Wednesday, June 20, 2012

විභාගෙට බයද? එහෙනම් කියවලා බලන්න.

Posted by at 12:10 AM
උසස් පෙළ විභාගෙට මාස එක හමාරයි. ශිෂ්‍යත්වෙට මාස දෙකයි. ඔය අතරෙ බැංකු විභාග, විශ්වවිද්‍යාල විභාග වගේ මෙකී නොකී විභාග ගොඩක් අස්සෙ අපි අතරමං වෙලා ඉන්නේ. සෝමලතා සුබසිංහ නෝනා විකෘති නාට්‍යයේ කියනවා වගේ විභාගෙ අපේ අභාගෙ බවට පත්වෙලා.
ඒ ගීතය බලන්න.



ඉතිං අපි විභාගෙ ලියන්න සූදානම් වෙනකොට අපිට ඇතිවෙනවා පොඩි බයක්. මං පේල් වෙයිද? ඒ එකක් නැති වෙයිද? ලෝකෙ නැති ප්‍රශ්න. ඇත්තටම එහෙම බයක් ඇතිවෙන එක සාධාරණයි. මොකද විභාගය කියන්නේ ගොඩක් වෙලාවට අපි හීන මවපු ලෝකෙට ඇතුල් වෙන්න තියෙන කඩුල්ලක්. ඒක පැනගන්න අසමත් වුනොත් හීන ලෝකෙට ඇතුල්වෙන්න බැරි වෙනවා. අනිත් අතට විභාගය හරිම අවිනිශ්චිතයි. හරියටම මොනවා අහයිද, මොන විදියේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා අපි දන්නෙ නෑ.

මේ බයත් එක්ක ඇතිවෙනවා පොඩි ආතතියක්. (ආතතිය ගැන දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ.) මේ ආතතිය එක්තරා මට්ටමකට යනකම් හොයි. මොකද පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා යම් මට්ටමක ආතතියක් තිබීම මගින් පුද්ගල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා. ඒ වගේම පොඩි බයක් තියෙනකොට අපිට පාඩම් කරන්න, පහුගිය ප්‍රශ්නපත්තර සාකච්ඡා කරන්න හිතෙනවා. ඒ තත්වය විභාගයට මුහුණ දෙන්න අපිව සූදානම් කරනවා. ශරීරයේ ශක්තිය, අවධානය, තියුණු මතකය වැඩි කරන්නත් මේ සියුම් ආතතිය හේතු වෙනවා.

හැබැයි මේ ආතතිය යම් මට්ටමකට වඩා වැඩිවුනොත් ඒක හානිකරයි. එතකොට අපේ කාර්යක්ෂමතාවය පහල බහිනවා. අපිට කිසිම දෙයක් හරියට කරගන්න බැරිව යනවා. ලොකු බයක් හිතෙනවා. පාඩම් කරන දේවල් මතක හිටින්නෙ නෑ. තරහා යනවා. නින්ද යන්නෙ නෑ. කෑම කන්න බැරිව යනවා. වැසිකිලි යාම අවිධිමත් වෙනවා. ඔය වගේ මෙකී නොකී ලක්ෂණ පෙන්නුම් කරන්න පටන්ගන්නවා. මේ තත්වය අපි හදුන්වන්නේ ආතති අවස්ථාවක් හැටියට.
මේ තත්වය පාඩම් කරන, විභාගයට මුහුණ දෙන කෙනෙකුට සුදුසු වටපිටාවක් ඇතිකරන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි මේ ආතතිය නිසා අපේ ප්‍රතිශක්තිය පහල බැහැලා එක එක විදියේ ආසාදන ඇතිවෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒකයි විභාග ලං වෙද්දි සමහරුන්ට පැපොල, වයිරස් උණ වගේ බෝවෙන රෝග වැඩිපුර හැදෙන්නේ. ඒ වගේම මේ ආතතිකාරී තත්වය අපිව අවදානම් හැසිරීම් වලට යොමු කරනවා. මත්ද්‍රව්‍ය වගේ දේවල්, වැරදි ආහාර පුරුදු, අනවශ්‍ය විදියට කම්මැලි වීම වගේ දේවල් මේ ආතතිය නිසා සිද්ධ වෙන්න පුළුවන්.
කායිකව මේ ලක්ෂණ ඇතිවෙද්දි මම විභාගෙ ෆේල් වෙයි, ලියලා වැඩක් නෑ, වගේ සිතුවිලි අපිට ඇතිවෙන්න පටන්ගන්නවා. කොහොමහරි විභාගෙ මගහරින්න බලනවා. පාඩම් කරන එක නවත්තනවා.



