Posted by Pradeep Gunarathna at 12:43 AM
Read our previous post
සිංහල බ්ලොග් අවකාශය දවසින් දවස පුළුල් වෙද්දී දිනපතාම අලුත් බ්ලොග් අන්තර්ජාලයට එකතු වෙනවා. ඒ අතරේ කාලෙකට ඉස්සර පටන්ගත්ත බ්ලොග් වල පොස්ට් අඩු වෙලා ගිහිල්ල අන්තිමට වැහිලම යනවා. ඒ නිසා බ්ලොග් අවකාශය කියන්නේ ගතික පද්ධතියක්. දවසින් දවස වෙනස් වෙනවා. ඔය අතරේදී බ්ලොග් කියවන අය ලියන අය අදහස් හුවමාරු කරගන්නවා. මිත්‍ර සම්බන්ධතා ඇතිකරගන්නවා. මේ විදියට ගොඩනැගෙන බ්ලොග් සමාජය කතා බහ කරලා තත්‍ය ලෝකයේදී හම්බවෙලා කතාකරන්න, සම්බන්ධතා වැඩි දියුණු කරගන්න අවස්ථා ඇතිකරගන්නවා. ඒ නිසාම තියෙන සම්බන්ධතා තව තවත් සංකීර්ණ වෙලා සැබෑ ලෝකයේ දකින සමාජ වටපිටාවම බ්ලොග් අවකාශය ඇතුලෙත් නිර්මාණය වෙනවා. අද මම මේ ලියන්නෙත් ඔබ ප්‍රදීප්ගේ පිටුව කියවන්නෙත් ඒ සමාජ වටපිටාවේ ඉඳල. මේ පුර්විකාවේ අරමුණ ඊයේ පැවැත්වුන බ්ලොග් සුහද හමුව මම දකින හැටි ගැන කියන්න ආරම්භයක් ගන්න එක.වැප්, මරණය, දුකා, අභීත වගේ කට්ටිය buzz පදින කාලේ ඉඳල, නෙරන්ජිල, මාධාවල බ්ලොග් ලියන්න පටන්ගත්ත කාලේ ඉඳල දවසින් දවස පරිණාමය වෙමින් ආපු බ්ලොග් ගමන් මගේ පැවැත්වුන විවිධ සුහද හමු අතරේ තවත් එක සුහද හමුවක් ඊයේ (27) පැවැත්වුණා. ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන සියයක විතර පිරිසක් හෙනරත්ගොඩ උද්භීද උද්‍යානයට ඇවිත් හිටියා. වැඩිපුරම හිටියේ අලුත් බ්ලොග්කරුවෝ. පරණ අයත් හිටියනම් තවත් හොඳයි. කොහොම වුනත් සුන්දර දවසක් ලබාදෙන්න සෑම්, සිරා සහ අටම් කල කැපකිරීම විශිෂ්ටයි.
හැමකෙනෙක්ම සතුටු වුනා. සමහරු ක්‍රිකට් සෙල්ලම් කලා, තවත් අය සින්දු කිව්වා, සමහර උදවිය තොප්පි මාරු කලා. ඉතුරු කට්ටිය ඒ අය කරන දේවල් දිහා බලල සතුටු වුණා. ඒ ගැන මම කතා කරන්නේ නැත්තේ දැනටමත් බ්ලොග් ගණනාවක ඒ ගැන පලවෙන නිසා.
නමුත් මේ සුහද හමුවේ අපි උඩින් දැකපු සරල, සැහැල්ලු බවට වඩා ඒ යටින් තියන සහෝදරත්වයේ, කැපවීමේ සහ උද්යෝගයේ පණිවිඩය ගැන කියන්න තියෙන කතාව ඊට වඩා ගොඩාක් දිගයි.
කවදාවත් බ්ලොග් සුහද හමුවකට ඇවිත් නැති වුනත් සිරාගේ අදහසක් තමයි බ්ලොග්කරුවන් අතර ක්‍රිකට් තරඟයක් පවත්වමු කියන එක. පස්සේ අනිත් අයගෙත් යෝජනා එක්ක ඒ අදහස සුහද හමුවක් බවට පත්වුනා. ඒ වගේම මේ තරම් ලොකු වැඩක් කරන්නේ කොහොමද? කියල හිතන්නේ නැතුව සෑම් සහ අටම් මේ වැඩේට එකතු වුනා. තුන්දෙනාම එක වගේ බර ඇද්දා. ගොඩක් දේවල් වලට තමන්ගේ අතින් වියදම් කලා. එහෙම නොවුනානම් ඊයේ රු. 200 ට ඔය වැඩේ කරන්න බැරිවෙනවා.
