානිකර වියහැකි අවස්ථා (විභාග, පරීක්ෂණ, නඩු ආදිය), ඉක්මනින් තීරණ ගතයුතු අවස්ථා ආදියේදිත් යම් ආතතියක් ඇතිවෙනවා. ඒ මගිනුත් කරන්නේ අදාල අවස්ථාව සඳහා අපිව සූදානම් කරන එක. ඒ වෙලාවට ආතතිය මගින් අපිට "සටන් කිරීමට හෝ පලායාමට" අවශ්‍ය ශක්තිය ලබාදෙනවා.
අපි ආතතිකාරී අවස්ථාවකට මුහුණ දුන්නාම ඇඩ්‍රිනල් ග්‍රන්ථිය මගින් ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් කියන හෝමෝන නිකුත් කරලා ශරීරය අවදානමට සූදානම් කරනවා. හද ගැස්ම වේගවත් වෙනවා, මාංශපේෂි තද වෙනවා, රුධිර පීඩනය ඉහල යනවා, ස්වසනය වේගවත් වෙනවා, ඒ වගේම අපි තියුණු, සියුම් විදියට අවධානය යොමුකරන්න පටන්ගන්නවා. මේ තත්වය මගින් අර මම කලින් කියපු Fight or Flight අවස්ථාවට අපිව සූදානම් කරනවා.
මේ තත්වය අතිශය සාමාන්‍යයි. නමුත් ආතතිය වැඩි ප්‍රමාණයකින් දීර්ඝ කාලයක් තිබීම හොද දෙයක් නෙමෙයි. මේ ආකාරයට දීර්ඝ කාලයක් ආතතියෙන් පෙළිමට මූලික හේතුවක් තමයි රැකියාවේ කාර්යබහුල භාවය. අනිත් කාරණය තමයි විවේකයක් නොමැති වීම. පවුලේ අදබර, ආර්ථික තත්වය, දරුවන්ගේ ගැටළු, ලිංගික ගැටළු ආදී දීර්ඝ කාලිනව ඇතිවන තත්වයන් නිසාත් ආතතිය වැඩි කාලයක් පවතින්න පුළුවන්. 

ඇයි මේ තත්වය හානිකර?

ආතතිය නිසා ඇතිවන රසායනික වෙනස්කම් (හෝමෝන) නිසා අපේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන ප්‍රෝටීන් සහ මේද කාබෝහයිඩ්‍රේට් බවට පත්වෙලා රුධිරයට එකතු වෙනවා. ඒකට හේතුව තමයි අපිට අළුත් තත්වයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න අවශ්‍ය තරම් කාබෝහයිඩ්‍රේට් රුධිරයේ තිබිය යුතු වීම. මේ තත්වය සටන්කරන්න, මහන්සි වෙලා වැඩක් කරන්න නැත්නම් පැනලා දුවන්න හොයි. නමුත් අපි පුටුවක් උඩ ගතකරන ජීවිතයට මේ අමතර ශක්තිය අවශ්‍ය නෑ. අපිට ආතතිය ඇති වුනාට අපි සටන් කරන්නෙවත් පැනලා යන්නෙවත් නෑනෙ. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් රුධිරයේ දීර්ඝ කාලයක් එකතු වෙලා තියනකොට ලේ වල සීනි පාලනය කරන යාන්ත්‍රනය හරියට වැඩකරන්නෙ නෑ. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම ඉහල ගිහිල්ලා දියවැඩියාව වගේ තත්වයන්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. අධික ලෙස ලේවල තියෙන පිෂ්ඨය මේදය විදියට රුධිර නාල හා හෘදයේ තැන්පත් වීම නිසා කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම අධික ආතතිය මානසික වශයෙන් පුද්ගලයා දුර්වල කරනවා විතරක් නෙමෙයි ඔහුගේ ශරීරයේ කැක්කුම්, වේදනා ඇතිකරන්නත්, නින්ද නොයෑම, අධික කෝපය, දුක, ලිංගික බෙලහීනතාවය වගේ තත්වයන් ඇතිකරන්නත් හේතු වෙනවා. 



ඒ නිසා අපි දැනගන්න ඕන කොහොමද ආතතිය පාලනය කරගන්නේ කියලා. ඒ ලිපියට මෙතනින් යන්න. තව විස්තර කැමතිනම් මෙතනින් බලන්නකෝ.

කීප දෙනෙක්ම අහලා තිබුනා අපිට මේ මේ ගැටළු තියෙනවා. විසගන්න හමුවෙලා කතාකරන්න විදියක් තියෙනවද කියලා. ඔයාලට මොකක් හරි ගැටළුවක් ප්‍රදීප්ගේ පිටුවේ ලියන දේවල් වල තියෙනවනම් හරි වෙනත් ගැටළුවක්ට විසුම අහලා දැනගන්න ඕනනම් හරි මට ඊයක් එවන්න. නැත්නම් මුහුණු පොතේ ලියලා එවන්න. දන්න දෙයක්නම් කියන්නම්. ඒ වගේම චිකිත්සකවරයෙක් සහ උපදේශකවරයෙක් විදියට කරන්න පුළුවන් දෙයක්නම් කරන්නම්. නැත්නම් සුදුස්සෙකුට යොමුකරන්න පුළුවන්නේ. ඊ මේල් එක gpcguna@gmail.com

එහෙනම් ඔයාලට හිතෙන දේ පහලින් ලියලා යන්න. මම ගිහින් එන්නම්.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template