Thursday, October 25, 2012

පෙම්වතා/පෙම්වතිය සැකද....?

Posted by at 11:58 PM
සැකය බොහොමයක් සම්බන්ධතා බිී යාමට බලපාන සාධකයක්. පෙම්වතා, පෙම්වතිය, සැමියා හෝ බිරි දෙස සැකයෙන් බලන සහකරුවන් ප්‍රමාණය සාපේක්ෂව විශාලයි. ඒ වගේම සැකයේ ප්‍රමාණය සරළ සැකකිරීමක සිට මානසික රෝගයක ලක්ෂණයක් වීම දක්වා පරාසයක පැතිර පවතිනවා. එපමණක් නොවෙයි. අඹු සැමියන් හෝ පෙම්වතුන් අතර සිදුවන සුළු අදබර වල සිට මිනීමැරුම් දක්වා සැකයේ ප්‍රතිඵල විවිධ වෙන්න පුළුවන්. ඒ නිසයි අද ප්‍රදීප්ගේ පිටුව සැකය ගැන කතා කරන්න වෙන්කරන්නේ.

මේ සිද්ධිය අහන්න ලැබුනේ එක්තරා පුද්ගලික ආයතනයකින්. මේ ආයතනයේ සේවය කරන තරුණියකට පැයකට තුන් හතර වතාවක් පෙම්වතා දුරඇමතුම් ලබා දෙනවා. පෙම්වතිය මොන විදියේ රාජකාරියක නිරත වෙලා හිටියත් දුරකතනය නාද වෙන පළමු අවස්ථාවේදීම පෙම්වතාට පිලිතුරු දිය යුතුයි. ඒ වගේම ඒ වෙලාවට පිරිමි කටහක් ඔහුට දුරකථනයෙන් ඇහුනොත් ඇයට බැනුම් වර්ෂාවකට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඊට හේතුව මේ පෙම්වතා ඇයව අධික ලෙස සැක කිරීම. මේ විදියේ විවිධ තහංචි මාලාවක් මැද්දේ ඇය අවුරුදු 7ක්ම මේ පෙම්වතාට ආදරය කරනවා. ඇය හිතන විදියට ඔහු තරහ ගන්නේ ඇයට ඇති ආදරය නිසයි. නමුත් ඒ ආදරය ඕනවට වැඩි බව වටපිටාවෙ ඉන්න ඕනම කෙනෙකුට වැටහෙනවා.




මෙවැනි සිද්ධි ඕනෑතරම් ඔබ අසා දැක ඇති. යම් පුද්ගලයෙක් මෙවැනි හැසිරීම් දක්වන්නේ බොහෝ දුරට “ලිංගික ඊර්ෂ්‍යාව”(Sexual Jealousy) කියන කාරණය නිසා. මේ ඊර්ෂ්‍යාව විවිධාකාර වෙන්න පුළුවන්. ඇතැම්විට තමන්ගේ සහකරු හෝ සහකාරියගේ ආකර්ෂණීය බව හෝ සමාජශීලී බව නිසා ඔහු හෝ ඇය අන් අයගේ ආකර්ෂණයට ලක්වීම අයෙකුට ලිංගික ඊර්ෂ්‍යාව ඇති විමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් පිලිබ ඇති සෘණ ආකල්ප (මම එයාට වඩා කැතයි, මම එයා තරම් ඉගෙනගෙන නෑ....) නිසා හෝ තමන්ට ඇය/ඔහු අහිමි වේ යැයි ඇතිවන බිය නිසා යම්කිසි ඊර්ෂ්‍යාවක් සහකරු හෝ සහකාරිය කෙරෙහි ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පෞර්ෂයේ ඇති දුර්වලතා, කටකතා, සැකය පදනම් කරගත් වැරදි ආකල්ප නිසා වගේම ප්‍රබල මානසික රෝගයක ලක්ෂණයක් විදියට ඇතිවන සැකය නිසාත් ලිංගික ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්.

ඊර්ෂ්‍යාව ඇතිවීමට බලපාන හේතුව මොකක් වුනත් එහි අවසාන ප්‍රතිඵලය දෙදෙනාගේම හෝ එක් අයකුගේ මරණය වන්නට පුළුවන්. ඔබ විලියම් සේක්ෂ්පියර්ගේ ඔතෙලෝ නාට්‍යය ගැන කියවා තිබේ නම් එහි කියවෙන ලිංගික ඊර්ෂ්‍යාව පිලිබඳ කතාව වැටහෙන්නට ඇති. ඒ පිලිබඳව ලියවුනු විචාරයක් මෙතනින් කියවන්න.