කොහොමහරි නියමිත දවස උදාවුණා. අපි හැමෝම ඒ තුන්දෙනා නිර්මාණය කරපු දවස රසවින්දා. නමින් විතරක් අඳුනගන හිටපු ගොඩක් අය හමුවෙලා කතා බහ කලා. විනෝද වුණා. ජයග්‍රහණය කලා. buzz radio ඒ ගැන විස්තර වෙනද වගේම ලෝකය පුරාම අරගන ගියා. හවස වෙනද විදියටම වෙන්වෙලා ගියා.
ඊට පස්සේ ඉතුරු වෙන්නේ මඩ, බ්ලොග් පෝස්ට්, පින්තූර සහ හිත් රිදවීම් විතරද?
මඩ ගහන්නේ විහිලුවට. හිත රිදෙන විහිළු වලින් යාලුවෝ නැතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර මඩ නිසා යාළුකම් ශක්තිමත් වෙන්නත් පුළුවන්. නමුත් බ්ලොග් ගේට්ටුවෙන් සෑම්, සිරා සහ අටම් අපේක්ෂා කලේ එපමණද?
නැහැ. මේ 2013 වසරේ බ්ලොග්කරුවන්ගේ පලවෙනි සුහද හමුව. එතනින් අලුත්වෙලා අපිට හුරු පුරුදු පරණ ගමන යන්න තියනවා. ඔබට මතකද දිළුම්? නැත්නම් ජෙරුෂා? එත් නැත්නම් ඔබා මාමා? දිලුම්ට සවන් ලබාදෙන්න බ්ලොග්කරුවන් අතර ඇතිවුන බැඳීම, ජෙරුෂා වෙනුවෙන් කල කැපකිරීම, ඔබා මාමා වෙනුවෙන් ෆේස්බුක් එක පුරා සුදු කොඩි එසවුණු, හඬපු, දුක් වුන සහෝදරත්වය, නැවතත් ගොඩගන්න, ගිය අවුරුද්දේ අම්පාරේ ගලහිටියාගොඩ දරුවන්ට පුස්තකාලයක් ලබාදුන් මිත්‍රත්වය අලුත් කරන්න කාලය එළඹිලා. ඒ මොනවා නැතත් අපේ හිතවත්කම්,යාලුමිත්‍රකම්,සහෝදරකම් අලුත්කරගන්න කාලය එළඹිලා.
ඊයේ සෑම් නොකියා කිව්වේ, සිරා කියන්න උත්සහ කලේ, අටම් අන්තිමට ඇවිල්ල වෙන විදියකට කිව්වේ ඒ ගැන. හිත රිදෙන්න පුළුවන්, ඒ තමයි හිත් වල හැටි. නමුත් වටපිටාවේ ඉන්න අය කොනිත්තන්නේ නැතුව හිටියොත් ඒ හිත ඉක්මනට සනීප වෙනවා. යාලු මිත්‍රකම් වුනත් එහෙමයි. ටික කාලයක් ඈත් වෙලා හිටියොත්, කේලම්, ඕපාදුප ඇහුවොත්, ටික ටික අඩුවෙලා නැත්තටම නැති වෙලා යනවා.
ඒ නිසා මේ බැඳීම මැකිලා යන්න ඉඩ දෙන්න එපා. එහෙම කලොත් ඊයේ සුහද හමුවේ තේරුමක් නැතුව යනවා.
අනිත් පොස්ට් වලට වඩා ටිකක් වෙනස් වගේ ඇති. නමුත් හිතට දැනෙන දේ ලිව්වේ. යන්න කලින් තව එක දෙයක්. ඊයේ දැකපු හැමෝම අප්‍රේල් 21 වෙනිදා "සයිබර් සිහින උළෙල" දවසේදීත් දකින්න ලැබේවි කියල හිතනවා.