මේ තත්වය තවත් වැඩිවෙනකොට ආතතිය අවරෝධනය වෙලා අපේ යටි හිතේ තැන්පත් වෙනවා. එතකොට මේ ආතතිය අපේ උඩුහිතට දැනෙන්නෙ නෑ. නමුත් විභාගෙ කිට්ටු වෙනකොට බරපතල කායික රෝග තත්වයක් විදියට මේ ආතතිය මතුවෙන්න පුළුවන්. වැඩි විස්තර හිස්ටීරියා ලිපි වලින් කියවන්නකෝ.

උදාහරණයක් විදියට එක ශිෂ්‍යයෙක් විභාගයට ලියන්න බයයි. මේ ශීෂ්‍යයා කරන්නේ පාඩම් කරන්නෙ නෑ. විභාගයට ඉල්ලුම් කරන්නෙ දෙමාපියන් බල කරන නිසා. තමන්ගේ විභාගයට තියන බය කාටවත් පෙන්නන්නෙත් නෑ. නමුත්, විභාගෙ දවසෙ උදේ බලනකොට මේ ශිෂ්‍යයාගෙ දකුණු අත පණ නැති වෙලා. ඒකෙන් සංකේතාත්මක කරන්නේ යටිහිතේ අවරෝධනය වෙලා තියෙන විභාගයට තියෙන බය. මොකද එතකොට විභාගෙ ලියන්න විදියක් නෑ. තමන්ට හුරු දකුණු අත පණ නැති නිසා.

මේ තත්වය නැති කරගන්නේ කොහොමද?

බ්ලොග් අවකාසෙ ඉන්න බොහෝ දෙනෙක් මේ කියපු අවස්ථා වලින් එකකට හරි මුහුණ දීලා ඇති. නමුත් මේ තත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියන එකයි අපට තියෙන ගැටළුව. මුලින්ම අපි තේරුම් ගන්න ඕන විභාගය කියන්නේ ජීවිතය නෙමෙයි කියන එක. විශේෂයෙන් ශීෂ්‍යත්ව විභාගයට ලියන දරුවන්ගෙ දෙමව්පියොත්, උසස් පෙළ වගේ වෙනත් විභාග වලට පෙනී සිටින අයත් අවබෝධ කරගන්න ඕන විභාගයට පෙනී ඉන්න හැම කෙනෙක්ම සමත් වෙන්නෙ හෝ අසමත් වෙන්නෙ නැති බව සහ තමන් සමත් වීමේ ගොඩට හරි අසමත් වීමේ ගොඩට හරි වැටෙන්න පුළුවන් කියන එක. තමන් අසමත් වෙන්න වගේම සමත් වෙන්නත් හැකියාවක් තියෙන බව තේරුම් ගන්න ඕන. අසමත් වුනත් ලෝකෙ විභාග අසමත් වෙන්නේ තමන් විතරක් නෙමෙයි. අසමත් අය ලෝකයේ කොයිතරම් උසස් තත්වයන් වලට පත් වෙලා ඉන්නවද? බලන්න බිල් ගේට්ස් ගේ මේ ප්‍රකාශය.



