Comments

Friday, May 10, 2013

අරක්කු 02 - මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය

Posted by at 12:03 AM Read our previous post
ගිය සතියේ මත්පැන් ගැන ලියලා බැනුම් අහන්නත් වුණා.
//අඩො සභාපතිතුමා උබ නයාට ගහල පොල්ල වරද්ද ගත්තා හරිය අඩෝ අපේ අරක්කු ටිකටත් කෙල්වන්න හිතුව මදි දැන ගනින් අඩෝ පොඩි අඩියක් ගහල අපි ආතල් එකක් ගන්නවට තොපි ඉරිසියයි නේ ඉරිසියාකාරයො මංකොල්ල කාරයෝ නරක සමනලයා හාවා පුසා...ගෙම්බා මගුරා..ගර්‍රර්‍රර්‍රර්‍ර//

 එහෙම වුණා කියලා නොලියා ඉන්න පුලුවන්ද? මත්පැන් ගැන කලින් පෝස්ට් එකේ අහල තිබුණු සමහර දේවල් පැහැදිලි කරන්නයි, අලුත් කරුණු ටිකක් කියලා දෙන්නයි තමයි මේ සුදානම් වෙන්නේ.

මත්ද්‍රව්‍ය කියන්නේ ඇල්කොහොල් විතරද? නැහැ. විවිධ මත්ද්‍රව්‍ය වර්ග තිබෙනවා. ඒවාගේ තිබෙන පොදු ලක්ෂණය තමයි මේ හැම එකක්ම වගේ මානසික උත්තේජක (Psychoactive drugs). මේවා මගින් විවිධ ආකාරයෙන් අපේ මනස උත්තේජනය කරනු ලබනවා. මිනිසා ශිෂ්ටාචාරයට පැමිණි කාලයේ සිටම, ඇතැම් විට ඊටත් පෙර සිට විවිධ අපහසුතාවයන් නැතිකරගැනීම, ආගමික අරමුණු වැනි දේ සඳහා මානසික උත්තේජක භාවිතා කරලා තිබෙනවා. පැරණි මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පවා අබිං ආශ්‍රිත මත්ද්‍රව්‍ය භාවිතා කරලා තිබෙනවා.

නමුත් මේ හැම මානසික උත්තේජකයකම මත්ද්‍රව්‍යයක් විදියට පිළිගන්නේ නෑ. උදාහරණයක් විදියට "තේ". තේ වල L-theanine කියන උත්තේජකය අඩංගු වෙනවා. එයින් මිනිසාගේ මනස සන්සුන් සහ යමක් කෙරෙහි වැඩිපුර අවධානය දැක්විය හැකි ඵලදායි බවට පත් කරනවා. ඒ වගේමයි කෝපි. නමුත් ඒවා මත්ද්‍රව්‍ය විදියට සැලකෙන්නේ නෑ. හේතුව තමයි ඒවා මගින් මිනිසාට හානිකර බලපෑම් ඇති නොකිරීම. 

මිනිසාට වවිධ හානිකර බලපෑම් ඇතිකරන මානසික උත්තේජක කාණ්ඩ කිහිපයක් තිබෙනවා. මේවා විවිධ පොත් වල විවිධ විදියට කාණ්ඩ කරලා තියෙන්නේ. මේ එයින් එක වර්ග කිරීමක්.

  1. Psychostimulants
  2. Alcohol 
  3. Tobacco - දුම්කොළ ආශ්‍රිත මත්ද්‍රව්‍ය 
  4. Hypnosedatives
  5. Cannabis - ගංජා ආශ්‍රිත මත්ද්‍රව්‍ය 
  6. Cocaine 
  7. Opioids - අබිං ආශ්‍රිත මත්ද්‍රව්‍ය 
  8. Hallucinogens 
  9. Inhalants
මේ කාණ්ඩ වලට අයත් විවිධ නිෂ්පාදන සිය ගණනක් ලෝකයේ විවිධ ප්‍රදේශ වල දැකගන්න පුළුවන්. ඇතැම් ඒවා සුළු ප්‍රමාණ වලින් ඖෂධ ලෙස භාවිතා කරනවා. ඒ වගේම ඇතැම් ඖෂධ මත්වීම සඳහා භාවිතා කිරීම මෑත කාලයේ සුලබව දක්නට ලැබුණු දෙයක්.

මේ මානසික උත්තේජක වැරදි විදියට භාවිතා කලොත් ඒක ශරීරයට, මනසට, පවුලට සහ සමාජයට විශාල බලපෑමක් ඇති කරනවා. මෙය හඳුන්වන්නේ මත්ද්‍රව්‍ය අවභාවිතය (Substance Abuse) කියලා. මත්ද්‍රව්‍ය අවභාවිතය හඳුනාගන්නේ කොහොමද?