එහෙනම් ගිහින් එන්නම්. ඊයේ හම්බවෙලා ප්‍රදීප්ගේ පිටුව අගය කරපු හැමෝටම ස්තුතියි. අටම් උඹට විශේෂයෙන්. අලුත් පෝස්ට් එකකින් ළඟදීම හමුවෙමු.





මේ පාර ප්‍රජා සත් කාරේට ප්‍රදීප් අයියගේ අදහසට ගැලපෙන ගමක් තියෙනවා , පොඩි එකාගේ නර්සරි එකට රුපියල් 100 ක් දෙන්න තරම් අමාරු මට්ටමේ ඉන්න අය ඉන්න ,
ReplyDeleteමම කියන්න ආපු එක් මේ උන්නැහේ කියලා... O.o
Deleteඅපි සාකච්චා කරලා බලමු. විස්තර පෙබරවාරි 09 අරගෙන එන්න. ස්තුතියි දෙන්නටම. ජය....!
Deleteහිතට දැනුන දේ හිතට වදින්න ලියලා. මට බ්ලොග් අවකාශයට එන්ට පාර කැපූ ඔබට ප්‍රණාමය!
ReplyDeleteඔබේ උත්සාහය තමයි වඩා වැදගත් වෙන්නේ. ස්තුතියි සහෝ...!
Deleteස්තුති ප්‍රදීප් අයියා.
ReplyDeleteමේ ලිපිය සුන්දරයි. අටම් හදවතින් කරපු කතාව, සුදීකයා වූෂූ ශූරයාට තිළිනය දෙද්දි පවා මට මහා සුන්දරත්වයක් දැනුනා. බ්ලොග් එකක් පිටිපස්සෙ ඉදන්, ගහ මරාගෙන, විහිළු කරගෙන, සයබරෙන් ඔබ්බට සිද්ධ වෙච්ච මේ හමුවීම අපේ බොහෝ දෙනාට සතුටක් එකතු කරන්න ඇති. ඒ වගේම ආයෙ දවසක උදව්වක් ගන්න, යන එන තැනකදි යලි මුණ ගැහෙන්න අඩිතාලමක් වෙන්න ඇති.
අන්න ඒටික අපි ලබපු සතුට ඇතුලෙ තියෙනවා.
සයිබර් උලෙලට දැන් සූදානම් වෙමු.
සැමට ස්තුති !
//සුදීකයා වූෂූ ශූරයාට තිළිනය දෙද්දි පවා//
Deleteදැක්කද ඒ මල්ලිට ඒ වෙලාවේ ඇතිවෙච්ච සතුට. ඒ හිනාව, අපිට දැනුන දේ එයාට කොහොම දැනෙන්න ඇද්ද
සිරාවටම!!
Deleteඅනිවාර්යයෙන්ම සෑම්, අටම්, රජා. අප්‍රියෙල් 21 ගොඩක්ම සුන්දර දවසක් කරමු...!
Deleteමට හිතෙන්නේ ඔයා මේ සිංහල බ්ලොග් අවකාශේ මුල්, මැද, අග යා කරන ශක්තිමත් පුරුකක් කියලා.
ReplyDeleteහම් හම්
Deleteඅප්පච්චියේ... මම එච්චර පොරක් නෙමෙයි. ස්තුතියි දෙන්නටම....!
Deleteමම දාපු කමෙන්ට් එක අතුරුදහන්.....
ReplyDeleteබ්ලොග් ගේට්ටුවක මඩ නැත්නම් ඉතින් වැඩකුත් නැ වගේනේ... ඉතින් මේ ගේට්ටුවෙන් කලින් තිබුන සබදතා තව වැඩි දියුණු උනා වගේම දිගින් දිගට ඒවා පවත්වාගෙන යන්න ඒ තුලින් ගිය වර වල වල වගේ වැඩදායි දෙයක් කරන්න ලැබේවා කියලා හැමෝම පතමු..
//මම දාපු කමෙන්ට් එක අතුරුදහන්.....// ඉතුරු වෙලා තිබුනොත් තමයි පුදුමේ. :p
Deleteමඩ නැත්නම් වැඩක් නෑ. මම කිව්වේ මඩ වගේම වැඩත් තියෙන්න ඕන කියල.