මෑතකදී එක්තරා ස්වාමිපුරුෂයෙක් තමන්ගේ භාර්යාවට පිහියකින් කොටා තුවාල සිදුකොට තිබුනා. ඇය සති කිහිපයක දරුවකු සිටින මවක්. හේතුව සොයාබැලීමේදී හෙලි වුනේ ප්‍රබල මානසික රෝගයක ලක්ෂණයක් ලෙස තම භාර්යාව වෙනත් ස්වාමියකු සමග ලිංගික සම්බන්ධතා පවත්වන බවට සැකයක් ඔහුට ඇති වී තිබිම. ඔහුට වෙනත් ස්වාමියකු තම භාර්යාව සමග ලිංගික සම්බන්ධතා පවත්වන බව පෙනෙන භ්‍රාන්ති තත්වයක් (Visual Hallucination) ඇති වී තිබුනා.

මෑතකදී අසන්නට ලැබුනු එක්තරා සිද්ධියක තරුණ පෙම්වතුන් යුවලක පෙම්වතිය පෙම්වතා දැඩි ලෙස සැක කරනු ලබනවා. ඔහු ආයතනයේ සේවය නිමා කරලා නිවයට යන්න ප්‍රමාද වුනොත් ඇයට සිතෙන්නේ ඔහු වෙනත් පෙම්වතියක් සමග කාලය ගත කරනවා කියලා. ඒ වගේම ඔවුන් හමුවූ අවස්ථා වලදී ඔහුගේ දුරකථනයේ ඇති සෑම කෙටි පණිවිඩයක්ම ඇය විසින් කියවනු ලබනවා. යම් ආකාරයකින් කාන්තාවකගේ නමකින් save කර ඇති දුරකථන අංකයක් හෝ කෙටි පණිවිඩයක් තිබුනහොත් ඒ පිලිබ පරීක්ෂා කරනවා. ඔවුන්ගේ වසර දෙකක ප්‍රේම සම්බන්ධය පිරී පවතින්නේ සැකකිරීම් හා ගැටුම් වලින්.



තම පෙම්වතාට/පෙම්වතියට ගැහැණු සහ පිරිමි මිතුරන් කිසිවකු ඇසුරු කිරීම තහනම් කළ පෙම්වතියන් සහ පෙම්වතුන් සැළකිය යුතු සංඛ්‍යාවක් පිලිබ මා අසා තිබෙනවා. එක්තරා ස්වාමිපුරුෂයෙක් තම අළුත විවාපත් බිරි නිවස තුල සිටියදී දොර ජනෙල් වසා රැකියාවට යාමට පුරුදුව සිටියා. ඊට හේතුව ඇය වෙනත් අය සමග කතා කරාවිය යන බිය.

මේ සිද්ධීන් වලින් කියවෙන දේ දැඩි ආදරය නිසා සිදුවන දේ විදියට ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් මෙහි අවසාන ප්‍රතිඵලය භයානක විය හැකියි. සැකය හෝ ඊර්ෂ්‍යාව වැඩි වූ විට සම්බන්ධතා බිඳ වැටීමට මෙන්ම ඔබ මරාදැමීමට පවා ඒ ආවේගය ප්‍රබල වීමට පුළුවන්. එවැනි සිද්ධි ලොව පුරාම නිරතුරුව සිදු වෙනවා. නමුත් හැමදාම කියනවා වගේ කලින් හුනාගැනීමෙන් හා නිසි ප්‍රතිකාර කිරීමෙන් මේ තත්වය මගඅරවාගන්න පුළුවන්.





මෙවැනි තත්වයන්ගෙන් සමහරක් ඇතිවන්නේ අනවබෝධය, අන්‍යොන්‍ය විශ්වාසය පළුදු වීම, නිසි සන්නිවේදනයක් නොමැති වීම වැනි සරළ හේතු නිසා. එවැනි බොහොමයක් අවස්ථා වල නිසි මගපෙන්වීම් වලින් හා පවුල් උපදේශනය වැනි ප්‍රතිකාර මගින් අන්‍යොන්‍ය විශ්වාසය වර්ධනය කිරිමටත්, සැකය දුරු කිරීමටත් පුළුවන්. 

නමුත් ඇතැම් අවස්ථා වල ග්‍රස්ථිය (Obsessions) මෝහය(Delusions) වැනි මානසික රෝග ලක්ෂණ නිසා තමන්ට පාලනය කරගත නොහැකි ආකාරයෙන් මේ සැකය හා ඊර්ෂ්‍යාව වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථා වලදී ඇතැම් විට සැක කරනු ලබන පුද්ගලයා දැඩි ලෙස එම සැකය හා ඊර්ෂ්‍යාව තුල එල්බගෙන සිටීමට පුළුවන්. එවිට ඔවුන්ට මනෝවිද්‍යාත්මක මෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා.

