Posted by Pradeep Gunarathna at 12:34 AM
Read our previous post
අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් වුණා. සමහර අයට හොඳ ප්‍රථිපල ලැබෙද්දී සමහරුන්ගේ ප්‍රථිපල එච්චර හොඳ වෙලා නැහැ. ඒ තමයි විභාගයක හැටි. හෙට අනිද්දට සාමාන්‍යපෙළ ප්‍රතිපල නිකුත් වුනාමත් වෙන්නේ ඔය ටිකම තමයි. විභාගය ඉහලින් සමත් වෙන අය විශ්වවිද්‍යාලෙ යනවා. ඉතුරු අය රැකියාවකට යොමු වෙනවා. සාමාන්‍යපෙළ අසමත්වෙන අයගෙන් බහුතරයකුත් උත්සහ කරන්නේ රැකියාවක් හොයාගන්න. ඒ වගේම උසස්පෙළ සමත්වෙලා විශ්වවිද්‍යාලෙ ගිය අයත් අන්තිමට එකතුවෙන්නේ රැකියා අපේක්ෂකරන්නන්ගේ ගොඩට. සමස්තයක් විදියට ගත්තම ශිෂ්‍ය ජීවිතේ අවසන් කරන හැම තරුණයෙක්ම තරුණියක්ම අපේක්ෂා කරන්නේ රැකියාවක්. ඒ අයගෙන් බහුතරයකට රැකියා ලැබෙන්නේ නැහැ. ලැබුනත් තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. නමුත් ඉරිදා පත්තරේ ගත්තම රැකියා පුරප්පාඩු ගැන දැන්වීම් තමයි බාගයක්ම තියෙන්නේ. මෙහෙම වෙන්නේ ඇයි? අද ප්‍රදීප්ගේ පිටුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණය ගැන.
රැකියා වර්ග කිහිපයක් තියනවා. එකක් තමයි manual work. ඒ කියන්නේ කිසිම පුහුණුවක් අවශ්‍ය නොවන රැකියා. උදාහරණ විදියට ගත්තොත් කාර්යාල කාර්ය සහායකයන්, කම්කරුවන් වගේ අය. එවැනි රැකියා කරන අය වැය කරන්නේ තමන්ගේ ශ්‍රමය. බුද්ධිය සහ දැනුම භාවිතා වෙන්නේ අඩුවෙන්. මෙවැනි අයෙක් තමන්ගේ රැකියාවෙන් ඉවත් වුනොත් එතනට වෙන කෙනෙක් පත් කරන එක අමාරු නැහැ. මොකද කලාතුරකින් කෙනෙක් ඇර ඕනෑම කෙනෙකුට ඒ රැකියාව කරන පුළුවන්. ඒ කියන්නේ ඒ රැකියාව කරන කෙනාගේ මුල්‍ය වටිනාමකම අඩුයි. ඒ නිසා බොහොම සුළු වැටුප් සහ වරප්‍රසාද යටතේ තමයි එවැනි සේවකයන්ට වැඩකරන්න වෙන්නේ.
දෙවෙනි රැකියා වර්ගය තමයි skilled manual work. මෙවැනි රැකියා වලට උදාහරණ තමයි පොල් කැඩීම, මහන යන්ත්‍ර ක්‍රියාකරවීම වගේ රැකියා. මෙවැනි රැකියා කරන්න ශ්රමයට අමතරව තමන් සතු කුසලතාවයන් භාවිතා කරන්න අවශ්‍යයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේ රැකියා කරන්න ලැබෙන්නේ නෑ. එවැනි සේවකයින්ට manual workers ලට වැඩිය වටිනාකමක් ලැබෙනවා. සාපේක්ෂව වැඩි වැටුපක් සහ වරප්‍රසාද.
තුන්වෙනි රැකියා වර්ගය තමයි vocations. එවැනි රැකියා කරන අය තමයි මෝටර් කාර්මිකයින්, වද්දුම්කරුවන්, මේසන් වරුන් වගේ අය. එවැනි රැකියා කරන්න ඔවුන්ට විධිමත් පුහුණුවක් ලැබිල තියනවා. ඒ පුහුණුව නැති අයට ඒ රැකියාව කරන්න බැහැ. ඔවුන් ඉවත් කරලා වෙන කෙනෙක් ඒ තනතුරට පත් කරනවානම් පත් කරන්න වෙන්නෙත් එවැනි පුහුණුවක් තියන කෙනෙක් විතරයි. ඒ නිසා එයාලට පුළුවන් එයාලගේ හැකියාවන් විකුනන්න. අනිත් කණ්ඩායම් දෙකටම වැඩිය එයාලට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද වැඩියි.