  • හානිකර ප්‍රමාණ වලින් මත්ද්‍රව්‍ය ගැනීම.
  • එමගින් සමාජමය සහ එදිනෙදා ජීවිතයේ කටයුතු අඩපන වීම.
  • මෙම තත්වය මාසයක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ පැවතීම.
මෙවැනි ලක්ෂණ තියන කෙනෙක් මත්ද්‍රව්‍ය අවභාවිතයට ගොදුරු වූ කෙනෙක් විදියට නම් කරන්න පුළුවන්.

මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වුන කෙනෙක් පසුකරන අවධි කිහිපයක් තිබෙනවා. පළමු අවධිය තමයි තමාගේ ප්‍රයෝජනය සඳහා මත්ද්‍රව්‍ය ගැනීම. මේ අවධියේදී පුද්ගලයා අදාල ද්‍රව්‍යය තමාගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරනවා (Beneficial use). උදාහරණයක් විදියට ඇතැම් ඖෂධ දක්වන්න පුළුවන්. එයින් යම් මත් භාවයක් ඇති කලත් ඖෂධයක් විදියට එය ප්‍රයෝජනයට ගන්නවා. දෙවෙනි අවධිය තමයි ගැටලු සහගත නොවන භාවිතය (Casual/non-problematic use). මේ අවධියේදී පුද්ගලයා සීමාවක් සහිතව මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. උදාහරණයක් විදියට උත්සව අවස්ථාවකදී මත්පැන් සුළු ප්‍රමාණයක් ගැනීම දක්වන්න පුළුවන්. තුන්වෙනි අදියර තමයි ගැටළු සහගත මත්ද්‍රව්‍ය භාවිතය (Problematic use). මේ අදියරේදී පුද්ගලයා තමාට, තමාගේ අවට සිටින අයට සහ සමාජයට හානිකර වන මට්ටමින් මත්ද්‍රව්‍ය ගැනීම සිදු කරනවා. උදාහරණයක් විදියට රිය පැදවීමට අපහසු වන තරමට මත්පැන් ගැනීම දක්වන්න පුළුවන්. 

අවසාන අදියර තමයි මත්ද්‍රව්‍ය මත යැපෙන (ඇබ්බැහි වූ) අවස්ථාව (Dependence). මේ අවස්ථාවේදී පුද්ගලයා මත්ද්‍රව්‍ය මත යැපෙන අවස්ථාවකට පත් වෙනවා. එහිදී ඔවුන් තුල දක්නට ලැබෙන ලක්ෂණ පසුගිය ලිපියෙනුත් සාකච්ඡා කළා.


  • මත්පැන් ගැනීමේ දැඩි ආශාව 
  • මත්පැන් ගැනීම අඩු කිරීමට හෝ නැවත්වීමට අපහසු වීම.
  • එලෙස අඩු කිරීම හෝ නැවත්වීම නිසා විරමණ ලක්ෂණ (withdrawal symptoms) ඇති වීම.
  • මත්පැන් ශරීරයට දරාගැනීමේ හැකියාව වැඩි වීම.
  • ජීවිතයේ එකම සතුට මත්පැන් බව සිතීම.
  • මත්පැන් පානය හානිකර බව දැන දැනම මත්පැන් පානය කිරීම.

එවැනි පුද්ගලයෙක්ට මත්ද්‍රව්‍ය දරාගැනීමේ හැකියාව වැඩි වෙනවා. එහිදී ඔහුට අපහසුතා වලින් තොරව මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ශරීරගත කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙවැනි පුද්ගලයන් මත්ද්‍රව්‍ය ගැනීම අඩු කලොත් හරි නැවැත්තුවොත් හරි අපි කලින් ලිපියේ සාකච්ඡා කරපු විරමණ ලක්ෂණ දැකගන්න පුළුවන් වෙනවා. 
සෑම දරුවන් 4 දෙනෙක්ගෙන්ම එක අයෙක් වැඩෙන්නේ බීමත් පුද්ගලයෙක් සිටින නිවසක ය.

නමුත් මේ ඇබ්බැහිවීම සහ පුරුද්දක් වශයෙන් මත්ද්‍රව්‍ය ගැනීම (Habituation) කියන්නේ දෙකක්. පුරුද්දක් වශයෙන් මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් තුල මත්ද්‍රව්‍ය ගැනීම සඳහා දැඩි ආශාවක් ඇතිවන්නේ නෑ (No compulsion to drink). ඒ වගේම තමන් ගන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නෑ. මත්ද්‍රව්‍ය ගැනීම අඩු කලොත් හරි නැවැත්තුවොත් හරි විරමණ ලක්ෂණ ඇතිවෙන්නේ නෑ. එවැනි කෙනෙකුට මත්ද්‍රව්‍ය නවත්වන්න අවශ්‍යනම් නැවැත්වීමේ ගැටළුවක් ඇතිවෙන්නේ නෑ. නමුත් ඇබ්බැහි වුන කෙනෙක්ට මත්ද්‍රව්‍ය නවත්වන්න අවශ්‍යනම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න බලපාන හේතු කිහිපයක් තියනවා.