ඔබේ පෙම්වතා, පෙම්වතිය, සැමියා හෝ භාර්යාව අසාමාන්‍ය ලෙස ඔබව සැක කරනවා  නම් සහ පරීක්ෂා කරනවා නම් ඒ පිලිබව අවධානයෙන් සිටීමත් වෙනස්කම් හුනාගත් වහාම නිසි ප්‍රතිකාර වෙත යොමුවීමත් ඉතා වැදගත් වෙනවා.

සති දෙකක විතර කාලයක් බ්ලොග් කියවීම සහ ලිවීම අඩපන වෙලා තිබුනා අසනීපයෙන් ඉන්න නිසා. නමුත් දැන් අවශ්‍ය හැඩගැසීම් කරගෙන බ්ලොග් එක ලියන්න උත්සාහ කරනවා. ඒ වගේම පසුගිය සතියේ බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන පැවැත්වුනා. ඒ ගැන විස්තර නිල බ්ලොග් අඩවියෙන්ලබාගන්න පුළුවන්. පහුගිය පෝස්ට් එකෙන් කතා කරපු ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් උත්සවයේ ඡායාරූප මෙතනින් බලන්න. 

එහෙමනම් ගිහින් එන්නම්. ඊළ ලිපිය බොහෝ දුරට භින්නෝන්මාදය ගැන ලියවේවි.

ප.ලි. - කෙනෙක්ගේ සැකය අසාමාන්‍යයි කියලා හිතන්න නම් ඇත්තටම සැකයට භාජනය වෙන කෙනා සැක කටයුතු සහ වැරදි හැසිරීම් වලින් වැලකී සිටීම වැදගත්. නැතුව තමන් වැරදි හැසිරිම් හරි සම්බන්ධතා හරි පවත්වමින් පෙම්වතා/පෙම්වතියගේ සැකය අසාමාන්‍යයයි කියන එක වැරදියි. අනිත් කාරණය තමයි මෙවැනි හැසිරීමක් තියෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනකොට පුළුවන් තරම් ඉවසීමෙන් සහ සුහදව සාකච්ඡා කරලා සැකය නැතිකරන්න උත්සාහ කරන එක තමයි සුදුසු. එහෙම නැතිව දෙන්නාම ගහ මරාගන්න ගියොත් සම්බන්ධතාවය ඉක්මනින්ම බිඳ වැටේවි.

Tuesday, October 9, 2012

හෙටයි දවස....

Posted by at 12:05 AM
මේ පැත්තේ නිතර යන එන අයට මතක ඇති මීට මාස දෙකකට විතර කලින් ඉලා ප්‍රදීප්ගේ පිටුවේ “ලෝක මානසික සෞඛ්‍ය දිනය” ගැන විවිධ දේවල් පළ වුනා. ඔන්න හෙට, ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙ 10 වෙනිදා තමයි දවස. අද ප්‍රදීප්ගේ පිටුවේ සාකච්ඡා කරන්නේ ඒ ගැන.

ලෝක මානසික සෞඛ්‍ය දිනය ආරම්භ වුනේ 1992 අවුරුද්දේ. ඒ රිචඩ් හන්ටර් (Richard Hunter 1914 – 2004) කියන මානසික සෞඛ්‍ය සේවකයාගේ අදහසකට අනුව. මේ තමයි එහි 20 වන සංවත්සර වසර. ලෝකයේ සෑම රටකම මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුම සහ ආකල්ප තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින නිසාම පසුගිය වසර කීපය මුළුල්ලේ සෑම වසරකම මේ දිනය මහජන අවබෝධය වර්ධනය කිරීමේ දිනයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් එක් එක් වසර වල විවිධ තේමාවන් යටතේ ලොව පුරාම විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා.

  • 2009 - ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුල මානසික සෞඛය ප්‍රවර්ධනය
  • 2010 - නිදන්ගත කායික රෝග සහ මානසික සෞඛ්‍යය
  • 2011 - මානසික සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කිරීම


මේ විදියට මානසික සෞඛ්‍යය දින තේමාවන් හඳුන්වා දීම, වැඩසටහන් මෙහෙයවීම වාගේ දේවල් කරන ජාත්‍යන්තර සංවිධානය තමයි “ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය” (World Fedreation of Mental Health). ඒ සංවිධානය විසින් 2012 ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් යොදාගෙන තියෙන තේමාව තමයි “විෂාදය, ගෝලීය අර්බුදයක්” (Depression: A Global Crisis) කියන එක.