අනිත් කාරණය තමයි විභාගයකදී දෙන පැය කීපයක ලිඛිත පරීක්ෂණයකින් කෙනෙක්ගේ සමස්ථ දක්ෂතාවය මනින්න අමාරුයි. විභාගයකදි පරික්ෂා කරන්නේ තර්කාණුකූල ගණිතමය බුද්ධිය සහ භාෂාමය බුද්ධිය පමණයි. ගණිතමය බුද්ධිය සහ භාෂාමය බුද්ධීයට අමතරව තවත් බුද්ධිමය කුසලතා පවතින බව දැන් ලෝකයේ පිළිගන්නවා. හොවාඩ් ගාඩිනර්ගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව ඔහු බුද්ධීන් 9ක් පිළිබඳුන්වා දෙනවා. තමන් අසමත් වෙනවා කියන්නේ තමන් දුර්වලයි කියන එක නෙමෙයි. ඔබ සතුව ගණිතමය සහ භාෂාමය බුද්ධියට වඩා වෙනස් ආකාරයක, වෙනත් ක්ෂේත්‍රයක දක්ෂතා තියෙන්න පුළුවන්. ඒ නිසා අසමත් වෙන්න බය වෙන්න එපා. බිල් ගේට්ස් උදාහරණයට ගන්න.

ඒ වගේම තමයි විභාගය පවත්වන්නේ ඔබ හෝ මම නෙමෙයි. විභාග දෙපාර්තමේන්තුව විභාගයේ විවිධ කටයුතු වලට විවිධ අය මුදල් ගෙවලා පත් කරලා ඉන්නවා. ප්‍රශ්නපත්‍ර සකස් කිරීම, මුද්‍රණය, විභාග පැවැත්වීම, පිළිතුරුපත්‍ර පරීක්ෂා කිරීම වගේ හැම දෙයක්ම ඒ අය කරනවා. මේ වෙලාවෙ අපිට කරන්න තියෙන්නේ විභාගයට සූදානම් වීම. සමත් අසමත් වීම තීරණය කරන්නේ විභාග දෙපාර්තමේන්තුව. ඒ නිසා ඔබ ඒ කාර්යය කරන්න යන්න එපා. තව මාස කීපයකින් එන්න තියෙන ප්‍රතිඵල දැන්මම හොයාගෙන යන්න එපා. ඒ කාලය විභාගයට සූදානම් වෙන්න යොදවන්න.



මේ වෙනකම් කලේ විභාගයේ ඇත්ත තත්වය තේරුම් කරලා දෙන්න උත්සාහ කරපු එක. ඒ තත්වය තේරුම් ගත්තාම මේ ආතතිය බොහෝදුරට අඩුවෙනවා. ඊට අමතරව අපට පුළුවන් කායික හා මානසික ක්‍රියාකාරකම් වලින් ආතතිකාරී තත්වය මගහැරගන්න. කායික ක්‍රියාකාරකම් තමයි ව්‍යායාම කිරීම, ක්‍රීඩා, අවශ්‍ය පමණට  නිදාගැනීම, සමබල ආහාර වේලක් ගැනීම සහ මසාජ් කිරීම වගේ දේවල්. අනිවාර්යයෙන්ම විභාගයකට සූදානම් වෙන කෙනෙක් පරිපූර්ණ නින්දක් (පැය 6ක පමණ) ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද නින්දෙදි තමයි අපි පාඩම් කරන දේවල් මතකයට ඇතුල් වෙන්නේ. ක්‍රීඩා වලටත් යම් කාලයක් වෙන් කිරීම පාඩුවක් වෙන්නෙ නෑ.

ප්‍රජානන (cognitive) ක්‍රියාකාරකම් විදියට කාලය කළමණාකරණය කරගැනීම, කාලසටහනකට වැඩ කිරීම සහ තමන් විභාගයට සාර්ථකව මුහුණ දෙන ආකාරය මනසින් දැකීම (visualization) වගේ දේවල් කරන්න පුළුවන්. ආතතිකාරී අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබ චිත්තරූප මැවීම ආතතිය අඩු කරන්න ලොකු හේතුවක් වෙනවා.