//ඊයේ දැකපු හැමෝම අප්‍රේල් 21 වෙනිදා "සයිබර් සිහින උළෙල" දවසේදීත් දකින්න ලැබේවි කියල හිතනවා//
ReplyDeleteනැ නැ අපිත් එනව. මේ පාර අවසර ගන්න බැරිම උනානේ. වයසෙ තරමට වැඩ කරන්නලු :p
එන්න එන්න. මම කිව්වේ 27 ආපු හැමෝම එන්න කියල. ආපු නැති අයත් අනිවාර්යයෙන්ම එන්න ඕන.
Deleteතුන්දෙනාම එක වගේ බර ඇද්දා.
ReplyDeleteඅනේ මචං මට නං මොකුත් කරන්න බැරි උනා , අරුන්දෙන්නා තමයි කරපු හැම දෙයක්ම කරේ
ඇයි උබ උබ අන්තිමට ඇද්දේ :D
Deleteගොරොද්දෙද???
Deleteඅනේ මේ බොරු නොකිය ඉඳහන් අටමෝ.... උබල තුන් දෙනා නේන්නං වැඩේ ඇදගන ගියේ. නැතුව අපිය?
Deleteසිහින උළෙලේ දීත් නැවත හමුවෙමු.....
ReplyDeleteඅනිවාර්යයෙන්ම සුමිත් අයියේ. එදා උදේ අඳුනගන්න බැරිවුනාට සමාවෙන්න.
Deleteප්‍රදීප් හඳුනාගැනීම සතුටක්.අපේ මේ බ්ලොග් කස්ටිය අපුරු එකතුවක්. මොන දේ කලත් ගෙට්ටුවට ආපු පිරිස විතරක් නොආ අය තවත්නම් කී දෙනෙක් ඉන්නවා ද පොදු දෙයකදී එකතු වෙන.
ReplyDeleteඅනිවාර්යයෙන්ම රාමා. ජය...!
Deleteනියමයි ප්‍රදීප් අයියේ.. මේ ගේට්ටුව වගේම ඉස්සරහට එන වැඩත් සාර්ථකව කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා.. ඕනම දේකට මේ මමත් පස්සෙන් ඉන්න බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ අයියේ.. සුභ පැතුම් හැම දේකටම.. ලංකාවට ආවම අපි හමුවෙමු..
ReplyDeleteස්තුතියි මල්ලි. දන්නවා රටින් පිට හිටියත් ඔයාගේ සහය ලැබෙනවා කියල.
Deleteකටින් නොකිව්වත් බ්ලොග් එකෙකින් නොලිව්වත් හැමෝටම ඔය කියපු දේ දැනුණාය කියල මම හිතනවා. නමුත් දැනිලා අමතක වෙන්න යනකොට ඒක ආයේ මතක් වෙන්න මේ වගේ හීනියට කොනිත්තන එක වටිනවා..
ReplyDeleteස්තුතියි යාලු මේ පැත්තේ ආවට.
Deleteමට ඔයාව නමින් මතක නෑ අයියෙ. ඒකට මං ගොඩක් කණගාටු වෙනවා. ඒත් ඔයා කවුද කියල හොයාගන්න පුලුවං. මේක ගොඩාක් දැනෙන වෙනස්ම විදියෙ පෝස්ට් එකක්!
ReplyDeleteඔන්න බලපල්ලකො. ටිකට් දීපු එකාට මාව මතක නෑලු. මගේ නම තමයි මුලින්ම තිබුනේ. ස්තුතියි මල්ලි ආවට...
Deleteගොඩක් නොදන්න අය අදුර ගත්තා.. ඒ ගැන මාර සතුටුයි!! :)
ReplyDeleteඅලේ... අනිත් අය වල් හාවවත් අඳුනගත්තනේ. අවුල තියෙන්නේ ආපහු යනගමන් උඹ අපිව දාල ගිය එකයි... ස්තුතියි මල්ලි දුර ඉඳල ආවට. ජය...!
Deleteනියමයි අය්යේ...නොදන්නා ගොඩක් ය හම්බුනා ..ඒ වගේම සුදීකයා වූෂූ ශූරයාට තිළිනය වගේම තව ත් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් ..එහෙනං බක් මහා උළෙලේදී හම්බෙමු
ReplyDeleteඅනිවාර්යයෙන්ම.....
Deleteසිරාවටම මාර ලස්සන දවසක්!
ReplyDeleteනැවත හමුවෙමු!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම වේවා...!