මේ තේමාව තෝරාගැනීම පිළිබඳව ඔවුන්ගේ වාර්තාවේ සඳහන් වෙන විදියට ඔවුන් විෂාදය කියන මාතෘකාව තෝරාගෙන තියෙන්නේ එහි ඇති වේදනාකාරී බව, සුලබතාවය සහ පහසුවෙන් සුවකළ හැකි බව නිසා. විෂාදය කියන්නේ ලෝකයේ පවතින වේදනාකාරීම රෝග පහෙන් එකක්. ඒ වේදනාකාරී බව නිසාම විෂාදයෙන් පෙළෙන අය සිය දිවි නසාගන්න තියෙන අවදානම ගොඩක් වැඩියි. ඒ නිසා විෂාදය පිළිබඳව ජනතාවගේ අවධානය වැඩි වීම අත්‍යවශ්‍යයි. තත්වය තවත් බරපතල වෙන්නේ ප්‍රබල මානසික රෝග අතරින් සුලබම මානසික රෝගය විෂාදය වීම කියන කාරණයත් එක්ක. ලෝකයේ සෑම පිරිමි අය දස දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් (1/10) ජීවිතයේ කුමන හෝ කාලයක විෂාදයෙන් පෙළෙනවා. ඒ වගේම ලෝකයේ සෑම කාන්තාවන් හතර දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් (1/4) ජීවිතයේ කුමන හෝ කාලයක විෂාදයෙන් පෙළෙනවා.

නමුත් විෂාදය සුව කළ හැකි රෝගයක්. මූලික අවස්ථාවේදී හඳුනාගැනීමෙන් සහ නිසි ප්‍රතිකාර කිරීමෙන් විෂාදය සම්පූර්ණයෙන්ම පාහේ සුවකරන්න පුළුවන්. ඒ නිසා විෂාදය පිළිබඳව ජනතා අවධානය වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වෙනවා. මේ අවබෝධය තවත් වැදගත් වෙන්නේ 2020 වෙනකොට ලෝක ජනගහනයෙන් සැම තිදෙනෙකුගෙන්ම දෙදෙනෙක් (2/3) වයස්ගත වූවන් වන නිසා. වයස්ගත වීමේදී සහ නව යොවුන් වියේදී විෂාදය වැළඳීමේ අවදානම වැඩි බව සොයාගෙන තිබෙනවා. ඒ නිසයි මේ වසරේ මානසික සෞඛ්‍ය දිනය විෂාදය වෙනුවෙන් වෙන් වෙන්නේ.



මානසික සෞඛ්‍ය දිනය ලොව පුරා විවිධ විදියට ක්‍රියාත්මක වෙද්දි අපේ රටෙත් මානසික සෞඛ්‍ය දිනය සෑම වසරකම පවත්වනු ලබනවා. සමහර වෙලාවට අපි ජාත්‍යන්තර තේමාවට අනුව වැඩසටහන් ක්‍රියාත්මක කළත් සමහර අවුරුදු වල අපි අපේම තේමාවකට අනුව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

  • 2010 - මානසික යහපැවැත්ම උදෙසා සබඳතා ගොඩනගමු.
  • 2011 - හදවතේ සෙනෙහසින් මනස සුවපත් කළ හැකිය.






ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය දිනය සමරන්නේ “විෂාදයෙන් නිදහස් වෙමු” කියන තේමාව යටතේ. ඒ නිමිත්තෙන් රටපුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සතිය අද (9) ආරම්භ වෙනවා. මේ තමයි අපේ රටේ මානසික සෞඛ්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන “ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය” ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරන ආකාරය.

ඔක්තෝබර් 9, 10, 11 - “මානසික රෝගයකින් පෙළෙන අපේ ඥාතියා රැක බලාගන්නේ මෙහෙමයි” කියන මාතෘකාව යටතේ පාසල් ළමුන් අතර පැවැත්වූ චිත්‍ර, රචනා සහ වැකි නිර්මාණ තරඟයේ තෝරාගත් නිර්මාණ ප්‍රදර්ශනය කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙනවා. ඒ වගේම ඒ දවස් තුනේදි මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩමුළු කිහිපයක් ජාතික කලාභවනේ බටහිර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 12 සහ 13 - ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විවෘත දින දෙකක් පවත්වනු ලබනවා. ඒ දවස් දෙකේදි ලංකාව පුරාම ඉන්න ඕනම කෙනෙකුට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (ඉස්සර හැඳින්නුවේ අංගොඩ මානසික රෝහල, එහෙමත් නැත්නම් පිස්සන් කොටුව කියලා) ඇතුලට ඇවිත් එහි කෙරෙන දේවල් දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ දවස් දෙකේදිත් මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩමුළු කිහිපයක් පවත්වනවා. එන විදිය මෙහෙමයි. කොළඹ ඉඳලා 143 බස් එකේ ඇවිත් අංගොඩ හංදියෙන් බැහැලා 166, 164, 150 බස් එකක රුපියල් 9ක දුර එන්න පුළුවන්. බොරැල්ලේ ඉඳලා එනවානම් 150 බස් එකේ එන්න. ටවුන්හෝල් ඳලා එනවානම්164, 166, 150 බස් වල එන්න පුළුවන්.