හැසිරීමේදී පොත් පත් වලටම ගැලී ඉන්නෙ නැතුව සංගීතයට සවන් දීම, නර්තනය, ගායනය, සිනමා පටයක් නැරඹීම වගේ දේවල් වලට කාලයක් වෙන් කරගැනීමත් වැදගත්.
මේ විදියට කරලා බලන්නකෝ. හොප්‍රතිඵල ලැබෙයි. 



එහෙනම් අදට ප්‍රදීප්ගේ පිටුවෙන් සමුගන්නවා. ගිහින් එන්නම්. සුබ දවසක්.

Thursday, June 7, 2012

HIV සහ AIDS... අවදානමට පෙර සූදානම....

Posted by at 12:07 AM

කාලෙක ඉන් ලියන්න හිතාගෙන හිටපු පෝස්ට් එක ලියන්නයි සූදානම් වෙන්නේ. මගේ ක්ෂේත්‍රයට කෙලින්ම අදාල නොවුනත් පහුගිය දවස් වල ලබපු අත්දැකීම් කීපයක් එක්ක මේ ගැන කතා කරන එක හොදයි කියලා හිතුවා. HIV සහ AIDS කියපු ගමන් අපට මතක් වෙන්නේ ලිංගික සම්බන්ධතා. ලිංගිකත්වය ගැන පහුගිය දවස් වල දාපු පෝස්ට් වලට සමහරු කිව්වෙ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න දාන ඒවා කියලා. ඒක තීරණය කරන්න ඕන බ්ලොග් එක කියවන ඔයාලා. මොකද බ්ලොග් එක ජනප්‍රිය කරගන්නනම් මට කරන්න තියෙන්නේ සෞඛ්‍යය ගැන ලියන එක අතඇරලා රසකතා ලියන්න පටන් ගන්න එක. කොහොමවුනත් මේ පෝස්ට් එක දාන්න තීරණය කලේ තවමත් අපි HIV සහ AIDS ගැන දන්න ප්‍රමාණය මදි කියලා හිතෙන නිසයි.



HIV කියලා කියන්නේ "මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය" (Human Immunodeficiency Virus) හුන්වන කෙටි නම. මේ නමේම සහන් වෙන විදියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කිරීම තමයි මේ වයිරසය මගින් කරන්නේ. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියට රටක හමුදාව වගේ. හමුදාවක් මගින් කරන්නේ රටේ ඇතුලතින් සහ පිටතින් රටට ඇතිවන තර්ජන වලින් රට ආරක්ෂා කිරීම. මේ විදියටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුර තුල ඇතිවන පිළිකා සෛල වගේ හානිකර දේවල් සහ පිටතින් ඇතුළු වන වයිරස, බැක්ටීරියා වගේ දේවල් විනාශ කරලා ශරීරය ආරක්ෂා කරගන්නවා. ඒ පද්ධතියට හානි වුනාම ශරීරයට වෙන හානිය ගැන කියන්න අවශ්‍ය නෑනේ.

Retrovirus කියන කාණ්ඩයට අයිති මේ වයිරසය සජීවී තත්වයේ පවතින්නේ ශරීරයක් ඇතුලේ විතරයි. බාහිර පරිසරයේ මේ වයිරසය ජීවත්වෙන්නෙ නෑ. මේ වයිරසය ශරීරගත වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. සුලභම ආකාරය තමයි ආසාදිත පුද්ගලයෙක් සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා සිදුවන ආසාදනයන්ගෙන් 85%ක්ම සිද්ධවෙන්නේ විරුද්ධ ලිංගික සම්බන්ධතා මගින්.