Deleteමම දැකපු හොඳම පෝස්ට් එක ප්‍රදීප්ගෙ.. අද තමයි.. මම මගේ ලිපිය ලියන්නෙ.
ReplyDeleteඅප්පච්චියේ... පරණම බ්ලොග්කරියක් මෙහෙම කියද්දී මොනවා කරන්න බැයිද? ස්තුතියි නෙරන්ජි. ජය,,,!
Deleteබොහොම සතුටුයි , ගොඩක් අයව අදුන ගත්තා.. අපි ආයේ හමුවෙමු සිහින් උළෙලේදී..
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteගොඩක් අය නොදන්නවා උනාට ඔය මුලදි කිව්ව හැම දේකදිම ( දිලුම් මල්ලිගේ සිද්ධියෙදි එහෙම) මම තිරයෙන් පිටිපස්සට වෙලා ඉඳගෙන බලං ඉඳලා තියෙනවා.. ඒක නිසා බ්ලොග් ගෙට්ටුවල වෙච්ච හොඳ සහ නරක දේවල් ගැන මට පොඩි අවබෝධයක් තියෙනවා...
ReplyDeleteහැමෝටම හොඳ පේන නිසා මම නරක ගැන ටිකක් කියන්නම්.... එකක් තමයි ඔතනට ඇවිත් හොඳට කතා බහ කරලා බොක්කෙන් ෆිට් වෙලා, ඊට පස්සේ ඇනෝ ඇවිත් බ්ලොග් වල පහර දෙන එක... ( මට හිතන්නේ මිට කලින් බ්ලොග්කරුවෝ/කාරියෝ කීප දෙනෙක්ට එහෙම උනා..) ඒ වගේම ඇතිකරගන්නා හිතවත්කම් ප්‍රයෝජනයට අරගෙන වාසි ලබාගන්න උත්සාහ කිරීම... ( පහුගිය කාලේ පෝස්ට් හිමීට කොනක ඉඳන් කියෙව්වොත් මේවා හොයාගන්න පුළුවන්)
මේවා මම කිව්වේ හැමෝම දන්නවා ඇති කියලා හිතන නිසා... නමුත් මේවගේ කීප දෙනෙක් නිසා සුන්දර මිනිස්සු මහ ගොඩක් නැති කරගන්න එක මෝඩකමක්.. ඒකයි බ්ලොග් ගෙට්ටුවට මාත් ආස.. හිත් අමනාපකම් ඇතිවෙන එක සාමාන්‍ය දේවල්.. මේ වගේ දේකදි අපි නොදන්න අය ගොඩක් අතරේ අපේ හිතට හරියන්නේ නැති කීප දෙනෙක් ඉන්න පුලුවන්... ඒත් තමන් බුද්ධිමත් නම් ඒ දේවල් වලින් හිත් රිදවීම් ඇතිකරගන්නේ නැතුව ඉන්න එකයි වැදගත්...
මුල් කාලේ හිටපු අයගෙන් බොහෝ දෙනෙක් කාර්යබහුල කම නිසා සහ එයාලට මුහුණ දෙන්න වෙච්ච මේ වගේ දේවල් නිසා දැන් බ්ලොග්කරණයෙන් ඈත් වෙලා ගිහින්... ඒත් මේ දේවල් සම්බන්ධයෙන් බුද්ධිමත්, අත්දැකීම් බහුල අය විදියට අපිට එයාලගේ පෝස්ට් වලින් ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා...
මං මේක ඊයේ පෝස්ට් කීපයක් දැකලා හිතුවේ.. මේ පෝස්ට් එක දැක්කම මේ චුට්ට කියන්න හිතුනා...
ස්තුතියි හිරු අදහසට. වඩා වැදගත් වෙන්නේ සුහදත්වය දිගටම පවත්වා ගැනීම. ජය...!
Deleteඔබේ ඉදිරි ගමනට පැතුමට එක සිතින්නම අපේ සහාය. ඉතා හොද දවසක් බොහොම ලස්සනට ගෙවුණා ස්තුතියි ප්‍රදීප්
ReplyDeleteඔයාටත් ස්තුතියි නලින් අයියේ. ඔයාගේ දිරිමත් කිරීම ගොඩක් වටිනවා.
Deletehamdaykma elatma tibun...