අනිත් කණ්ඩායම තමයි වෘත්තිකයන් (professionals). ඔවුන්ට විශේෂිත පුහුණුවක් වගේම වෘත්තීය සංගමයක සාමාජිකත්වයකුත්, නිරන්තර වැඩිදියුණු වන දැනුමකුත්, විධිමත් ප්‍රයෝගික භාවිතයකුත් අවශ්‍ය වෙනවා. එවැනි අයට උදාහරණ තමයි වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් වගේ අය. එවැනි අය ඉන්නේ සාපේක්ෂව බොහොම සුළු පිරිසක්. ඒ වගේම ඔවුන් කරන වෘත්තීය වෙන අයට කොහෙත්ම කරන්න බෑ. ඒ නිසාම ඔවුන්ට තමන්ගේ දැනුමට මිලක් නියම කරන්නත්, වැඩිම වටිනාකමට අලෙවි වෙන්නත් අවස්ථාව තියෙනවා. බොහෝවිට මෙවැනි වෘත්තිකයන් තීරන ගන්නේ ස්වාධීනව. ඔවුන්ට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද වැඩියි.
අනිත් කොටස පරිපාලන නිලධාරීන්. ඔවුන්ට තමන් වැඩකරන ක්ෂේත්රයේ ඉහල දැනුමක් සහ පළපුරුද්දක් තිබිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ පළමු රැකියාව විදියට පරිපාලන නිලධාරියෙක් වෙන්නේ නෑ. යම් කාලයක් ගියාට පස්සේ පෙන්වන දක්ෂතා මත තමයි පරිපාලකයෙක් වෙන්නේ.
අවසාන කොටස ව්‍යාපාරිකයින්. ඔවුන් තමයි සේවකයින් රැකියා වලට පත්කරන්නේ සහ වැටුප් ගෙවන්නේ. ඔවුන්ට තිබිය යුතු සුදුසුකම් තමයි මුදල් සහ ව්‍යාපාරික ඥානය. ගමේ කඩේ මුදලාලිගේ සිට විශාල සමාගම් හිමිකරුවන් දක්වා හැම කෙනෙක්ම බොහෝ විට විශාල ව්‍යාපාරිකයින් පහල මට්ටමේ අධ්‍යාපනයක් ලැබූ අය. නමුත් ඔවුන් ළඟ ඉතා ඉහල අධ්‍යාපනයක් සහිත විද්වත් වෘත්තිකයන් පවා සේවය කරනවා.
රැකියාවකට පිවිසෙන ඕනෑම කෙනෙක්ට මේ කියන වර්ග වලින් එකක් තමයි තෝරාගන්න වෙන්නේ. විශේෂයෙන්ම සාමාන්‍යපෙළ සහ උසස්පෙළ අවසන් කරපු ගමන්ම රැකියාවකට එනකොට අඩු වැටුපක් ලැබෙන රැකියාවක් තමයි තෝරාගන්න වෙන්නේ. එතකොට තමන්ට ලැබෙන වටිනාකම ගොඩක් අඩුයි. එතැනදී අපි කරන වැරදි දෙකක් තමයි පලවෙනි රැකියාවෙන් ඉහල වැටුපක් බලාපොරොත්තු වෙන එක සහ තමන් කරන පලවෙනි රැකියාව අවසාන රැකියාව කරගන්න එක.
සාමාන්‍යයෙන් තමන් කරන පලවෙනි රැකියාව අඩු වැටුපක් ලැබුනත් තමන්ට වැඩිදුර අධ්‍යාපනය ලබන්න විවේකයක් තියෙන එකක් වෙනවනම් ගොඩක් හොඳයි. හැම විෂය ක්ෂේත්රයකම ඉහලට යන්න අවස්ථා තියනවා. අධ්‍යාපන මට්ටම පහල තියෙන කෙනෙක්ගේ වුනත් පුහුණුව සහ දක්ෂතාවය මත ඉහලට යන්න අවස්ථා තියනවා. නමුත් එහෙම වෙන්නේ අපි ඒ අවස්ථාවලට දොර ඇරලා තියනවනම් විතරයි. ඒ විදියට තමන්ගේ ජීවිත කාලය තුළ වෘත්තීය දියුණුවක් ලැබීම හඳුන්වන්නේ career කියල.
