Posted by Pradeep Gunarathna at 12:00 AM
Read our previous post
හොඳ රැකියාවක් කියන්නේ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුවක්. හොඳ රැකියාවකට යන්න අවශ්‍ය වෙන සුදුසුකම් ගැන අපි පහුගිය පෝස්ට් එකෙන් කතා කලා. නමුත් සුදුසුකම් තිබුණු පමණින් රැකියාවක් සාර්ථකව කරන්න බැහැ. තවත් බොහෝ දේවල් අවශ්‍ය වෙනවා. සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වෙන අනිත් දේවල් මොනවද? අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන.![]() |
| ලොව හොඳම රැකියාව ඔබ සතුටින් කරන රැකියාවයි |
පුද්ගලයෙක්ගේ ජීවිතයේ අනෙකුත් සියලුම අංශ වලදී රැකියාව ප්‍රධාන තැනක් ගන්නවා. කෙටියෙන් කිව්වොත් අපි අපිව හඳුන්වල දෙන්නේ පවා අපි දරන තනතුරින්. "මම වෛද්‍යවරයෙක්, මම නීතිඥවරියක්" ආදී වශයෙන්. සාර්ථක වෘත්තීය ජීවිතය ජීවිතයේ අනෙකුත් අංශ වල වර්ධනයටත් පවුලේ සංවර්ධනයටත් පිටුවහලක්. කෙනෙක් තමන්ට ගැලපෙන සහ තෘප්තිදායක රැකියාවක් කරනවානම් ඔහු හෝ ඇය වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් ඒ රැකියාවේ නිරත වෙනවා. ඒ වගේම තමයි තෘප්තිදායක නොවන රැකියාවක් කරනවානම් ඒ රැකියාව නිසා ඒ පුද්ගලයා සාර්ථකත්වයක් ලබන්නේ නෑ. කිසිම රැකියාවක් සඳහා නියමිත පුද්ගලයෙක් නැහැ. ඒ වගේම කිසියම් පුද්ගලයෙක් සඳහා නියමිත රැකියාවකුත් නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම රැකියාවක් ( ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරගත්තොත්) කරන්න හැකියාව තියනවා.
විවිධ විද්වතුන් රැකියා ක්ෂේත්‍ර විවිධ ආකාරයන්ට බෙදල තියනවා. මේ මොන වර්ග කිරීම අනුව බැලුවත් එක එක රැකියා ක්ෂේත්‍ර වල වැඩකරන්න අවශ්‍ය වෙන අවශ්‍යතා වෙනස්. තමන්ට ගැලපෙන රැකියා ක්ෂේත්රය හඳුනාගන්නකොට ඒ අවශ්‍යතාවලට තමන් ගැලපෙනවද කියන එක ගැන සැලකිලිමත් වීම වැදගත් වෙන්නේ ඒ නිසයි. කෙනෙක්ගේ වෘත්තීය රුචිකත්වය තීරණය වෙන්නේ ළමා කාලයේදී කියලයි Anne Roe කියන මනෝවිද්‍යාඥවරිය කියන්නේ. තමන්ගේ රුචිකත්වයට නොගැලපෙන රැකියා කරන්න ගියාම මොන තරම් සුදුසුකම් තිබුනත් ඒ රැකියාව සාර්ථකව කරන්න බැරිව යනවා.
![]() |
| ගැලපෙන රැකියාවක්....? |
Anne Roe ගේ වර්ගීකරණයට අනුව ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර 8 ක් දක්වලා තියනවා.
- සේවා
- ව්‍යාපාරික
- සංවිධාන
- තාක්ෂණය
- එළිමහන්
- විද්‍යා
- සංස්කෘතිය
- කලාව සහ විනෝදය
Anne Roe ට අනුව 1,2,3,7,8 කියන රැකියා ක්ෂේත්‍ර වල සේවයට අවශ්‍ය වෙන්නේ මිනිසුන් සමග වැඩකිරීමට කැමැත්තක් දක්වන, උණුසම්, පිළිගන්නා සුළු පුද්ගලයන්. 4,5,6 කියන ක්ෂේත්‍ර වල සේවයට අවශ්‍ය වෙන්නේ තනිව වැඩකිරීමට කැමති පුද්ගලයින්.