ඒ වගේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් නිර්මාණය කරපු “පීඩිතයන්ගේ වේදිකාව” (Theatre of the Oppressed) මණ්ඩප රංගය (Forum Theatre) පහත දිනවල වේදිකාගත කෙරෙනවා. ඔගස්ටෝ බෝවාල් (Augusto Boval) කියන බ්‍රසීලියානු නාට්‍ය අධ්‍යක්ෂ වරයා විසින් ලොවට හුන්වා දුන් මණ්ඩප රංගන නාට්‍ය ක්‍රමයේදී නරඹන්නන්ටත් නාට්‍යයට සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වෙනවා. මෙවර නාට්‍යයේ විශේෂත්වය තමයි නාට්‍යයට පදනම් වෙලා තියෙන්නේ මානසික රෝග වලින් පෙළෙන තරුණයකුගේ සත්‍ය ජීවිත කතාව වීම. ඊටත් වඩා වැදගත් කාරණය තමයි මේ තරුණයා මේ නාට්‍යයට රංගනයෙන් දායක වීම. 

ඔක්තෝබර් 10 - උදේ 8.30ට කොළඹ ජාතික කලාභවන
ඔක්තෝබර් 13 - උදේ 8.30ට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
ඔක්තෝබර් 15 - සවස 1.30ට මුල්ලේරියාව අතරමැදි නිවස්නය

මේ සියල්ලට අමතරව මානසික සෞඛ්‍ය දින පාගමන ඔක්තෝබර් 10 වෙනිදා උදේ 7.30ට ජාතික කලාභවන අසලින් ආරම්භ වෙනවා. ඉතින් මේවාට ආවොත් අපිවත් මුණගැහිලා යන්න පුළුවන්. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.



ඒ වගේම මානසික රෝග වලින් පෙළෙන අයගේ ස්වයං උපකාරක සංවිධාන වලට ආධාර රැස් කිරීම සඳහා සමනලයන් අලෙවි කිරීමේ වැඩසටහනකුත් මේ එක්කම සිද්ධ වෙනවා. සමනලයා කියන්නේ මනසේ සංකේතය. මනසත් හරියට සමනලයා වගේ. හරිම සියුම්, සුන්දරයි. නමුත්, සමනලයෙක් අතින් ඇල්ලුවොත් උගේ පියාපත් විනාශ වෙනවා වගේ මනසට වෙන යම් සුළු බලපෑමක් නිසා කෙනෙක්ගේ ජීවිතයම අඳුරු වෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතය අඳුරු වුනු සොයුරු සොයුරියන් එකතු වෙලා හදාගත්ත සංවිධාන දැන් රට පුරාම තියෙනවා. ඒ සංවිධාන වලට ආධාර පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සමග එකතු වෙලා VSO කියන රාජ්‍ය නොවන සංවිධානය සමනලයන් අලෙවි කරනවා. ඔක්තෝබර් 10 වෙනිදට ලිප්ටන් වටරවුමේ ඔඩෙල් ප්‍රදර්ශනාගාරය අසලට ගියොත් ඔබටත් සමනලයෙක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම wmhd2012srilanka@gmail.com කියන ඊමේලි ලිපිනයෙනුත්, මුහුණු පොතේ මිතුරු පිටුවෙනුත් ඒ අය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.



ඒ වගේම මතක් කරන්න ඕන බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන සහා පොත් එකතු කිරීමේ කටයුතු සාර්ථකව අවසන් වුනු බව. ඒ පොත් ඉදිරියේදී අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් අතට පත් වේවි. ඒ පිළිබ තොරතුරු නිල බ්ලොග් අඩවිය ඔස්සේ ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

එහෙමනම් ගිහින් එන්නම්. ඉදිරි දවස් කීපයේදී පැවැත්වෙන මේ වැඩසටහන් වලට ඇවිත් යන්න එන්න. ඒ වගේම ආවොත් මතක් කරලා මටත් කතා කරලා යන්න. 10 වෙනිදා කලාභවනෙත්, 12 සහ 13 ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙත් මම අනිවාර්යයෙන්ම ඉන්නවා.

Tuesday, October 2, 2012

මානසික ලෙඩක් හැදුනොත්....?

