Posted by Pradeep Gunarathna at 12:10 AM
උසස් පෙළ විභාගෙට මාස එක හමාරයි. ශිෂ්‍යත්වෙට
මාස දෙකයි. ඔය අතරෙ බැංකු විභාග, විශ්වවිද්‍යාල විභාග වගේ මෙකී නොකී විභාග ගොඩක්
අස්සෙ අපි අතරමං වෙලා ඉන්නේ. සෝමලතා සුබසිංහ නෝනා විකෘති නාට්‍යයේ කියනවා වගේ
විභාගෙ අපේ අභාගෙ බවට පත්වෙලා.
ඒ ගීතය බලන්න.
ඉතිං අපි විභාගෙ ලියන්න සූදානම් වෙනකොට අපිට
ඇතිවෙනවා පොඩි බයක්. මං පේල් වෙයිද? ඒ එකක් නැති වෙයිද? ලෝකෙ නැති ප්‍රශ්න. ඇත්තටම
එහෙම බයක් ඇතිවෙන එක සාධාරණයි. මොකද විභාගය කියන්නේ ගොඩක් වෙලාවට අපි හීන මවපු
ලෝකෙට ඇතුල් වෙන්න තියෙන කඩුල්ලක්. ඒක පැනගන්න අසමත් වුනොත් හීන ලෝකෙට ඇතුල්වෙන්න
බැරි වෙනවා. අනිත් අතට විභාගය හරිම අවිනිශ්චිතයි. හරියටම මොනවා අහයිද, මොන විදියේ ප්‍රතිඵලයක්
ලැබෙයිද කියලා අපි දන්නෙ නෑ.
මේ බයත් එක්ක ඇතිවෙනවා පොඩි ආතතියක්. (ආතතිය
ගැන දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ.) මේ ආතතිය එක්තරා මට්ටමකට යනකම් හොඳයි. මොකද පර්යේෂණ
වලින් හොයාගෙන තියෙනවා යම් මට්ටමක ආතතියක් තිබීම මගින් පුද්ගල කාර්යක්ෂමතාවය වැඩි
වෙනවා කියලා. ඒ වගේම පොඩි බයක් තියෙනකොට අපිට පාඩම් කරන්න, පහුගිය ප්රශ්නපත්තර
සාකච්ඡා කරන්න හිතෙනවා. ඒ තත්වය විභාගයට මුහුණ දෙන්න අපිව සූදානම් කරනවා. ශරීරයේ
ශක්තිය, අවධානය, තියුණු මතකය වැඩි කරන්නත් මේ සියුම් ආතතිය හේතු වෙනවා.
හැබැයි මේ ආතතිය යම් මට්ටමකට වඩා වැඩිවුනොත්
ඒක හානිකරයි. එතකොට අපේ කාර්යක්ෂමතාවය පහල බහිනවා. අපිට කිසිම දෙයක් හරියට කරගන්න
බැරිව යනවා. ලොකු බයක් හිතෙනවා. පාඩම් කරන දේවල් මතක හිටින්නෙ නෑ. තරහා යනවා.
නින්ද යන්නෙ නෑ. කෑම කන්න බැරිව යනවා. වැසිකිලි යාම අවිධිමත් වෙනවා. ඔය වගේ මෙකී
නොකී ලක්ෂණ පෙන්නුම් කරන්න පටන්ගන්නවා. මේ තත්වය අපි හදුන්වන්නේ ආතති අවස්ථාවක්
හැටියට.
මේ තත්වය පාඩම් කරන, විභාගයට මුහුණ දෙන
කෙනෙකුට සුදුසු වටපිටාවක් ඇතිකරන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි මේ ආතතිය නිසා අපේ ප්‍රතිශක්තිය
පහල බැහැලා එක එක විදියේ ආසාදන ඇතිවෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒකයි විභාග ලං
වෙද්දි සමහරුන්ට පැපොල, වයිරස් උණ වගේ බෝවෙන රෝග වැඩිපුර හැදෙන්නේ. ඒ වගේම මේ
ආතතිකාරී තත්වය අපිව අවදානම් හැසිරීම් වලට යොමු කරනවා. මත්ද්‍රව්‍ය වගේ දේවල්,
වැරදි ආහාර පුරුදු, අනවශ්‍ය විදියට කම්මැලි වීම වගේ දේවල් මේ ආතතිය නිසා සිද්ධ
වෙන්න පුළුවන්.