ReplyDeleteistuti....kapakirim karpu hama denukatama.
Jayawewa
අනිවාර්යයෙන්ම. ආයේ හමුවෙමු...
Deleteඅනිවාර්යෙන්ම! මේ සහෝදරකම මේ විදිහටම හැමදාමත් තිබ්බොත්....අපේ පවුල හැමදාම සයිබරයේ ලෙන්ගතුම පවුල වේවි...
ReplyDeleteසහතික ඇත්ත. අපි ඒකට උත්සාහ කරමු.
Deleteගගක ලස්සන වෙන්නේ ගල් වල හැප්පිලා, කදු වලින් පහලට වැටිලා ගොඩාක් අමුතු සිදුවමීම් සංකලනයක අවසන් ප්‍රථිපලය විදිහට. ඉතිං මේ වගේ උත්සවේකදිත් රස්තියාදාකාරයා බලාපොරොත්තු උනේ සුහද මිතුරු හමුවක් වගේම විනෝදයක්. ඒක මට විතරක් නෙවෙයි, සංවිධායක මන්ඩලේ ඇතුළු ආපු හැමෝටම ලැබෙන්න ඇති කියල මං විස්වාස කරනවා.. ඒත් එක්කම අපි එකිනෙකා අතරෙ තිබ්බ විශ්වාසෙ සහ අවබෝධය කොයි වගේද කියන දේත් මේ ගෙට්ටුවේදි හොදටම පේන්න තිබුනා.. ලංකාවේ හතරකොනෙන් කට්ටිය ගම්පහ ආවේ ඒ සහෝදරත්වය සහ විශ්වාසය නිසා. ඉතිං පුංචි පුංචි අතපසුවීම් වෙන්න ඇති, මත ගැටුම් ඇති වෙන්න ඇති, හිත් රිදීම්, අළුත් බැදීම් ඇතිවෙන්න ඇති, නැති උනාද කියල නං දන්නේ නෑ.. ඒ මොනව උනත් මේ සහෝදරත්වය හැමදාටම ඉතුරු කරගන්න..
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මල්ලි කට්ට කාගන ආවට. අවුරුදු උත්සවේදී හමුවෙමු...!
Deleteඇත්තටම මේ මිතුරුදම දිගටම රැක ගන්න ගමන් පුලු පුලුවන් විදිහට කස්ටියම හම්බවෙමු ...... :D
ReplyDeleteඅනිවාර්යයෙන්ම....
Deleteඋඹේ ළිපිය අනික්වට වඩා වෙනස්.. අදහසුත් වෙනස්.. ඒත් ඉතින් වලි දාගන්නෙ නැතුව පොඩි මඩක් ගහ ගත්තට අවුලකුත් නෑ... අපහාස නැතුව...
ReplyDeleteස්තුතියි මාතලන්. පොඩි මඩක් නැතුව බෑ. මඩ වගේම වැඩත් තියෙන්න ඕන කියලයි මම කිව්වේ.
Deleteඔබේ අදහස් වලට එකහෙලා එකඟවෙමි.
ReplyDeleteඅපි හමු උනේ නැතත්..මේ වගේ කටයුත්තකදි ඇතිවන බැඳීම විස්තර කරන්න වචන මදි.
අනිවාර්යයෙන්ම. ඇයි අපි එදා හමුවුනේ...?
Deleteයුනිකෝඩ් එකකින් ලියවෙන අකුරකට වඩා එහා ගිය ලොකු බැඳීමක් අපි අතරේ තියනවා කියල හිතට දැනුනා
ReplyDeleteඅනිවාර්යෙන්ම මල්ලි.
Deleteවෙනස්ම පැතිකඩක් ඔස්සේ දිග හැරුණු සිතුවිලි පන්කාදුය.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි...!
Deleteme post eka wenas machan..hithata wadinawa..
ReplyDeleteස්තුතියි යාලු...!
Deleteහොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/
ReplyDeleteස්තුතියි යාලු. ඔන්න අපි ආව ඔයාගේ පැත්තෙත්..
Deleteනියමයි....
ReplyDeleteපට්ට සංතෝසෙං ගෙවිච්ච දවසක්....
ආයේ සෙට් වෙමු 21...
නියමයි නේන්නං. අනිවා සෙට්වෙමු...!