Posted by at 12:14 AM
මානසික රෝග අපි ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් කියලා මානසික රෝග කියන්නේ මොනවද? කියන පෝස්ට් එකේදි අපි සාකච්ඡා කලා. මානසික රෝගයක් හැදුනාම කෙනෙක්ට ආවේදන දැනෙන විදිය, යමක් තේරුම්ගන්න විදිය, සිතන පතන විදිය සහ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම් ඇතිවුන කෙනෙකුට කරන ප්‍රතිකාර මොනවද? ඒ ගැන බොහොමයක් දෙනෙකුට තියෙන්නේ වැරදි ආකල්පයක්. ඒ නිසා අද ප්‍රදීප්ගේ පිටුව වෙන් වෙන්නේ මානසික රෝග හැදුනු කෙනෙකුට කරන ප්‍රතිකාර පිළිබ‍ව සාකච්ඡා කරන්න.

යම් ආකාරයකින් කෙනෙක් මානසික ගැටළුකාරි අවස්ථාවකට පත් වුනොත් ඒ සහා ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙහිදී වඩාත් වැදගත්ම ලක්ෂණය තමයි රෝගය කලින් හඳනාගැනීම. ඒ සහා සමාජයට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මොකද කෙනෙකුගේ වෙනස්වීමක් මුලින්ම දැනගන්න ලැබෙන්නේ ඔහුට හෝ ඇයට සමීප ඥාතීන් සහ හිතවතුන්ට. මොකද සමහර මානසික රෝග වලදි රෝගී බවට පත්වෙන කෙනාට තමන්ගේ වෙනස්කම් දැනෙන්නේ නෑ. එයා ඒ වෙනස්කම් දකින්නේ සාමාන්‍ය දේවල් විදියට. නමුත් සමිපතමයන් එවැනි වෙනස්කම් නොසලකා හැරීම මගින් ජීවිත හානි පවා සිදුවෙන්න පුළුවන්. (උදාහරණයක් විදියට පසුගිය වසර 20ක කාලය තුල සෑම වසරකම ලෝකයේ සියදිවි නසාගැනීම් වැඩිම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක් වෙලා තියෙනවා. ලංකාවේ සිදුවෙන සියදිවි නසාගැනීම් වලින් බහුතරයක් සිදුවෙන්නේ හුනානොගත් විශාදය නිසා බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා.)


 
රෝගයක් හුනාගත්තට පස්සේ රෝගීන් සහා ලබා දෙන ප්‍රතිකාර කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. මානසික රෝග සහා ලබාදෙන ප්‍රතිකාරත් ඒ කොටස් තුන යටතේ වර්ග කරන්න පුළුවන්.
  1. භෞතික ප්‍රතිකාර
  2. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර
  3. සමාජමය ප්‍රතිකාර
මානසික රෝග වලින් පෙළෙන්නන් සහා ලබාදෙන භෞතික ප්‍රතිකාර වර්ග දෙකක් තියෙනවා.
  1.  ඖෂධ ප්‍රතිකාර - පෙති, කරල් සහ නික්ෂේපන (එන්නත්) විදියට ඖෂධ ලබා දෙනවා. සාමාන්‍යයෙන් මානසික රෝග සහා පෙති විදියට බෙහෙත් ලබා දුන්නත් ඇතැම් අවස්ථා වලදි එන්නත් භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. එවැනි එක අවස්ථාවක් තමයි රෝගියා බෙහෙත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන හෝ ඖෂධ ලබා දීමට අපහසුතා පවතින අවස්ථා. එවැනි අවස්ථාවලදී මසකට වරක් එන්නතක් මගින් අදාල ඖෂධ රෝගියාට ලබාදෙන්න වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඒ වගේම ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවේ එක් අංශයක් විදියට එවැනි රෝගීන්ගේ නිවෙස් වලට ගොස් ඒ ඖෂධ ලබාදෙන්නත් කටයුතු කරන අවස්ථා තියෙනවා. ඉදිරියේදී එවැනි සේවාවන් තවත් පුළුල් වේවි. කුමන ඖෂධය වුනත් වෛද්‍ය උපදෙස් වලට පිටින් ගැනීම, මාත්‍රාව වෙනස් කිරීම එහෙමත් නැත්නම් ඖෂධ භාවිතය නතර කිරීම නිසා විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මානසික රෝග වලට ලබාදෙන බෙහෙත් තමන්ට අවශ්‍ය විදියට භාවිතා කිරීම හෝ රෝග ලක්ෂණ නැති වූ පසුව නැවැත්වීම නොකල යුතුයි.
  2. විද්‍යුත් කම්පන ප්‍රතිකාර - (Electro Convulsive Therapy – ECT) සාමාන්‍ය භාෂාවෙන් මේ ප්‍රතිකාරයට කියන්නේ "කරන්ට් එක අල්ලනවා" කියලා. විද්‍යුත් කම්පන ප්‍රතිකාරයේදී සිද්ධ වෙන්නේ ඉතා සුළු විදුලි ධාරාවක් මොළය හරහා යැවීමෙන් රෝගියාට ප්‍රතිකාර කිරීම. මෙය පිළිකා රෝගීන්ට ලබාදෙන කරන්ට් ඇල්ලීමට වඩා වෙනස්. ගරිල්ලා මාකටින් චිත්‍රපටයේ "ඇතුන් ගවයන් එළදෙනුන් සහ..." කියන ගීතයේ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක් නිරූපනය කරනවා. පහලින් තියෙන්නේ ඒ ගීතයේ වීඩියෝව. ඒ වගේම "වයි දිස් කොලවරි..." ගීතය අඩංගු වුනු "ත්‍රී" කියන දෙමළ චිත්‍රපටයේත් විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙන දර්ශනයක් අඩංගු වෙනවා. 


විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදීම සිදු කරන්නේ රෝගියා නිර්වින්දනය කිරීමෙන් පසුවයි. විද්‍යුත් කම්පන ලබාදීමෙන් පසුව රෝගියාගේ තත්පර කීපයක අපස්මාර අවස්ථාවක් දැකගන්න පුළුවන්. මේ ප්‍රතිකාරය සාපේක්ෂව අතුරු ආබාධ අවම ප්‍රතිකාර ක්‍රමයක් විදියටයි පිලිගැනෙන්නේ. සාමාන්‍යයෙන් රෝගියකුට දිනකට එක් අවස්ථාව බැගින් විද්‍යුත් කම්පන අවස්ථා කීපයකදී ලබාදෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන රජයේ රෝහල් කීපයකම මේ වන විට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙනවා.


 
මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර

මානසික රෝග සහා ලබාදෙන ප්‍රතිකාරයේදී මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර වලට විශේෂ තැනක් ලැබෙනවා. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර විධි කීපයක් තිබෙනවා.
  1. උපදේශනය (Counseling) - උපදේශනය මානසික ගැටළුවකින් පෙළෙන අය සහා ඵලදායී ලෙස යොදාගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්. උපදේශනයේදී සේවාලාභියාට ආකාර තුනකින් සහය ලබාගන්න පුළුවන්. ඒ තමයි තමන්ට දැනට ඇති ගැටළුව විසා ගැනීම, ඉදිරියේදී ඇතිවන ගැටළු විසාගැනීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගැනීම සහ පුද්ගලික සංවර්ධනය. උපදේශනයේදී සේවාලාභියාට උපදෙස් ලබාදීමක් සිදු කරන්නේ නැහැ. එහිදී සිද්ධ වෙන්නේ සේවාලාභියාට තමන්ගේ ගැටළුව විසාගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමයි. එමගින් තමන්ගේ ඇති ශක්තීන් හුනාගැනීමටත් ජීවිතයට සාර්ථකව මුහුණ දීමටත් සේවාලාභියාට හැකියාව ලැබෙනවා. ඒ වගේම එය මානසික ගැටළු ප්‍රාථමික අවස්ථාවේදීම විසාගැනීමට අවස්ථාවක් වෙනවා. 
  2. ප්‍රජානන චර්යා ප්‍රතිකාර (Cognitive Behavior Therapy - CBT) - මෙම ප්‍රතිකාරය ලබාදෙන්නේ පුහුණුව ලැබූ සායනික මනෝවිද්‍යාඥයින් විසින්. නමුත් ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලත් සායනික මනෝවිද්‍යාඥයින් ඉතා සුළු පිරිසක් සිටින නිසා මේ යටතේ එන ප්‍රතිකාර වෙනත් සෞඛ්‍ය වෘත්තිකයින් විසින් සිදුකරනු ලබනවා. මෙය සුළු මානසික ආබාධ සහ ඇබ්බැහි වීම් වැනි අවස්ථා වලදී ඉතා සාර්ථක ලෙස යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක්. 


සමාජමය ප්‍රතිකාර

සමාජමය ප්‍රතිකාර යටතට ගැනෙන්නේ පුනරුත්ථාපනය (Rehabilitation) සහ වෘත්තීය චිකිත්සාව(Occupational Therapy). රෝගියාගේ නැතිවී ගිය හෝ වෙනස් වූ හැකියාවන් නැවත තිබූ තත්වය දක්වා හෝ ඉන් ඔබ්බට උසස් කිරීම මගින් රෝගියාගේ ජීවන තත්වය නැංවීමත් නැවත ඔහු/ ඇය සමාජගත කිරීමත් පුනරුත්ථාපනය වශයෙන් හුන්වනවා. පුනරුත්ථාපනයේදී වෘත්තීය චිකිත්සාවට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. වෘත්තීය චිකිත්සාව මගින් කෙරෙන්නේ රැකියා සහා පුහුණු කිරීම කියලයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. නමුත් වෘත්තීය චිකිත්සාව ඉන් එහාට ගිය පුළුල් විෂයයක්. 