කායිකව මේ ලක්ෂණ ඇතිවෙද්දි මම විභාගෙ ෆේල්
වෙයි, ලියලා වැඩක් නෑ, වගේ සිතුවිලි අපිට ඇතිවෙන්න පටන්ගන්නවා. කොහොමහරි විභාගෙ
මගහරින්න බලනවා. පාඩම් කරන එක නවත්තනවා.
මේ තත්වය තවත් වැඩිවෙනකොට ආතතිය අවරෝධනය
වෙලා අපේ යටි හිතේ තැන්පත් වෙනවා. එතකොට මේ ආතතිය අපේ උඩුහිතට දැනෙන්නෙ නෑ. නමුත්
විභාගෙ කිට්ටු වෙනකොට බරපතල කායික රෝග තත්වයක් විදියට මේ ආතතිය මතුවෙන්න පුළුවන්.
වැඩි විස්තර හිස්ටීරියා ලිපි වලින් කියවන්නකෝ.
උදාහරණයක් විදියට එක ශිෂ්‍යයෙක් විභාගයට
ලියන්න බයයි. මේ ශීෂ්‍යයා කරන්නේ පාඩම් කරන්නෙ නෑ. විභාගයට ඉල්ලුම් කරන්නෙ
දෙමාපියන් බල කරන නිසා. තමන්ගේ විභාගයට තියන බය කාටවත් පෙන්නන්නෙත් නෑ. නමුත්,
විභාගෙ දවසෙ උදේ බලනකොට මේ ශිෂ්‍යයාගෙ දකුණු අත පණ නැති වෙලා. ඒකෙන් සංකේතාත්මක
කරන්නේ යටිහිතේ අවරෝධනය වෙලා තියෙන විභාගයට තියෙන බය. මොකද එතකොට විභාගෙ ලියන්න විදියක්
නෑ. තමන්ට හුරු දකුණු අත පණ නැති නිසා.
මේ තත්වය නැති කරගන්නේ කොහොමද?
බ්ලොග් අවකාසෙ ඉන්න බොහෝ දෙනෙක් මේ කියපු
අවස්ථා වලින් එකකට හරි මුහුණ දීලා ඇති. නමුත් මේ තත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියන
එකයි අපට තියෙන ගැටළුව. මුලින්ම අපි තේරුම් ගන්න ඕන විභාගය කියන්නේ ජීවිතය නෙමෙයි
කියන එක. විශේෂයෙන් ශීෂ්‍යත්ව විභාගයට ලියන දරුවන්ගෙ දෙමව්පියොත්, උසස් පෙළ වගේ
වෙනත් විභාග වලට පෙනී සිටින අයත් අවබෝධ කරගන්න ඕන විභාගයට පෙනී ඉන්න හැම කෙනෙක්ම
සමත් වෙන්නෙ හෝ අසමත් වෙන්නෙ නැති බව සහ තමන් සමත් වීමේ ගොඩට හරි අසමත් වීමේ ගොඩට
හරි වැටෙන්න පුළුවන් කියන එක. තමන් අසමත් වෙන්න වගේම සමත් වෙන්නත් හැකියාවක් තියෙන
බව තේරුම් ගන්න ඕන. අසමත් වුනත් ලෝකෙ විභාග අසමත් වෙන්නේ තමන් විතරක් නෙමෙයි. අසමත්
අය ලෝකයේ කොයිතරම් උසස් තත්වයන් වලට පත් වෙලා ඉන්නවද? බලන්න බිල් ගේට්ස් ගේ මේ ප්‍රකාශය.
අනිත් කාරණය තමයි විභාගයකදී දෙන පැය කීපයක
ලිඛිත පරීක්ෂණයකින් කෙනෙක්ගේ සමස්ථ දක්ෂතාවය මනින්න අමාරුයි. විභාගයකදි පරික්ෂා
කරන්නේ තර්කාණුකූල ගණිතමය බුද්ධිය සහ භාෂාමය බුද්ධිය පමණයි. ගණිතමය බුද්ධිය සහ
භාෂාමය බුද්ධීයට අමතරව තවත් බුද්ධිමය කුසලතා පවතින බව දැන් ලෝකයේ පිළිගන්නවා.