ඊළ කාරණය තමයි එන්නත් විදියට මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීම. අපේ රටේ වුනත් මේ තත්වය දැකගන්න පුළුවන්. රෝහල් වලදී සිදුවන අනතුරු වලදි (උදාහරණයක් විදියට ආසාදිතයකුට එන්නත් කරපු එන්නත් කටුවක් ඇනීම) සහ රුධිරයට නිරාවරණය වන උපකරණ පොදුවේ භාවිතා කිරීම නිසා නිරෝගී කෙනෙක්ගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසයි සැළුන් වල කොණ්ඩය සහ රැවුල කැපීමේදී හැම කෙනෙකුටම අළුත් තලයක් භාවිතා කරන්න කියලා උපදෙස් දෙන්නෙ. 

ඒ වගේම ආසාධිත මවක් බිහිකරන දරුවා ආසාදිතයෙක් වීමේ අවදානම 30% විතර වෙනවා. ගර්භනී අවස්ථාවෙදි, දරුවා බිහිකරන අවස්ථාවෙදි සහ මව්කිරි හරහා දරුවාගේ ශරීරයට මේ වයිරසය ගමන් කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන බෙහෙත් නිසා මේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. 



අවසාන කාරණය තමයි ආසාධිත රුධිරය පාරවිලයනය. එහෙමත් නැත්නම් ලේ දීම. නමුත් මේ තත්වය කළාතුරකින් ඇතිවෙන තත්වයක්. මොකද ලේ සාම්පල HIVහා අනිවාර්යයෙන්ම පරික්ෂා කරනවා. නමුත් කවුළු සමය (Window period) ගතකරමින් සිටින ආසාධිතයෙක්නම් ඔහුගේ රුධිර සාම්පල ආසාධිත වුවත් ආසාධිත බව වාර්තා වෙන්නේ නෑ. ආසාධිතයකුගේ රුධිරය ලබාදීම නිසා HIV ආසාදනය වුන කෙනෙක් තමයි අපේ රටේ කීර්තිමත් ළමාරෝග විශේෂඥවරියක් වුන කාමලිකා අබේරත්න මහත්මිය.

මේ වයිරසය ආසාදනය නොවෙන ආකාර බොහොමයක් තියෙනවා. ඒ තමයි හවුලේ පින්, කෝප්ප, තුවා වගේ උපකරණ භාවිතා කිරීම, වැළගැනීම, අතට අත දීම, එකම වැසිකිලිය, නානකාමරය, නිදන කාමරය භාවිතා කිරීම, එකම ඇුම ඇදීම වගේ දේවල්. ඒ නිසා අනවශ්‍ය බයක් ඇතිකරගන්න අවශ්‍ය නෑ.



HIV ආසාදනය පියවර කීපයක් සහිතව බොහොම හෙමින් සිද්ධ වෙන ආසාදනයක්. පළමු පියවර තමයි මූලික අවස්ථාව. ආසාදනය වුන දවසේ ඉලා සති 2ත් 12ත් අතර කාලයක් පළමු පියවරට ගතවෙනවා. මේ කාලය කවුළු සමය (Window period) කියලා තමයි හුන්වන්නේ. මේ සති කීපයේදි උගුර රිදීම, කුද්දැටි ඉදිමීම වගේ රෝග ලක්ෂණ ආසාදිතයාට දැනෙන්න පුළුවන්. මේ ලක්ෂණ සාමාන්‍යයෙන් වෙනත් ආසාදනයකදී වුනත් දකින්න ලැබෙනවා. මේ තත්වය දවස් කීපයකින් මගහැරෙනවා. වඩාත් අවදානම් කාරණය තමයි මේ කාලයේදී ආසාධිතයාගේ රුධිරයේ HIV ප්‍රතිවෛරස දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා රුධිර වාර්තා වලින් පෙන්නුම් කරන්නෙ නෑ ඔහු / ඇය ආසාධිතයෙක් කියලා. ඒකයි සැක සහිත කෙනෙක්ගේ HIV පරීක්ෂණය නෙගටිව් වුනාම ආයෙත් මාස 3කින් රුධිර පරීක්ණයක් කරන්න කියලා උපදෙස් දෙන්නේ.