තමන්ට ගැලපෙන රැකියා ක්ෂේත්රය තෝරාගැනීමේදී ගොඩක් අය නිවැරදි තීරණය ගන්නේ නෑ කියලයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ. තමන්ට වඩාත්ම ගැලපෙන රැකියාව තෝරගද්දී සලකා බැලිය යුතු ලක්ෂණ මොනවද? ඒ අතරින් පලවෙනි එක තමයි තමන්ගේ උපතින් තමන්ට ලැබිල තියෙන ගති ලක්ෂණ. තමන් සමාජශීලී කෙනෙක්ද, නැත්නම් ලජ්ජාශීලි කෙනෙක්ද, අනිත් අයට උදව් කරන්න කැමති කෙනෙක්ද, ආත්මාර්ථකාමී කෙනෙක්ද,... මේ වගේ උපතින් තමන්ට ලැබිල තියන ගති ලක්ෂණ නිවැරදිව තේරුම් අරගෙන ඒවාට ගැලපෙන රැකියාවක් තෝරාගැනීම වැදගත්.
![]() |
| තනිව වැඩ කිරීමට කැමති |
දෙවෙනි කාරණය තමයි චරිත ලක්ෂණ. තමන් ආවේගශීලිද, විවෘත කෙනෙක්ද, සෘජු තීරණ ගන්න කෙනෙක්ද, අනිත් අයගේ අදහස් වලට කන්දෙන කෙනෙක්ද... වගේ ලක්ෂණත් සාර්ථක රැකියාවකට බලපානවා. උදාහරණයක් විදියට ආවේගශීලී පුද්ගලයෙක් මහජන සම්බන්ධතා නිලධාරියෙක් වුනොත් ඔහුටත්, සේවාව ලබාගන්න කෙනටත් ඔහුගේ ආවේගශීලිත්වය නිසා ගැටළු ඇතිවෙන්න පුළුවන්. නමුත් විනයක් සහිතව පුහුණු කලොත් ඔහුගේ ආවේගශීලිත්වය යුධ ජයග්‍රහණයක් කර මෙහෙයවන හැකියාවක් බවට පත්කරන්න පුළුවන්.
තුන්වෙනි කාරණය තමයි කැමැත්ත. තමන් කැමති රැකියා ක්ෂේත්රයකට යොමුවීම වැදගත් කියල අපි මීට කලින් කතා කරලා තියනවා.
අනිත් කාරණය තමයි දක්ෂතා සහ බුද්ධිය. අපි කලින් ලිපියෙන් කතා කරපු තමන්ගේ පුහුණුව, අත්දැකීම් වගේම වැදගත් දෙයක් තමයි දක්ෂතා කියන්නේ. තමන් දක්ෂ ක්ෂේත්රය තෝරාගන්න කෙනෙකුට පුහුණුව ඇතත් නැතත් ඒ ක්ෂේත්රයේ ඉහලට යන්න පුළුවන්. හැමකෙනෙක්ම දක්ෂ එක දෙයක් හරි තියනවා. ඒක අඳුනගන්න එකයි වැදගත් වෙන්නේ. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කියනවනේ.
බුද්ධියත් ඒ වගේ. තමන්ගේ බුද්ධි මට්ටම හඳුනාගෙන එයට ගැලපෙන රැකියාවකට යොමු වුනොත් සාර්ථකව ඒ රැකියාව කරන්න පුළුවන්.