  1. පුද්ගලයාගේ චරිත ලක්ෂණ සහ අත්දැකීම්.
  2. ආසන්න සමාජ වටපිටාවේ තත්වය.
  3. භාවිතා කරන මත්ද්‍රව්‍යයේ ස්වභාවය.
සමහර මත්ද්‍රව්‍ය දෙතුන් වතාවක් ගත්තත් ඇබ්බැහි වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය අතරින් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පිරිසක් ඇබ්බැහි වූ මත්ද්‍රව්‍යය තමයි ඇල්කොහොල්. ඊළඟට ගංජා. පහුගිය ලිපියේ කතා කරපු ඇල්කොහොල් හානිකර නොවන  ප්‍රමාණය භාවිතා කලොත් ඇබ්බැහිවීම කියන තත්වයට පත් වීමේ හැකියාව අඩු කරගන්න පුළුවන්.
සීමාව දැනගෙන බොන්න.

මත්ද්‍රව්‍ය අවභාවිතය නිසා පුද්ගලයාට, පවුලට, සමාජයට, ආර්ථිකයට,රැකියාවට හා නීතිමය වශයෙන් ඇතිවන බලපෑම් වෙන වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි ජීවත් වන වටපිටාවේ ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් හොයාගන්න පුළුවන් නිසා ඒ ගැන ලියන්නේ නෑ. ඉදිරියේදී ඒ ආශ්‍රිත සිද්ධි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. 

අවසාන වශයෙන් පහුගිය ලිපියෙදී කීප දෙනෙක්ම අහපු ඇල්කොහොල් යුනිට් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්. යුනිට් එකක් කියන්නේ ඇල්කොහොල් අඩංගු පානයක ශුද්ධ ඇල්කොහොල් පරිමාව මනින ඒකකයක්. බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව ඇල්කොහොල් යුනිට් එකක් කියන්නේ මිලිලීටර් 10 ක පරිමාවක්. යම් ඇල්කොහොල් සහිත පානයකින් පිරවූ වීදුරුවක් තුල ශුද්ධ ඇල්කොහොල්  මිලිලීටර් 10 ක් තිබෙනවා නම් එම මත්පැන් වීදුරුවේ ඇල්කොහොල් යුනිට් එකක් තිබෙනවා. තව විස්තර අවශ්‍යනම් මෙතනින් බලන්න.
යුනිට් ගාන මැනගන්න 

කලින් ලිපියෙන් පොරොන්දු වුනු ජීවන කුසලතා ලිපි පෙළ ඉක්මනින් ලියනවා. ඒ වගේම ඩිමෙන්ෂියාව ගැනත් ලියන්න හිතාගෙන ඉන්නේ. කාලය තමයි හිග. වෙලාවක් තිබුනොත් ප්‍රදීප්ගේ පිටුව ගැන ඔබේ අදහස් මෙතනට ගිහින් අපිට ලියල එවන්න. එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් අලුත් මාතෘකාවකින් හමුවෙමු.

48 comments:

  1. ආ.....යේ.. බොන්නේ නා... බුදු අයියේ.. (අමුවෙන්) :D

    ReplyDelete
    Replies
    1. ඕනෑ මගුලක් කරගනිං. මයෙ මොකෝ...

      Delete
    2. අපේ සර් කිවුවා වතුර සැන්ඩි කරහන් කියලා... එතකොට වැඩි අවුලක් නැති(ලු) (කෙමිස්ට්‍රි සර්) ^_^ grrrrrr අර..

      මාත් කටේ තියන්නේ නැහැ ඈ .. ;-)

      Delete
    3. එහෙම කිව්වනං ඉතින් එහෙම කොරපන්... කටේ තියන්නේ නැතුව උගුරටම හලා ගන්නවා නේද?

      Delete
    4. නොහික්මුණු මලේ ආයි මාත් කටේ තියන්නේ නෑ.... අර විදියට කරමු උගුරටම හලාගම්මු.

      Delete
  2. njiyama post eka ඈ පට්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා.

      Delete
  3. :D අදාල ඇත්තෝ බලා ඇත
    @යමින්

    ReplyDelete
  4. දෙය්යන්ගෙ පිහිටේන් පරන කෙල්ලට පිං සිද්ධ වෙන්ට අදටත් බොන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඒ කෙල්ල "පරණ" වුනේ. ජය...!