තමන්ගේ ජීවිතේ කරන පලවෙනි රස්සාව සතියේ දවස් හතම වැඩ කරන රුපියල් 12000ක වැටුපක් ලැබෙන එකක්නම් සතියට දවස් 6ක් වැඩකරන රුපියල 9000ක වැටුපක් ලැබෙන රැකියාවකට මාරුවෙන එක හොඳයි කියලයි මමනම් දකින්නේ. ඉතුරු දවසේ ගෙදරට වෙලා නිදාගන්න නෙමෙයි. වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න. ඔබ manual worker කෙනෙක් හරි skilled manual worker කෙනෙක් හරි නම් වෘත්තීය පුහුණුවක් ලබාගන්න උත්සහ කරන්න. උදාහරණයක් විදියට ඔබ පරිගණක ටයිප්සේටර් කෙනෙක් විදියට වැඩ කරනවානම් graphic designer කෙනෙක් වෙන්න අවශ්‍ය පුහුණුව ලබාගන්න. අවස්ථාවක් තියනවනම් විශ්වවිද්‍යාල පවත්වන සන්ධ්‍යා පාඨමාලාවකට හරි සතිඅන්ත පාඨමාලාවකට හරි සම්බන්ධ වෙලා සුදුසුකම් වැඩිකරගන්න උත්සහ කරන්න. තමන්ගේ වටිනාකම වැඩිකරගන්න තරමට අයිතිවාසිකම් ඉල්ලන්න තමන්ට වැඩි අයිතියක් ලැබෙනවා.
තව දෙයක්. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වෙන අය රජයෙන් තමන්ට රැකියාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඔබ විශ්වවිද්‍යාලයෙන් ඉවත්වුනත්, උපාධිධාරියෙක් වුනත් ඔබේ උපාධිය LLB හරි MBBS හරි නොවුනොත් ඔබටත් වෙන්නේ අනිත් අය වගේම රැකියා පෝලිමට එකතුවෙන්න. ඔබට B.Sc. නැත්නම් B.A. එකක් තිබීම ඇරෙන්න රැකියා වෙළඳපොලේ විකුනන්න පුළුවන් වෙන සුදුසුකම් ඔබ ළඟ නෑ. ඒ නිසයි ඔබට රජයෙන් ලැබෙන සුළු රැකියාව බලාගෙන ඉන්න වෙන්නේ. ඒ නිසා පුලුවන්නම් විශ්වවිද්‍යාලෙ ඉන්න ගමන් වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. පුළුවන් හැමවෙලාවෙම තමන්ගේ දක්ෂතා, දැනුම, වටිනාකම් වැඩිකරගන්න උත්සහ කරන්න. තමන් දැන් කරන රැකියාවට වැඩ උසස් තැනකට යන්න තියන අවස්ථා ගැන හොයල බලන්න. ඒකට අවශ්‍ය සුදුසුකම් ඇතිකරගන්න. විශේෂයෙන්ම තමන්ගේ දක්ෂතා සහ කැමැත්තට ගැලපෙන රැකියා ක්ෂේත්රය තෝරාගන්න උත්සහකරන්න. එතකොට ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙයි.
හැමෝම දන්නවනේ මේ සැරෙත් සයිබර් සිහින උළෙල පැවැත්වෙනවා. අප්‍රේල් 21 වෙනිදා. ඔන්න පලවෙනි තරඟය පටන් අරගෙන කියලයි කියන්නේ. එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසක හමුවෙමු.





අනේ මන්ද බන් , මට නම් මේ ගැන තියෙන ප්‍රශ්නේ උබ දන්නවනේ
ReplyDeleteඔහොම තමයි බන්, ප්‍රශ්න එනවා. නමුත් උඹ දක්ෂයෙක්. ඒ දක්ෂතාවයට වටිනාකමක් දෙන දෙයක් කරපන්. ජය...!
Deleteනොදන්න බොහෝ දේ ඉගෙන ගත්තා... බොහොම අගෙයි... ජය වේවා...