අවසාන කාරණය තමයි පවුල් පසුබිම.රැකියාවකට යොමු වෙද්දී තමන්ගේ පවුලේ අයගේ අවශ්‍යතා, පවුල වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම් වගේ දේවල් ගැනත් සැලකිලිමත් වීම වැදගත්.
| මිනිසුන් සමග වැඩකිරීමට කැමති |
උදාහරණයක් විදියට දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීමේදී දරුවන්ගේ ආරක්ෂාව වගේ දේවල් ගැනත් අවධානය යොමු කල යුතු වෙනවා. මේ කියන කාරණා ඔක්කොම හොයලනම් රැකියාවක් ලබාගන්න වෙන්නේ නෑ කියල ඔබට හිතෙයි. නමුත් රැකියා අවස්ථා ගැන නිරතුරුව අවදියෙන් ඉන්නවනම් තමන්ට ගැලපෙන රැකියාවක් තෝරාගන්න එක ඒ තරම් අමාරු වෙන්නේ නෑ. ගැටලුව තමයි අපි රැකියාව ලඟට එනකම් බලාගෙන හිඳීම. එහෙම ඉන්නේ නැතුව හොයල බලන්නකෝ. ඔබට ගැලපෙන රැකියාවක් හොයාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. මේ ලිපි පෙළ මෙතනින් ඉවර නෑ. ඉදිරියේදී තවත් ලිපියකින් හමුවෙමු.
| 2011 සිහින උළෙල ප්‍රවේශපත්‍රය |
ප.ලි: ඔන්න හැමෝම දන්නවනේ මේ සැරේ සයිබර් සිහින උළෙල ගැන. දිනය අප්‍රේල් 21. ඉක්මන් කරන්න. සිහින උළෙලේ නිර්මාණ තරඟයට මේ දවස්වල නිර්මාණ භාරගන්නවා. ඒ වගේම ගිය අවුරුද්දේ වගේ සමරු කලාපයකුත් නිකුත් කරන්නයි යන්නේ. බ්ලොග් එකට ප්‍රචාරයක් දෙන්න වගේම සිහින උළෙලට දායකත්වයක් දක්වන්නත් කැමතිනම් නිල බ්ලොග් අඩවියට ගිහින් බලන්නකෝ.



හ්ම්ම්...මමත් බලන්න ඕනේ මට හරියන එක මොකද්ද කියලා!
ReplyDeleteඔව්. දැන්ම තියා තෝරාගන්න එක හොඳයි...
Deleteමම නම් දැන් තෝරගෙන තියෙන්නේ, මම මේ බැලුවේ අය්යා කියපු විදියටම මොනවා වුනත් මම තෝරන් තියනවා හරිම එක.. :D දැන් ඒ වෙනුවෙන් වැඩ කරන්න තමයි තියෙන්නේ, අර කිව්වත් වගේ මුලින් මුලින් මමත් ගැලපෙන දේ වුනත් තෝරාගත්තු දේට අකමැති වුනා, දැන් නම් කැමති නිසා වැඩේ හරි..
ReplyDeleteසුබපැතුම්....!
Deleteමේ ප්රෙව්ශපත්රය එදාට ප්‍රින්ට් කරන් එන්න ඕනෙද අපි ?
ReplyDeleteමාත් බැලුවේ ඒක තමයි...
Deleteඔච්චරටම ඕනනම් ප්‍රින්ට් කරලා ළඟ තියාගනිල්ලා...
Deleteසතූතියි මේක බෙදා ගත්තට!
ReplyDeleteෆාස්ට් බෝලර්ස්ලට ඉක්මනට කේන්ති යනවලු... එයාලට තරහ අඩු වෙන්න ට්‍රීට් කළොත් කලින් වගේ වේගෙන් බොල් කරන්න බෑලු. ඒක ඇත්ත ද?
ඔව්. ඔවුන්ගේ ආවේගශීලී බව නිසා තමයි ඒ විදියේ ෆාස්ට් බෝල් එවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ ආවේගශිලිත්වය නැතිවුනොත් ඒ විදියට බෝල් කරන්න බැරිව යනවා. ස්තුතියි අදහසට. ජය...!
Deleteමම ගැන කතා කරලා වැඩක් නැතිය
ReplyDeleteකතා කරන්නේද නැත. :P
Deleteමං කැමති රස්සා වලට අම්මලා කැමති නැත...
ReplyDeleteඅම්මලා කැමති ටයිකෝට් රස්සා වලට මං කැමති නැත...