      Delete
  5. රා කසිප්පු ගැන තිබුනෙ නැහැ..ඒ දෙක අවුලක් නැතුව ඇති මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇල්කොහොල් කිව්වම ඔක්කොම අයිතියි මචං.

      Delete
  6. අම්මපා කවුද හැබැට අර බැනපු අසත්පුරුෂයා හික්ස්....ප්‍රදීප් මල්ලි වගකීම ඉටුකිරීම ගැන සතුටුයි...!!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා... හරිම අප්‍රසන්නයි ඈ.. ස්තුතියි අයියන්ඩි.... ජය...!

      Delete
  7. උඹ හොද එකා, වෙන එකාල බොන්ඩම එපා කියද්දි , උඹ දවසකට යුනිට් 4ක් ගහන්ඩ කියුවනේ ,

    මේ පරදීප් මහත්තයෝ අපේ හාමිනේ බොන්නේ නැති හන්දා උන්දැගේ යුනිට් තුනත් මම බිව්වොත් අවුල් වෙයිද.

    ReplyDelete
    Replies
    1. අවුලක්මත් නෑ අටං අයියේ... බීල බලල අවුල් වගේනම් නවත්තපන්....

      Delete
  8. වටිනවා වටිනවා... මගේ පොඩි එකාටවත් පෙන්නන්න පුළුවන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ පොඩි ඒකත් බොන්න පුරුදු වෙලාද?

      Delete
    2. ප්‍ර‍දීප් අය්යේ,, ඔය උඩ ඉන්න එකාගේ ඇඟේ ඇල්කොහොල්වල ලේ චුට්ටක් තියනෝලු,, ඒ නිසා පොඩි එකා උපතින්ම බේබදු වෙලා.. O.o

      Delete
  9. මචන් රා වල ඇල්කොහොල් සාන්ද්‍රණය සාපේක්ෂව අඩුයි නේද? රා වත් බොන්න පුරුදු වෙන්න කියල බැලුවෙ :D

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් ඔව්. පුරුදු වෙන්න කියලා නම් කියන්නේ නෑ. :P

      Delete
  10. aththatama meeta kalin dapu post eka balala mama bona eka nawaththuwa... eth eye ayamath strong bear ekaka biwwa..dan tri karanne safe drinkin...walata..

    ReplyDelete
    Replies
    1. මත්පැන් පානය නවත්වන අයගෙන් 90% ක් නැවත අවස්ථාවකදී මත්පැන් ගැනීමේ අවදානමක් තියනවා. ඒ නිසා ආයෙත් උත්සාහ කරන්න. ජය...!

      Delete
    2. ayamath dinayak daganna wenawa..me sare mama hamotamakiyala nawaththuwe...wasa lajjawa..wife tath kiwwa..eth hamadama bonne naha..mada pamanin thamai..

      Delete
    3. නවත්තන්න තවදුරටත් සහය අවශ්‍යයි කියල හිතෙනවා නම් අපි උදවු කරන්නම්. ඊමේල් එකක් එවන්නකෝ. gpcguna@gmail.com

      Delete
    4. onna ewwa balamu ehemawath

      Delete
  11. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
  12. අගනා ලිපියට ස්තුතියි ප්‍රදිප්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් අයියේ...

      Delete
  13. Replies
    1. විකල්ප තියනවා. නමුත් ඒවා එකිනෙකාට වෙනස්. ඒ නිසා එක එක පුද්ගලයාට ගැලපෙන විකල්ප හඳුන්වා දෙන්න වෙනවා.

      Delete
  14. ඈක්කා..... අරක්කු

    ReplyDelete
  15. මේ දුම් වර්ග වලට ඔය වගේ මනින්න එකක් නැද්ද.

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් නෑ.

      Delete
  16. ඇත්තටම කට්ටිය බොන්නේ නොබිව්වොත් ලෙඩ වෙයි කියලා හිතලා වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන අයත් ඉන්නවා තමයි.

      Delete
  17. ඉඳ හිටල ගන්න වෙලාවට මේවත් මතකයට ඒවි

    ReplyDelete
  18. මම අදමයි මේ පැත්තේ ආවේ වටිනා බ්ලොගයක්.
    Cannabis -නැත්නම් ගංජා වලින් ශාරීරික හානි සිදු නොවන බවට මතයක් තිබෙනවා එහි ඇත්තක් තියෙනවද

    ReplyDelete
  19. good post pradeep write about smoking and give the message to stop for young to save the money on health.excellent work keep it up.

    ReplyDelete
  20. වටිනා ලිපියක්

    ReplyDelete
  21. මචං ඔය දිලිනියි ආචාරියයි කියන්නේ එකම එක් කෙනෙක් නම් දෙකකින් කරන වැඩක්.

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template