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවට. ජය...!
Deleteසිරාවටම ලියලා... ස්තූතියි. ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්!
ReplyDeleteස්තුතියි මල්ලි.
Deleteවෙනදා වාගේම අදත් රටක් වටින ලිපියක්
ReplyDeleteස්තුතියි අටමෝ.
Deleteගොඩක් වටින ලිපියක්! අනික ගොඩක් අය අතරමං වෙන පැත්තක්!
ReplyDeleteගොඩක් අය අතරමන් වෙන පැත්තක් නිසයි මේ ගැන ලියන්න හිතුවේ. ස්තුතියි මල්ලි.
Deleteපට්ටයි!වැදගත්ම කාලීන ලිපියක්!ජය වේවා!!!
ReplyDeleteඑල. ජය වේවා...!
Deleteඉතාමත් වටිනවා . ඔයා හොඳින් විස්තර කරල තියෙනවා. ස්තුතියි .
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවට..!
Deleteරැකියාවකට යන්න ඉන්න හා ඉන්න තැනින් ඉහලට යන්න බලාපොරොත්තු වෙන අයට ඉතාම හොද ලිපියක්.පුද්ගලිකව මාත් ගොඩක් දේවල් දැනගත්තා,ගොඩක් ස්තූතියි..
ReplyDeleteස්තුතියි...!
Deleteහුගක් වටින ලිපියක් ඒ වගේම තව දෙයක් තමන්ගේ ජිවිතය හදා ගන්න ඔනේ තමන්මයි එයට තමන් උත්සාහයකින් යුක්තව වෑඩ කල යුතුයි එවිට ඔබට ජයාග්රාහකයකු විය හෑකිය.මොකද මම හිතන එකක් තමා උත්සාහය මිනිසාගේ දියුනුවේ හෙවනෑල්ලයි
ReplyDeleteඅනිවාර්යයෙන්ම. ස්තුතියි මල්ලි අදහසට. ජය....!
Deletethanx aiyaa. good post.
ReplyDelete(y) ස්තුතියි නංගි..
Deleteමට නම් ටිකක් වෙනස් ප්‍රශ්නයක් තීන්නේ
ReplyDeleteකෝම වුනත් තැන්කූ අයියණ්ඩ අයියණ්යා..
//අයියණ්ඩ අයියණ්යා// මේ මොකාද බං මේ? ටැංකු ඈ....
Deletelike like මේකට නම් හොදටම like
ReplyDeleteතැන්ක්ස් තැන්ක්ස්...
Deleteවැදගත් පෝස්ටුවක්..
ReplyDeleteස්තුතියි...!
Deleteමාරම වටින ලිපියක් අයියේ... මම දෙගිඩියාවෙන් හිටි ප්‍රශ්නෙකට උත්තරේ ලැබුනා මේ ලිපියෙන්
ReplyDeleteඅහන්නත් සන්තෝසයි.... ස්තුතියි නංගි...!
Deleteඋසස් පෙළ කලාට පසු හුඟ දෙනෙක් අතරමං වන තැනක් මේක...
ReplyDeleteලංකාවේ skilled workers ල තමන් ගේ හැකියාව හරියට දන්නේ නැහැ...පිටරට රැකියාවකට යන්න ගියාම තමයි මේ ගැන හරියටම දැනගන්නේ..
ඔයාගේ ලිපියෙන් මේ ගැන කියාදුන්න එක හරිම වැදගත්...
අනිවාර්යයෙන්ම. ස්තුතියි අදහසට....!
Deleteලිපියේ වටිනා කම මේ වන විටම පෙනෙන්න තියනවනේ ප්‍රදීප් ඔබ ඉතාමත් සාර්ථකයි
ReplyDeleteස්තුතියි නලින් අයියේ...
DeleteBohoma wadagath lipiyak aiye..
ReplyDeleteApita tiyana sudusukam walata job hoyanda gyamai godak ayata waradinne..
Tamanta labena job eka tamamnta tyna sudusukam walata wada adu mattamaka ekaknam godak denek e awastawa magaharina.
Tamanta labena palaweni job ekama tamanta tiyana sudusukam walata hariyana ihalama thathwe ekak wenna ona kylai godak dnek hitanne..
Anika,sampradaika mawathaka yanawa arenna.aluth aluth dewal danagena,tamange hakiyawan osse yana pirisa adui..