මං කැමති රස්සා කවුරුත් මට දෙන්නේද නැත...
දෙන්නේ නම් නෑ මල්ලි. හොයාගන්න වෙනවා. සුබපැතුම්. ජය...!
Deleteමම නම් හිතන් උන්න,මම ආස කරන රැකියාව මට ලබුනා.ඒකට සතුටුයි!රැකියා හොයපු කාලෙත් මතක් වෙනව.ඉතිං දැනට රැකියා හොයන කට්ටියට ලොකු පණිවිඩයක්.ජය වේවා!!!
ReplyDeleteස්තුතියි. ජය..!
Deleteරස්සා කරන්න කලිං ඉගෙනගන්න ලු... :(
ReplyDeleteඒකත් හොඳයි. හැබැයි ඉගෙනගෙන ඉවරවෙලා රැකියා කරන්න ඉන්න එකනම් හොඳ දෙයක් නෙමෙයි.
Delete@Pradeep Gunarathna
Delete"හැබැයි ඉගෙනගෙන ඉවරවෙලා රැකියා කරන්න ඉන්න එකනම් හොඳ දෙයක් නෙමෙයි."
කියලා කිව්වේ..? ඒකෙන් අදහස් කරේ කුමක්ද..? :O
මොකද අපිට කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න වෙන්නේ නෑ. ඒකයි.
Deleteමන් ආස දේ මන් ඉගෙන ගත්තා ඒක නිසා මන් ආස කරන විදිහෙ ජොබ් එකක් ලැබුනා.මේ ජොබ් එකේ මුල් කාලේ කට්ට උනාට ඒ කට්ට කට්ටක් විදිහට දැනෙන්නෙ නෑ මොකද මන් ආස දේ කරන නිසා.
ReplyDeleteස්තුතියි අදහසට. ජය....!
Deleteහරිම වටිනා ලිපියක් .....
ReplyDeleteස්තුතියි නලින් අයියේ..
Deleteවටින ලිපියක්... මේ දවස් වල මම කැමති මොකටද කියල හිතාගන්න බැරුව ඉන්නෙ...
ReplyDeleteගැලපෙන, හොඳ පඩියක් ලැබෙන, නිදහසත් සෑහෙන දුරකට තියෙන රස්සාවක් තිබුනත් මට මේකට කිසිම කැමැත්තක් නෑ.... මේ සම්බන්දව උපදෙස් ගන්න පුළුවන් තැනක්, ක්‍රමයක් ගැන දැනුවත් කරන්න පුළුවන් නම් සෑහෙන වටිනව...
වෘත්තීය මාර්ගෝපදේශන ඒකක සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වලනම් තියනවා. වෙන තැන ගැනනම් දන්නේ නෑ. අපිට කතා කලොත් අදහසක් දෙන්න පුළුවන් වෙයි. 0772099578
Deleteබොහොම ස්තූතියි තොරතුරට...
Deleteකරන එක එපා වෙනකම් ආසාවෙන් කරනවා
ReplyDeleteඑපා උනාම වෙන එකක් හොයා ගන්නවා :D
ඒකෙත් නරකක් නෑ. ජය...!
Deleteමෙදා සැරේනං සුවර් නෑ බං.. :/
ReplyDelete21 වෙනිදට ඇවිත් යන්නවත් වරෙන්...
Deleteමමනම් මගේ හෑකියාව අදුරාගෙන කියලා මම හිතනවා ලගදීම තව ටිකක් ඉගෙන ගන්න බෑලුවේ ඉතින් මමත් කියන්නේ මේක නියම ලිපි පෙලක් අයියා බොහොම පින් මේ වගේ දෙයක් දමනවාට
ReplyDeleteස්තුතියි... ජය...!
Deleteඅතරමං නොවන්න හොඳ ලිපියක්..!
ReplyDeleteබලාපොරොත්තුවෙනවා තව කොටස්..
ස්තුතියි... ලියනවා අද හෙටම...
Deletebohoma wedagath lipi pelak ayya. Digatama liyanna.
ReplyDelete