දෙවන අවස්ථාව තමයි රෝග ලක්ෂණ නොමැති දීර්ඝ කාලීන ආසාධිත සමය (The stage of chronic asymptomatic infection). මේ කාලය තුලදි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කරන්නෙ නෑ. නමුත් රුධිර පරීක්ෂණයක් මගින් ආසාධිතයාගේ රුධිරයේ HIV ප්‍රතිවෛරස දැකගන්න පුළුවන්. මේ පියවර වසර 8 සිට 10 දක්වා කාලයක් පවතින්න පුළුවන්.
අවසාන අවස්ථාව තමයි ඒඩ්ස් (AIDS) අවස්ථාව. ඒඩ්ස් කියන්නේ HIV වයිරසයේ රෝගී අවස්ථාව. නම තමයි "නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය" (Acquired Immunodeficiency Syndrome). මේ වෙනකොට වයිරසය ශරීරය පුරා පැතිරිලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරලා තියෙන්නේ. එතකොට ශරීරයේ ඇතුලතින් හරි පිටතින් හරි එන ඕනෑම තර්ජනයකට පුළුවන් ශරීරය යටත් කරගන්න. බොහෝ වෙලාවට ඒ ආගන්තුක දේ නිසාම රෝගියා මියයන්න පුළුවන්. මොකද ඒ දේ එක්ක සටන් කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැරි නිසා.



තමන්ට HIV ආසාදනය වෙලා තියෙනවා කියලා සැකයක් තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන් රජයේ රෝහලකට ගිහින් නොමිලේ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටින්න. අනිත් අතට කිසිම කෙනෙකුට බෑ ලේ සාම්පලය අයිති කෙනාගේ අවසරය නැතිව HIV වලට රුධිර පරීක්ෂණයක් කරන්න. ඒ වාර්තාවේ ප්‍රතිඵල ලබාදෙන්නෙත් අදාල පුද්ගලයාට විතරයි. ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න අවශ්‍ය නෑ. බොහොම රහසිගත විදියට මේ පරීක්ෂණය කරගන්න පුළුවන්.මේ පරීක්ෂණය සහා ලේ සාම්පල් දෙකක් පරීක්ෂා කරනවා. ඒ නිසා ඔබට අවස්ථා දෙකකදි ලේ දෙන්න සිද්ධ වේවි. ඒ වගේම පරීක්ෂණය නෙගටිව් නම්, මාස 3කින් ආයෙත් පරීක්ෂා කරගන්න එක හොඳයි. හැබැයි ඒ මාස 3 ඇතුලත HIV ආසාදනය වියහැකි හැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕන.



HIV ආසාදනය වීමන් වැලකෙන්න කරන්න තියෙන්නෙ බොහොම සරළ දේවල් ටිකක් විතරයි. ඒවා තමයි විශ්වාසවන්ත එක ලිංගික සහකරුවෙක්/ සහකාරියක් ඇසුරු කිරීම, විශ්වාසවන්ත නොවන අය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී කොණ්ඩමයක් පැළීම, එන්නත් මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීමෙන් වැලකීම, සැළුන් එකේදී අළුත් තලයක් පාවිච්චි කරන බවට වගබලා ගැනීම, ඔබ HIV ආසාදිත නම් දරුවෙක් බලාපොරොත්තු වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වගේ දේවල්. 

ඒ නිසා HIV වලින් වැලකිලා යහපත් නිරෝගී ජීවිතයක් ගතකරන එක ඒ තරම් අමාරු නෑ. 



දැනුවත් වෙමු.
ආරක්ෂා වෙමු.
අනිත් අය දැනුවත් කරමු.

අවශ්‍යනම් මේ ටිකත් කියවලා බලන්න.
 
එහෙනම් අදට ප්‍රදීප්ගේ පිටුවෙන් සමුගන්නවා. ඊළට ලියන්න බලාපොරොත්තු වෙන්නේ විභාග භීතිකාව ගැන. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template