හොවාඩ් ගාඩිනර්ගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව ඔහු බුද්ධීන් 9ක් පිළිබඳ හඳුන්වා දෙනවා. තමන්
අසමත් වෙනවා කියන්නේ තමන් දුර්වලයි කියන එක නෙමෙයි. ඔබ සතුව ගණිතමය සහ භාෂාමය
බුද්ධියට වඩා වෙනස් ආකාරයක, වෙනත් ක්ෂේත්රයක දක්ෂතා තියෙන්න පුළුවන්. ඒ නිසා
අසමත් වෙන්න බය වෙන්න එපා. බිල් ගේට්ස් උදාහරණයට ගන්න.
ඒ වගේම තමයි විභාගය පවත්වන්නේ ඔබ හෝ මම
නෙමෙයි. විභාග දෙපාර්තමේන්තුව විභාගයේ විවිධ කටයුතු වලට විවිධ අය මුදල් ගෙවලා පත්
කරලා ඉන්නවා. ප්‍රශ්නපත්‍ර සකස් කිරීම, මුද්‍රණය, විභාග පැවැත්වීම, පිළිතුරුපත්‍ර
පරීක්ෂා කිරීම වගේ හැම දෙයක්ම ඒ අය කරනවා. මේ වෙලාවෙ අපිට කරන්න තියෙන්නේ විභාගයට
සූදානම් වීම. සමත් අසමත් වීම තීරණය කරන්නේ විභාග දෙපාර්තමේන්තුව. ඒ නිසා ඔබ ඒ
කාර්යය කරන්න යන්න එපා. තව මාස කීපයකින් එන්න තියෙන ප්‍රතිඵල දැන්මම හොයාගෙන යන්න
එපා. ඒ කාලය විභාගයට සූදානම් වෙන්න යොදවන්න.
මේ වෙනකම් කලේ විභාගයේ ඇත්ත තත්වය තේරුම්
කරලා දෙන්න උත්සාහ කරපු එක. ඒ තත්වය තේරුම් ගත්තාම මේ ආතතිය බොහෝදුරට අඩුවෙනවා. ඊට
අමතරව අපට පුළුවන් කායික හා මානසික ක්‍රියාකාරකම් වලින් ආතතිකාරී තත්වය මගහැරගන්න.
කායික ක්‍රියාකාරකම් තමයි ව්‍යායාම කිරීම, ක්‍රීඩා, අවශ්‍ය පමණට නිදාගැනීම, සමබල ආහාර වේලක් ගැනීම සහ මසාජ්
කිරීම වගේ දේවල්. අනිවාර්යයෙන්ම විභාගයකට සූදානම් වෙන කෙනෙක් පරිපූර්ණ නින්දක්
(පැය 6ක පමණ) ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද නින්දෙදි තමයි අපි පාඩම් කරන දේවල්
මතකයට ඇතුල් වෙන්නේ. ක්‍රීඩා වලටත් යම් කාලයක් වෙන් කිරීම පාඩුවක් වෙන්නෙ නෑ.
ප්රජානන (cognitive) ක්‍රියාකාරකම්
විදියට කාලය කළමණාකරණය කරගැනීම, කාලසටහනකට වැඩ කිරීම සහ තමන් විභාගයට සාර්ථකව
මුහුණ දෙන ආකාරය මනසින් දැකීම (visualization) වගේ දේවල් කරන්න පුළුවන්. ආතතිකාරී අවස්ථාවට සාර්ථකව
මුහුණ දෙන ආකාරය පිළිබඳ චිත්තරූප
මැවීම ආතතිය අඩු කරන්න ලොකු හේතුවක් වෙනවා.
හැසිරීමේදී
පොත් පත් වලටම ගැලී ඉන්නෙ නැතුව සංගීතයට සවන් දීම, නර්තනය, ගායනය, සිනමා පටයක්
නැරඹීම වගේ දේවල් වලට කාලයක් වෙන් කරගැනීමත් වැදගත්.
මේ විදියට කරලා
බලන්නකෝ. හොඳ ප්‍රතිඵල
ලැබෙයි.
එහෙනම් අදට ප්‍රදීප්ගේ පිටුවෙන් සමුගන්නවා. ගිහින් එන්නම්. සුබ දවසක්.