එහිදී පුද්ගලික, සමාජයීය, වෘත්තීය, අධ්‍යාපනික, විනෝදාත්මක සහ ආධ්‍යාත්මික අංශයන්ගේ කුසලතා සංවර්ධනය මගින් රෝගියාගේ ජීවන තත්වය (Quality of Life) ඉහල නැංවීම අපේක්ෂා කරනවා. මේ සහා වෘත්තීය චිකිත්සාවේදී භාවිතා වෙන්නේ ඵලදායී ක්‍රියාකාරකම්(Occupations). පුද්ගලික සනීපාරක්ෂාව පවත්වාගැනීම, වැඩෙහි නිරතවීම, ගොවිතැන, ගෙදර දොර වැඩකටයුතු ආදී සාමාන්‍ය ජීවිතයේදී භාවිතා වන ක්‍රියාකාරකම් මෙහිදී ප්‍රතිකාරයක් ලෙස භාවිතා වෙනවා. ඊට අමතරව කණ්ඩායම් ප්‍රතිකාර, ප්‍රතිකාරාත්මක ක්‍රීඩා ආදී විශේෂිත ක්‍රියාකාරකම්ද භාවිතා කරනු ලබනවා. මේ වන විට ලංකාව පුරා ප්‍රධාන රජයේ රෝහල් වල ප්‍රතිකාර මාධ්‍යයක් ලෙස වෘත්තීය චිකිත්සාව යොදාගනු ලබනවා. කායික රෝග වලටත්, මානසික රෝග වලටත්.



මේ සියළුම ප්‍රතිකාර විධි භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයා නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම. එහිදී පවුලේ සාමාජිකයන්ගේ සහ ඥාති හිතමිත්‍රාදීන්ගේ සහය අත්‍යාවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මේ ප්‍රතිකාර සහා වැය කරන කාලය, ශ්‍රමය, දැනුම සහ මුදල් වල නිසි ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම රෝගී වූවන් කොන් නොකිරීමත්, ඔවුන් ආදරයෙන් රැකබලාගැනීමත්, ඔවුන්ගේ නැතිවී ගිය වටිනාකම නැවත ලබාදීමත් පවුලේ සාමාජිකයන්ගෙන් අපේක්ෂා කරනවා. එහෙම වුනොත් මානසික රෝගයකින් පෙළෙන ඥාතියා සුවපත් කරගැනීම ඒ තරම් අපහසු නෑ.

මේ මාසෙ (ඔක්තෝබර්) 10 වෙනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදෙනවා. තේමාව තමයි "Depression; A Global Crisis" (විශාදය, ලෝක ව්‍යාප්ත අර්බුදයක්). ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් ලෝකය පුරාම සංවිධානය වෙනවා. ඒ අතරින් "මානසික රෝගයකින් පෙළෙන අපේ ඥාතියා රැක බලාගන්නේ මෙහෙමයි" යන මාතෘකාවෙන් පාසල් සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් 9, 10 සහ 11 දිනවල කොළඹ ජාතික කලා භවනේදී පැවැත්වෙනවා. ඒ වගේම මම සේවය කරන අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 12 සහ 13 දිනවල දැකබලාගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. දේශන, සම්මන්ත්‍රණ, අලෙවිසල්, නාට්‍ය ආදී විවිධාංග එහිදී දැක බලාගන්න පුළුවන්. ඒ වැඩසටහන් වලටත් සහභාගී වෙන්න කියලා ආරාධනා කරන ගමන් මම ගිහිල්ලා එන්නම්. ඊළට ලියන්න බලාපොරොත්තු වෙන්නේ "භින්නෝන්මාදය" ගැන.



ප.ලි. - සමහරු ඇහුවනේ මගේ ජොබ් එක මොකක්ද කියලා. මේ කියපු ප්‍රතිකාර විධි වලින් මම කරන්නේ වෘත්තීය චිකිත්සාව. නමුත් විශේෂිත ඒකකයක් නිසා මීට වඩා ටිකක් වෙනස් දේවල් කරන්න වෙනවා. ඒ වගේම උපදේශකවරයෙක් විදියටත් කටයුතු කරනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් සේවය ලබාදෙන්න පුළුවන්.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template