Deleteමොන මංගල්ලෙ තිබ්බත් අවුරුදු උත්සවේට නම් එනෝ මේ කෙහෙම්මල් විභාගයක් නිසා 27 එන්න බැරි උණා :( :(
ReplyDeleteඑන්න එන්න. අපි බලාගෙන ඉන්නවා...
Deleteමටත් කවදම හරි එන්න ලැබුනොත් හොදයි එකම එක ගෙට්ටුවකට හරි :(
ReplyDeleteඑන්න එන්න. ඊළඟ එකට....
Deleteගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය
ReplyDeleteඅනිවා...!
Deleteගෙට්ටුව ගැන කියවපු පෝස්ට් වලින් වෙනස්ම වෙනස් විදියකට ලිව්ව පොස්ට් එකක්...... නියමයි.....
ReplyDeleteස්තුතියි...!
Delete:)
ReplyDelete:)
DeletePradeep aiyaawa muna gasima harima sathutak.
ReplyDeleteMunu pothen,blogayen dutu suhadathwaya sabawatama tibima gana ithamath sathutui..
Nihadawa watinaa wada kotasak karana kenek bawa hodinma wata huna.
Eda dawasedi,sahabagi una palamu gettuwa nisamado manda aganthuka bawak mata nam danuna.e nisa samahara ayth ekka kata karanna bari unath ekka..
Bakmaha ulelata enna puluwn unoth hamomath ekka katha karanawa..dan munawal tika mathakaine..
Blog haraha godanagunu mithtrathwayen godak hoda dewal karamu.haki ayurin mamath sahaya wennam..
Jayama wewa !!!
ස්තුතියි මල්ලි. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් දේ කරමු.
Deleteජීවිතෙ තවත් එක අමතක නොවන දවසක්
ReplyDeleteඅනිවා....
Deleteබොහොම හොඳයි .. අර්ථවත් ව ලියල තියෙනවා ...
ReplyDeleteස්තුතියි...!
Deleteඅඳුනගන්න ලැබුණු එක ගැන ගොඩාක් සතුටුයි
ReplyDeleteනැවත්ත හමුවෙමු... අවුරුදුත් අරගෙනම :)
අනිවාර්යයෙන්ම...!
Deleteඅපරාධේ ආවේ නැත්තේ..අනිත් සැරේ නුවර තියමුකෝ
ReplyDeleteඒකනේ. ඔන්න මේ අවුරුද්දේ නුවරත් එකක් තියනවලු.
Deleteජිවිතේ ගෙවුණු ලස්සන දවසක්
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteකියන්න ඕන දේ ඉතාමත් හොදින් ප්‍රදීප් ගලපලා තියෙනවා...මේ හැමදේකින්ම අප බලාපොරොත්තු විය යුත්තෙ බ්ලොග්කරුවන් අතර සුහදත්වය වර්ධනය, එක පවුලක් වගේ සාමූහික ක්‍රියාකාරකම් වලදි එකතු වන පිරිසක්... ඒ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා කියා පතනවා...
ReplyDeleteස්තුතියි සිරා හැමදේකටම. අනිවාර්යයෙන්ම බ්ලොග්කරුවන් කියන්නේ එක පවුලක්. ජය...!
Deleteමට මේක මිස් උනා..! අපරාදේ..!
ReplyDeleteබලමු ඊළඟ එකට සෙට් වෙන්නවත්..!
සාධු කාරණා වලට ජය වේවා..!
ඒකනේ... අප්‍රේල් වල සෙට් වෙමු.... ස්තුතියි....ජය...!
Deleteවටිනා අදහස් ඇති ලිපියක්!
ReplyDeleteස්තුතියි සාබිත්...
Deleteඇත්තටම ලස්සන දවසක් ගත කරා.. ඇත්ත 100%
ReplyDeleteඅනිවා....
Deleteලස්සන දවසක් අපි ගත කළා... බ්ලොග් එකක් ලියන්න ඇදි ඇදි තිබුන හිත ඉක්මන් වුනා... ඇත්තටම ලොකු ලොකු ලොකුකම් නැති ඔයාලගේ ලෙන්ගතු සුහදත්වයට ආධුනිකයෙක් විදිහට හිස නමා ආචාර කරනවා....
ReplyDeleteස්තුතියි අක්කේ...
Delete