Boho denek athrupthakara rakiyawala nirathawenne e nisa wenna ati.
Hama dawasakma,tamange aramuna mkakda,mama tawa eka adiyak hari issarahata ynawa kyla hitn,dirgakalina ilakka wenuwen wada karanawanam hodai.
Tamanta labena palamu rakiyawa,yahapath dyk nam tamanta ita wada sudusukam tibunat,tamanta ita wada hoda job ekak labenakam ara job eka karana ekai hoda..
Nathnam hamadama job na job na kya kya inna wenawa tamai..
E job eken labena athdakim ilaga job ekata shakthiyak wenawane.
Bohoma sthuthi mewan lipiyak liwimata..
ස්තුතියි මල්ලි අදහසට....
Delete//පලවෙනි රැකියාවෙන් ඉහල වැටුපක් බලාපොරොත්තු වෙන එක //
ReplyDeleteමේ ගැන හොඳ විස්තරයක් තියෙනවා Rich Dad Poor Dad කියන පොතේ. ලංකාවේ හැම කෙනෙක්ම කියවන්න වටිනා පොතක්. ඒ පොතේ හැටියට අපි පලවෙනි රස්සාව කරන්න ඕනේ නොමිලේ. ඒ කියන්නේ ඒ රස්සාවෙන් අපිට නොමිලේ මොනම හෝ ක්ෂේත්රයක් ගැන අධ්‍යාපනයක් දෙන නිසා.
//ඔබට B.Sc. නැත්නම් B.A. එකක් තිබීම ඇරෙන්න රැකියා වෙළඳපොලේ විකුනන්න පුළුවන් වෙන සුදුසුකම් ඔබ ළඟ නෑ//
මේ යථාර්ථය තමයි අපි තේරුම් ගත යුත්තේ. අද්යාපනය කියන්නේ එකක් වෘත්තීය දැනුම කියන්නේ තව එකක්. අධ්‍යාපනය අපි ලබන්න ඕනේ දැනුම වර්ධනයට, නමුත් රැකියාවක් කරනවා නම් වෘත්තීය සුදුසුකම හෝ වෘත්තීය පල පුරුද්දක් අවශ්‍යයි.
ඔයාගේ ලිපිය ඉතාම කාලීන වැදගත් එකක්. මම හිතන විදියට කෙනෙකුගේ උපාදිය වැදගත් වෙන්නේ උසස්වීම් වලදී. එතනදී ඔවුන්ට ප්‍රමුඛත්වය ලැබෙනවා.
ස්තුතියි සු දී ක අයියේ....
Deleteබොහෝම වැදගත් ලිපියක්. රස්සා හොයන අයට විතරක් නෙමේ රස්සා කරන අයටත්.
ReplyDeleteස්තුතියි
Deleteවැදගත් ලිපියක්...
ReplyDeleteස්තුතියි
Deleteව්‍යාපාරිකයෙක් උනානං හරි වගේ..
ReplyDeleteමට ඔය කාගෙවත් යටතේ වැඩකරන්න ටිකක් අමාරුයි..
උඹට නම් බැරිවෙයි තමයි. සුබපැතුම් අරමුණට. ජය...!
Deleteමං රට පැන්නේ ඒකනේ ප්‍රදීප් අයියේ.. කෝම උනත් මේ විස්තරේ මාර වටිනවා..
ReplyDeleteමේක කොයි රටටත් පොදුයි. බලන්නකෝ ඔය වැටෙන්නේ මොන ගොඩටද කියල. ස්තුතියි මල්ලි.
Deleteවිස්තරය ගොඩාක් වටිනවා.මම රස්සාවක් කලත් කවදා හරි ඕන වේවි කියලා හිතෙනවා.
ReplyDeleteස්තුතියි යාලු..
Deleteකාලීන වැදගත් ලිපියක්.
ReplyDeleteස්තුතියි... :)
Deleteමමත් මගේ ජීවිතයට අළුත් දෙයක් ගත්තා මේ තුළින් තැන්ක්ස් ගොඩක් වටින ලිපියක්.. :)
ReplyDeleteස්තුතියි ගැජට්....!
Deleteඅපි කොයි සැට් එකේද කියල දුන්නාට තුති :)
ReplyDeleteජය !
:) ආවට ස්තුතියි සැමෝ... ජය...!
Delete